ඔස්ට්‍රේලියාවේ රැදී ඉන්න නීති පොතේ හැම උපක්‍රමයක්ම භාවිතා කරනවා: දේශපාලන රැකවරණය පතන ශ්‍රී ලාංකික දමිළ පවුලට ස්වදේශ කටයුතු ඇමතිගෙන් චෝදනාවක් (SBS සිංහල/ වාර්තා)

Peter Dutton accuses detained Biloela family of preventing deportation

Source: AAP

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ මේ  වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මුහුණ දී සිටින දමිළ පවුලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් තවත් වාචික ප්‍රහාරයක් දියත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මේ වන විට Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්‍රමයක්ම භාවිතා කළ බවට අමාත්‍ය Peter Dutton චෝදනා කරයි.
Home Affairs Minister Peter Dutton at Parliament House in Canberra.
Home Affairs Minister Peter Dutton Source: AAP

පිටුවහල් කිරීමට මුහුණ දී සිටින දමිළ පවුල

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික දමිළ පවුල මේ වන විට Christmas දූපතේ රඳවා සිටියි.

කුඩා දරුවන් දෙදෙනෙකුද ඇතුළත් මෙම පවුල Christmas දූපතට ගෙන ඒමට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ කුඩා නගරයක් වන Biloela හි වාසය කළේය.

තම පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් මේ වන විට දැඩි උත්සහයක නිරත වෙමින් සිටී.

ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තීරණය කර ඇති මෙම දමිළ පවුලට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට ඉඩක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අඛණ්ඩව පවසා තිබේ.

පිටුවහල් කිරීමට එරෙහිව අදාළ පවුලේ නීතිඥයින් ගොනුකළ පෙත්සම සලකා බැලීමට පසුගිය වසරේ අධිකරණය තීරණය කිරීමත් සමග ඔවුන්ව පිටුවහල් කිරීම මේ වන විට තාවකාලිකව නතර වී ඇත.
An earlier photo of the detained Tamil family from Biloela.
An earlier photo of the detained Tamil family from Biloela. Source: Supplied

දරුණු උදරාබාධයකින් පෙළෙන බව කියා මව ගුවනින් පර්ත් නුවරට

මෙම දමිළ පවුලේ මව වන ප්‍රියා මුරුගප්පන් හට දරුණු උදරාබාධයක් ඇති බව පවසා පසුගිය සති අන්තයේ ප්‍රතිකාර ලබාගැනීමට ඇයව ගුවනින් පර්ත් නුවරට යවා තිබේ.

එම ගමන සඳහා විශේෂ ගුවන් යානයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදීම පිළිබඳ තමන් කණගාටුවන බවත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ මගින්  ප්‍රියා මුරුගප්පන් හට සෞඛ්‍ය ගැටළුවක් නොමැති බවට හෙළිවී ඇති බවත් ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.

"මම ඇයට නිරෝගී සුවය පතන අතර ශ්‍රී ලංකාවට ඉක්මණට යාමට සුබ පතනවා" යනුවෙන් අමාත්‍ය Peter Dutton ඊයේ (23/07) දිනයේදී ඔස්ට්‍රේලියාවේ 2GB ගුවන් විදුලියට පැවසීය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


"ඔවුන් පිටුවහල් නොවී ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට උත්සහ දැරීමට ඔවුන්ම කතාවක් නිර්මාණය කරන  අතර එය හාස්‍යජනකයි, එය ඔවුන්ගේ දරුවන්ටත් අසාධාරණයක්." යනුවෙන්ද ඔහු එහිදී පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා හා ආගමන කටයුතු පද්ධතිය තුළින් නීත්‍යානුකූල නොවන අන්දමින් රිංගීමට බලා සිටින අනෙක් පුද්ගලයින්ටත් වැරදි පණිවිඩයක් ලබා දෙන බව අමාත්‍ය Peter Dutton වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

තමන්ව Christmas දූපතේ රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා මෙම දමිළ පවුල අධිකරණයේ දී විහිළු සහගත ක්‍රියා ඉදිරිපත්  කරන බවද ඔහු පැවසීය.

මෙම දමිළ පවුලගේ ක්‍රියාවලිය සඳහා බදු ගෙවන්නන්ගේ මුදල්  ඩොලර් මිලියන 10 කටත් අධික ප්‍රමාණයක් වැයවී ඇතැයිද ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.
Priya in Christmas Island hospital before she was taken to Perth.
Priya in Christmas Island hospital before she was taken to Perth. Source: Supplied

රැකවරණය පැතීමට කිසිදු සාක්ෂියක් නැහැ

රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින්ට හෝ සරණාගතයින්ට මෙන් මෙම දමිළ පවුල හට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ඉඩ ලබා දිය හැකි කිසිදු සාක්ෂියක් මේ වන විට අධිකරණය හමුවේ සනාථ කිරීමට නොහැකිවී තිබේ.

මේ වන විට Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් නීති පොතේ ඇති සෑම උපක්‍රමයක්ම භාවිතා කළ බවට අමාත්‍ය Peter Dutton චෝදනා කරයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ මැරතන් නීතිමය සටනක පැටලී සිටින මෙම පවුල තවත් උසාවි දිනයක් අපේක්ෂාවෙන් සිටී.

ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම අත්හිටුවිය යුතු බවට පසුගිය අප්‍රේල් මාසයේදී ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු තීන්දු කළේය.

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ බාලම දියණියගේ ආරක්ෂාව සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියා පටිපාටිය සාධාරණීකරණය කිරීම  ප්‍රතික්ෂේප වීමෙන් පසුව එම තීරණය ගෙන ඇත.

මෙය අවසන් වනු දැකීමටත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට යනු දැකීමටත් තමන්ට අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසුවේය.

කෙසේවෙතත්, මෙම දමිළ පවුල හට ශ්‍රී ලංකාව අනාරක්ෂිත බැවින් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ ලබාදෙන ලෙසට සරණාගතයන් පිළිබඳ ක්‍රියාකාරීන් පවසයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 24 July 2020 10:34am
Updated 24 July 2020 12:40pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends