නව Covid-19 ප්‍රභේද වලට එරෙහිව සටන් කිරීමට කොරෝනා එන්නත් වලට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි (SBS සිංහල/ වාර්තා)

නව Covid-19 ප්‍රභේද වලට එරෙහිව කොරෝනා එන්නත් වල ඵලදායීතාවය නොමැති වුවත් එම එන්නත් ඒ සඳහා අනුවර්තනය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අංශයේ ප්‍රධානී Mike Ryan පවසයි.

A laboratory technologist processes COVID-19 samples at the Bidh Lab in Nepal where oversea coronavirus variants have been recorded.

A laboratory technologist processes COVID-19 samples at the Bidh Lab in Nepal where oversea coronavirus variants have been recorded. Source: AAP

Covid-19 නව ප්‍රභේද වලට එරෙහිව ඵලදායීතාවය නැති වුවහොත් කොරෝනා එන්නත් ඉක්මනින් ඒවාට අනුවර්තනය වීමට හැකි විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අංශයේ ප්‍රධානී Mike Ryan පවසයි.

"දැන් බලන්න influenza රෝගය. influenza රෝගයට එරෙහිව නිෂ්පාදනය කරන එන්නත් වල සංයුතිය අපි උතුරු හා දකුණු අර්ධගෝලය සඳහා වසරකට දෙවරක් වෙනස් කරනවා. ඒ අනුව ප්‍රධාන වයිරසයෙන් වෙනස්වූ නව ප්‍රභේද වලට එරෙහිව සටන් කිරීම සඳහා අපට ඉතා ඉක්මණින් එන්නත් නිකුත් කළ හැකියි." යනුවෙන් ඔහු සඳහන් කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඒ අනුව බලන කළ Covid-19 නව ප්‍රභේද වලට එරෙහිවද කොරෝනා එන්නත් හැඩගස්වා ගැනීමට අපට හැකි බව ඔහු අවධාරණය කළේය.

එක්සත් රාජධානියේ කොරෝනා වයිරසයේ ප්‍රභේදයට එරෙහි Covid-19 එන්නත ක්‍රියා කළ ආකාරය පිළිබඳ සිදුකළ අධ්‍යනයේ දත්ත Oxford විශ්ව විද්‍යාලය දත්ත ලබන සතිය වන විට අපේක්ෂා කරයි.
"පසුගිය දෙසැම්බර් මැද සිට එක්සත් රාජධානියේ නව Covid-19 ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වුණා. ඒ අනුව ඊට එරෙහිව කාර්යක්ෂමතාව පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරි සතිය වන විට ඉදිරිපත් කිරීමට අපට හැකි විය යුතුයි." යනුවෙන් Oxford එන්නත් කණ්ඩායමේ අධ්‍යක්ෂ Andrew Pollard පැවසීය.


 

Highlights

  • Influenza රෝගයට එරෙහිව නිෂ්පාදනය කරන එන්නත් වල සංයුතිය වසරකට දෙවරක් වෙනස් කරයි
  • ඒ අනුව බලන කළ Covid-19 නව ප්‍රභේද වලට එරෙහිවද කොරෝනා එන්නත් හැඩගස්වා ගැනීමට හැකිය
  • Oxford - AstraZeneca කොරෝනා එන්නත දකුණු අප්‍රිකාවෙන් හමුවූ Covid-19 නව ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන ආකාරය පිළිබඳ පර්යේෂණය කරමින් සිටියි

Oxford - AstraZeneca කොරෝනා එන්නත

මේ වන විට ලොව නිෂ්පාදනය කරමින් පවතින ප්‍රමුඛ පෙළේ කොරෝනා එන්නත් වර්ග අතරින් Oxford - AstraZeneca කොරෝනා එන්නත ප්‍රධාන ස්ථානයක් ගනී.

ඔස්ට්‍රේලියාවද මේ වන විට කොරෝනා එන්නත් වර්ග තුනක් මිලට ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර Oxford - AstraZeneca කොරෝනා එන්නත ඉන් ප්‍රධාන වේ.

මේ වසර මැද භාගයෙන් පසුව මෙල්බර්න් නුවරදී මෙම එන්නත නිපදවීමටද ඔස්ට්‍රේලියාව සූදානම් වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මුල් කොරෝනා වයිරසයට අමතරව මේ වන විට එම එන්නත දකුණු අප්‍රිකාවෙන් හමුවූ Covid-19 නව ප්‍රභේදයට එරෙහිව ද ක්‍රියා කරන ආකාරය පිළිබඳ පර්යේෂණය කරමින් පසුවන බව පසුගිය අඟහරුවාදා (26/01) වාර්තා විය.

එක්සත් රාජධානියෙන් හමුවූ Covid-19 නව ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ වේගය අතින් මෙන්ම මාරාන්තික බව අතින්ද මුල් වයිරසයට වඩා වැඩි බවත් දැනට ලැබී ඇති දත්ත වලට අනුව මුල් වයිරසයට වඩා මෙහි මරණ අනුපාතය 30% කින් වැඩි බවත් පෙනී ගොස් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති.
කලක් පෙරමුණ ගත් Oxford-AstraZeneca යුගලය කොරෝනා එන්නත් තරඟයේදී Pfizer සහ Moderna එන්නත් විසින් පසුකර ගොස් ඇති අතර, ඔවුන්ගේ එන්නත් එක්සත් රාජධානියේ Covid-19 නව ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව සොයාගෙන ඇත.

එක්සත් රාජධානියේ Covid-19 නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් ගේ රසය හා සුවඳ නැතිවීම පිළිබඳ වාර්තා වීමට ඇති ඉඩකඩ අඩු බව ජාතික සංඛ්‍යාලේඛන පිළිබඳ එක්සත් රාජධානියේ කාර්යාලය ඊයේ (27/01) පැවසීය.

ඔවුන් කැස්ස සහ උණ වැනි වයිරසයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වාර්තා කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද  ජාතික සංඛ්‍යාලේඛන පිළිබඳ එක්සත් රාජධානියේ කාර්යාලය පැවසීය.

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 28 January 2021 10:23am
By Madhura Seneviratne
Source: AAP


Share this with family and friends