ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් මෙන්න (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය 2021 ජනවාරි 21 වන දින වන විට කෙලෙසද යන්න මේ වන විට අනාවරණය කර තිබේ.

The latest updated of Australian Visa & Citizenship Processing time

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.

ඒ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම 2021 ජනවාරි 21 වන දින සිදු කර තිබේ.


Highlights

  • Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට මාස 20 ත් 24 ත් අතර කාලයක් ගතවේ .
  • ශිෂ්‍ය වීසා (subclass 500) ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට දින 90 ත් මාස 4 ත් අතර කාලයක් ගතවේ.
  • 491 - Skilled Work Regional (provisional) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට මාස 6 ත් මාස 8 ත් අතර කාලයක් ගතවේ.

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන්

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.

  • 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
  • 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
  • වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
  • සංකීර්ණ අයදුම්පත්
  • අසම්පූර්ණ අයදුම්පත්
එම හේතු වලට අමතරව කොරෝනා වසංගතය නිසා ද ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමට සාමාන්‍ය කාලයට වඩා දීර්ග කාලයක් ගත විය හැකි බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නිවේදනය කර ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය 2021 ජනවාරි 21 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


සංචාරක වීසා

ඔස්ට්‍රේලියාවට කොරෝනා වසංගතය බරපතල ලෙස බලපෑම ආරම්භ වූ මාර්තු මාසයට පෙර Tourist ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 21 ත් දින 34 ත් අතර කාලයක් ගතවූ නමුත් මේ වන විට එය මාස 7ත් 8ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.

එමෙන්ම මාර්තු මාසයට පෙර Sponsored Family ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 54 ත් දින 64 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 5ත් 9ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
The latest updated of Australian Visa & Citizenship Processing time
Source: SBS Sinhala

රැකියා සහ නිපුණතා වීසා

මාර්තු මාසයට පෙර 186 - Employer Nomination Scheme වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 83 ත් මාස 6ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 4 ත් 7 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.

එමෙන්ම මාර්තු මාසයට පෙර 491 - Skilled Work Regional (provisional) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 38 ත් දින 41ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 6 ත් මාස 8 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.

කෙසේනමුත් 485 - Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය මාස 6 ත් මාස 9 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
මාර්තු මාසයට පෙර 189 - Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 11 ත් මාස 13 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 20 ත් 24 ත් අතර කාලයක් දක්වා දැඩි ලෙස දීර්ග වී තිබේ.

එමෙන්ම මාර්තු මාසයට පෙර 190 - Skilled Nominated (subclass 190) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 8 ත් මාස 11 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 10 ත් 12 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
The latest updated of Australian Visa & Citizenship Processing time
Source: SBS Sinhala

ශිෂ්‍ය වීසා

Higher Education Sector Student visa (subclass 500) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 90 ත් මාස 4 ත් අතර කාලයක් ගතව තිබේ.
The latest updated of Australian Visa & Citizenship Processing time
Source: SBS Sinhala

පවුල් සහ සහකාර වීසා

The latest updated of Australian Visa & Citizenship Processing time
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

The latest updated of Australian Visa & Citizenship Processing time
Source: Department of Home Affairs

Share
Published 26 January 2021 5:24pm
By Madhura Seneviratne

Share this with family and friends