ඩෙල්ටා ප්‍රභේදය මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික විශේෂඥයෙකුගෙන් පිළිතුරු (SBS සිංහල/ වාර්තා)

Olympic Park vaccination hub

Source: James Gourley - Pool/Getty Images

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් රෝහල් ගත වීමේ අනුපාතය, කොවිඩ් එන්නත්වල ආරක්ෂාව සහ සාර්ථකභාවය සහ Long Covid නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය පිළිබඳ බෝවන රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය සංජය සේනානායක මහතා ගේ පැහැදිලි කිරීම් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • ලොව බොහෝ රටවල මෙන් ඔස්ට්‍රේලියාවද මේ වන විට කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා බරපතල අභියෝගවලට මුහුණ දෙමින් සිටී.
  • පසුගිය පෙබරවාරි මාසයේදී මුල් වරට හඳුනාගත් මෙය ප්‍රථමයෙන් B.1.617.2 නමින් හඳුන්වනු ලැබූ අතර මාරාන්තික ආසාදන රැල්ලකට මෙය තුඩු දුන්නේය.
  • මෙම ප්‍රභේදය ලොව රටවල් 78 කදී හඳුනාගෙන ඇති අතර බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ රුසියාවේ බහුලව දක්නට ලැබෙන බව කොරෝනා සහ ඉන්ෆ්ලුවෙන්සා වයිරස් අනුපිළිවෙල සඳහා දත්ත හුවමාරු කිරීමේ පෙන්වා දෙයි.

ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය විය හැක්කේ කෙසේද? එය සම්ප්‍රේෂණය වීම සඳහා මිනිසුන් කොපමණ වේලාවක් සමීපව සම්බන්ධව සිටිය යුතුද?

ඩෙල්ටා ප්‍රභේදය යනු COVID-19 වසංගතය ආරම්භ වීමට මුල්වූ SARS-CoV-2 වයිරසයම වේ. එය ආසාදනය වීමේ වැඩි සම්භාවිතාවක් දක්වන ප්‍රභේදයක් පමණි.

මෙම වයිරසය ප්‍රධාන ආකාර තුනකින් ව්‍යාප්ත වන බව සඳහන් කරයි:

01. බෝවන වයිරසය අඩංගු ඉතා කුඩා සියුම් බිඳිති සහ ඒරොසෝල් අංශු සමඟ වාතය ආශ්වාස කිරීම.

ආසාදිත අංශු වල සාන්ද්‍රණය වැඩිම වන විට බෝවන රෝගියෙකු සිටින මීටර් 1-2 ක් පරිසරය ඇතුළත අවදානම වැඩිය.

දුර්වල වාතාශ්‍රය සහිත සංවෘත ස්ථාන වල මෙය බොහෝ විට සිදු වේ.

02. ආසාදිත පුද්ගලයෙකු කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිට කරන ලද බිඳිති සහ අංශු වෙනත් පුද්ගලයෙකුගේ නාසය, මුඛය හෝ ඇස් මතට වැටීමෙන්.

03. වයිරස් අංශු ඇති අපිරිසිදු දෑතින් ඔබේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීම.

මෙම වයිරසය බෝවීමට ආසාදිත පුද්ගලයෙකු සමඟ නිරෝගී පුද්ගලයෙකු කොපමණ වේලාවක් සම්බන්ධතාවයේ සිටිය යුතුද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පහත අයුරින් පැහැදිලි කර තිබේ:

  • ආසාදිත පුද්ගලයෙකුගේ බෝවන කාලය තුළදී කුමන කාලයකට හෝ මුහුණට මුහුණ සම්බන්ධතා පැවැත්වීම හෝ අවම වශයෙන් පැයක කාලයක් වසා ඇති ඉඩක ආසාදිත පුද්ගලයෙකු සමග හිඳීම.
  • වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහළ යැයි සැලකෙන ස්ථානයකට ගොස් තිබීම.
Kituo cha chanjo katika kitongoji cha Lakemba
A health worker is seen in a medical centre in Lakemba which offers COVID-19 vaccines on July 22, 2021 in Sydney, Australia. Source: Jenny Evans/Getty Images

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට කළ හැක්කේ මොනවාද?

01. ඔබට මද වශයෙන් හෝ නාසය බුරුල් වීම, උගුරේ අමාරුව, උණ,  කැස්ස හෝ හිසරදය වැනි කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් නිවසේ හුදකලා වන්න.

02. ඔබ යම් ස්ථානයකට ඇතුළු වන විට එහි ඇති QR කේතය scan කරන්න.

 03. හැකිතාක් ජනයා විශාල ලෙස රැස්වන අවස්ථා වලින් ඉවත් වෙන්න.

