කොරෝනා එන්නත් ලබාගත් විදෙස් පුහුණු ශ්‍රමිකයින්ට ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා වලට කැඳවීමේ වැඩි ඉඩක් (SBS සිංහල/ වාර්තා)

මැයි 24 වන සඳුදා SBS සිංහල වැඩසටහනේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Hospitality sector calls for vaccinated foreign workers

Hospitality sector calls for vaccinated foreign workers Source: Pixabay / StockSnap

Highlights

  • ඉහල නිපුනතා සහිත සේවකයින්ගේ පවතින හිඟතාවය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Hospitality ක්ෂේස්ත්‍රයට තර්ජන මතුවීම
  • ආපනශාලා හිමිකරුවන් කොරෝනා එන්නත ලබාගත් විදේශීය සේවකයින් සඳහා දැඩි උනන්දුවක් දැක්වීම
  • ඉන්දියාවේ සිට පැමිණි දෙවන මගී ගුවන් යානය ඩාවින් වෙත පැමිණීම

නිපුනතා සහිත සේවකයින්ගේ පවතින හිඟය මත සත්කාරක ක්ෂේස්ත්‍රයට බලපෑම්

ඉහල නිපුනතා සහිත සේවකයින්ගේ පවතින හිඟතාවය මත ඕස්ට්‍රේලියානු ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රය සඳහා තර්ජන මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් කල සොයාබැලීමකදී SBS සේවයට අනාවරණය වී ඇත්තේ එම තත්වය මත ඕස්ට්‍රේලියානු ආපනශාලා හිමිකරුවන් කොරෝනා එන්නත ලබාගත් විදේශීය සේවකයින් සිය ව්‍යාපාර සඳහා බඳවා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව.
ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ ව්‍යාපාර හිමිකරුවන් මගින් රැකියා පුරප්පාඩු 46,000ක් පමණ සම්බන්ධයෙන් මේ වනවිට දැන්වීම් පලකොට ඇති අතර සත්‍ය වශයෙන් පවතින පුරප්පාඩු සංක්‍යාව මීට වැඩ වැඩිවිය හැකි බව විශ්වාස කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Restaurant and Catering Australia හි ප්‍රධාන විධායක Wes Lambert සඳහන් කොට සිටින්නේ මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින පුහුණු ශ්‍රමික හිඟය ඕස්ට්‍රේලියානු ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයට දැඩි ලස බලපාන අතර කොරෝනා වසන්ගතයත් සමග ජාත්‍යන්තර සිසුන් සහ විදේශීය ශ්‍රමිකයින් මෙරටින් පිටත්ව යාම ඊට සෘජු ලෙස බලපා ඇති බවයි.
මේ වනවිට සමස්ත ඔස්ට්‍රේලියාව පුරා මෙම ක්ෂේස්ත්රයේ රැකියා පුරප්පාඩු 100,000 ක් පමණ පවතින බවට වාර්තා වන අතර මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදුවූ දරුණුතම බලපෑමක් වන බව Wes Lambert පවසයි.
මෑත කාලයේදී මෙම ක්ෂේස්ත්රයේ රැකියාවෙහි නිරත ජාත්‍යන්තර සිසුන් සඳහා දෙසතියකට රැකියාවෙහි නිරත වීම සඳහා පැය 40 ක් වශයෙන් වූ කාල සීමාව ඉවත් කල අතර කොරෝනා වසංගතයෙන් පසු ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රය Critical Sector එකක් වශයෙන් ද නම් කළේය .

කෙසේ නමුත් අවශ්‍ය දෙය තවමත් සිදුව නොමැති අතර Wes Lambert පෙන්වා දෙන්නේ කොරෝනා එන්නත ලබාගත් විදේශීය සේවකයින් ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන වීසා බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා හටද සඳහන් කොට ඇති බවයි.

ඉන්දියාවේ සිට දෙවන මගී ගුවන් යානයත් ඩාවින් වෙත ගොඩ බස්වයි

සිදු කල පරීක්ෂණ ඔස්සේ පිරිසක් කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමග පසුගියදා ඉන්දියාවේ සිට පැමිණි පළමු ගුවන් යානයේ මගීන් අඩක් පමණ සිටි අතර, මෙවර ගුවන් යානයෙන් මගීන් 165 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණ තිබේ.

කෙසේ නමුත් තවමත් ඕස්ට්‍රේලියානුවන් 11.000ක් පමණ ඉන්දියාවේ සිරව සිටින අතර මෙම ගුවන් යානය ඉන්දියාවේ සිට ගුවන් යානා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදීමෙන් පසු පැමිණි දෙවන ගුවන් යානයයි.

මෙම දෙවන ගුවන් යානය පසුගිය සෙනසුරාදා සවස ඉන්දියාවෙන් පිටත් ව ඇති අතර ඊයේ (23) උදැසන ඩාවින් වෙත ගොඩබස්වා තිබේ.

මෙහිදී දෙමාපියනගන් වෙන්ව ඉන්දියාවේ සිරව සිටින දරුවන් සම්බන්ධයෙන් SBS සේවය රජයෙන් ප්‍රශ්න කොට සිටියද ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් බලධාරීන් නොදක්වා තිබේ.

කොරෝනා වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් පසුගියදා ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුවන් යානයට ඇතුල්වීමට අවසර නොදුන් පිරිස සඳහා ඉදිරි ගුවන් ගමන් වාර වලදී ප්‍රමුඛත්වය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවසඳහන් කරයි.

මෙම පිරිස මේ වනවිටත් සම්බන්ධ කරගෙන ඇති අතර ජුනි මස 4 වැනිදා සිට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් වාර 8ක් සුදානම් කොට ඇති බව ද ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙලෙස පැමිණෙන මගීන් නිරෝධායන කටයුතු සඳහා යෙදවීමට නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, බටහිර ඕස්ට්‍රේලියා, දකුණු ඕස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත සුදානම් ව සිටී

ඉන්දියාවේ මේ වනවිට සිරව සිටින ඕස්ට්‍රේලියානුවන් 11.200 දෙනාගෙන් 1000ක් පමණ දෙනා සෞඛ්‍ය අවදානමක් පවතින පුද්ගලයින් වන අතර ඔවුන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මාක් මැක්ගෝවන් පවසන්නේ පුද්ගලයින් 530 දෙනෙකුගේ උපරිමයකට යටත්ව නැවත පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් හට නිරෝධායන පහසුකම් සැපයීමට තම ප්‍රාන්තය සුදානම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව සඳහන් කල බවයි.

මේ අතර මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.5කට පමණ කොරෝනා එන්නත් ලබාදී ඇති අතර තවත් එන්නත් මාත්‍රා 89.000ක් පමණ රට පුරා බෙදාහැර තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට


Share
Published 24 May 2021 1:34pm
Updated 12 August 2022 3:04pm
By Dinesha Dilrukshi Wijesuriya, Nipuna Dodangoda

Share this with family and friends