04. මුව ආවරණ පැළඳීම පිළිබඳව ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

05. හැකිතාක් පුද්ගල දුරස්ථභාවය තබාගන්න.

06. විශේෂයෙන් කෑමට පසු හෝ වැසිකිලියට ගිය පසු සබන් යොදා ජලයෙන් ඔබේ අත් සෝදන්න. සබන් සහ ජලය නොමැති නම් hand sanitiser භාවිතා කරන්න.

07. කොවිඩ් එන්නත ලබාගන්න.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


COVID-19 හේතුවෙන් තරුණ හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බරපතල ලෙස අසනීප විය හැකිද?

තරුණ හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් COVID-19 හේතුවෙන් බරපතල ලෙස අසනීප විය හැකි අතර මරණයට පවා පත්විය හැකිය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 තත්ත්වයෙන් ඒ පිළිබදව මනාව පැහැදිලි වේ.
COVID-19 නිසා ඇමෙරිකාවේ මරණ 601,124 ක් සිදුවී ඇති අතර ඉන් මරණ 28,354 ක් වයස අවුරුදු 18 ත් 49 ත් අතර පසුවූ පුද්ගලයින් බව ඇමෙරිකානු දත්ත පෙන්වා දෙයි. එබැවින් එය සාමාන්‍ය දෙයක් නොවන අතරම තරුණ පිරිස් COVID-19 හේතුවෙන් මිය යා හැකිය.
vaccination pfizer
Staff are seen preparing Pfizer vaccine doses inside the Melbourne Showgrounds COVID-19 Vaccination Centre on July 20, 2021 in Melbourne. Source: Daniel Pockett/Getty Images

තරුණ හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු COVID-19 ආසාදනය වී රෝහල් ගත වීමට සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමට ඇති අවස්ථාව කෙබඳුද?

ඇමෙරිකාවේ COVID-19 වයිරසය වැළඳී රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් 38% ක් අවුරුදු 20-54 අතර වියෙහි පසුවන පුද්ගලයින් බව හෙළිවී තිබේ.

CDC දත්ත වලට අනුව බරපතල අවස්ථාවල දී COVID-19 වයිරසය වැළඳී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් පුද්ගලයින්ගෙන් 12% ක් අවුරුදු 20-44 අතර වියෙහි පසුවන පුද්ගලයින් බවද හෙළිවී තිබේ.

විවිධ වයස් ඛාණ්ඩ සඳහා COVID-19 වයිරසය වැළදී රෝහල් ගත වීමේ අවදානම දක්වා ඇති ප්‍රතිශත

ඇමෙරිකාවේ CDC වෙබ් අඩවියේ ඇති හරහා වයස අවුරුදු 18-29 පුද්ගලයින්ට සාපේක්ෂව අනෙක් වයස් ඛාණ්ඩ වල පුද්ගලයින් රෝහල් ගත වීම සහ මරණ අවදානම ගැන තොරතුරු ඉදිරිපත් කරයි.

COVID-19 මඟින් පුද්ගලයෙකුගේ ශරීරයේ දිගුකාලීන හානි සිදු කළ හැකිද?

COVID-19 හි දිගු කාලීන බලපෑම් පිළිබඳ අපි තවමත් ඉගෙන ගනිමින් සිටිමු.

නමුත් 'Long COVID' හෝ 'පශ්චාත් උග්‍ර COVID-19 සින්ඩ්‍රෝමය' නම් සංසිද්ධියක් ඇත.

මෙය හිසරදය, සන්ධි වේදනාව, මාංශ පේශි දුර්වල වීම, කාංසාව, මානසික අවපීඩනය වැනි විවිධ මානසික හා ශාරීරික රෝග ලක්‍ෂණ සමඟ සම්බන්ධ විය හැකිය.

කොවිඩ් ආසාදනය ඇතිවී සුවවීමෙන් මාස කිහිපයකට පසුව මෙම රෝග ලක්‍ෂණ හටගනී.
Health care workers wait in observation after receiving their COVID-19 vaccinations at the Westmead Hospital Vaccination Hub on March 1, 2021 in Sydney.
Health care workers wait in observation after receiving their COVID-19 vaccinations at the Westmead Hospital Vaccination Hub on March 1, 2021 in Sydney. Source: Dean Lewins - Pool/Getty Images

කොවිඩ් එන්නත් - අතුරු ආබාධ

AstraZeneca එන්නත සහ thrombocytopenia syndrome (TTS) සමඟ ත්‍රොම්බොසිස් නම් දුර්ලභ තත්ත්වයක් හටගන්නා බවට තොරතුරු ලැබී ඇත. එය කුමක්ද සහ මෙම අතුරු ආබාධ ඇතිවීමේ අවස්ථා මොනවාද?

මේ වන විට, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු කාර්මික උපදේශක කණ්ඩායමට (ATAGI) අනුව එම අවදානම පහත පරිදි වේ:

  • වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ගෙන් - ලක්ෂයකට 2.6 ක්
  • වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ගෙන් - ලක්ෂයකට 1.7 ක්
  • 1,200,000 න් එක් පුද්ගලයෙකු මිය යාමේ අවදානමක් ඇත.

Pfizerදෙවන මාත්‍රාවෙන් පසු myocarditis හෝ pericarditis යන තත්ත්ව ඇතිවී ඇති බවට දුර්ලභ වාර්තා තිබේ. මෙම අතුරු ආබාධ වර්ධනය වීමේ අවස්ථා මොනවාද?

මෙම අතුරු ආබාධය සමඟ Pfizer එන්නත සම්බන්ධ කළ හැකි බවට සැක කෙරේ.

මිලියන 177 කට අධික ජනතාවක් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලබා ගත් පරිසරයක් තුළ ඇමෙරිකාවේ මෙවැනි අන්දමේ සිදුවීම් වාර්තා වී ඇති අවස්ථා 1000 කටත් වඩා දුර්ලභ බව පෙනේ.

එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වැඩි පිරිමින් අතර සහ නව යොවුන් වියේදී දක්නට ලැබේ.

එම තත්ත්වය සාමාන්‍යයෙන් තාවකාලික වන අතර විවේක ගැනීමෙන් සුව වේ.

ඇතැම් පුද්ගලයින්ව රෝහල් ගත කළ යුතුය.

Pfizer එන්නත හා සසඳන විට COVID-19 මගින් myocarditis සහ pericarditis ඇති වීමට වැඩි ඉඩක් ඇති බව සිහියේ තබා ගැනීම ඉතා වැදගත් වේ.
olympic park vaccine
Emergency services and health workers receive their COVID-19 vaccine at the Olympic Park Vaccination Centre on May 10, 2021 in Sydney. Source: Nick Moir - Pool/Getty Images

AstraZeneca සහ Pfizer එන්නත් වලින් ලැබෙන ප්‍රතිලාභ COVID-19 වයිරසය නිසා ඇතිවන බරපතල රෝගාබාධ හෝ මරණයට ඇති අවදානම ඉක්මවා යයිද?

ATAGI යනු කොවිඩ් එන්නත් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට උපදෙස් දෙන විශේෂඥ කණ්ඩායම වේ.

අවුරුදු 60 හෝ ඊට වැඩි සියලුම ඔස්ට්‍රේලියානුවන් සඳහා, COVID-19 එන්නත ලබා දීමෙන් ලැබෙන ප්‍රතිලාභ, AstraZeneca එන්නතේ අවදානම ඉක්මවා යන බව ඔවුහු පවසා ඇත.

සමාජය තුළ COVID-19 හි විවිධ අනුපාතයන් පවතින අවස්ථා තුනක් පිළිබඳ ATAGI බලා තිබේ.

මධ්‍යස්ථ හා ඉහළ අවදානම් සහිත අවස්ථාවන්හිදී වැඩිහිටියන් සඳහා වන ඕනෑම අවදානමකට වඩා දරුණු COVID-19 රෝගය වැළැක්වීමට AstraZeneca එන්නත ලබාගැනීම වාසි සහගත බව ඔවුන් පවසා ඇත.

මෙම එන්නත් දෙකෙහි සාමාන්‍ය සහ තාවකාලික අතුරු ආබාධ මොනවාද?

චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) විසින් ප්‍රකාශයට පත් කරන ලද COVID-19 එන්නත් පිළිබඳ නවතම සතිපතා ආරක්‍ෂිත වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම එන්නත් මඟින් වාර්තා වන වඩාත් සුලභ අතුරු ආබාධ පහත පරිදි වේ.

  • හිසරදය
  • මාංශ පේශි වේදනාව
  • උණ
  • එන්නත විදින ලද ප්‍රදේශයේ ඉදිමුම සහ වේදනාව

මෙම එන්නත් දෙක ගර්භනී කාන්තාවන්ට ආරක්ෂිතද?

TGA හි උපදෙස් පරිදි ගර්භනී කාන්තාවන් සඳහා Pfizer එන්නත නිර්දේශ කෙරේ.

ගර්භණී සමයේදී බරපතල ලෙස COVID-19 රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් සහ නොමේරූ දරු උපත් හටගැනීමේ වැඩි අවදානමක් ඇත.

Share
Published 16 August 2021 4:51pm
Updated 12 August 2022 3:06pm
By Chiara Pazzano, Madhura Seneviratne


Share this with family and friends