මේ ග්‍රීෂ්ම නිවාඩුවේ දී ඔස්ට්‍රේලියාවේ Camping යාමට පෙර මේ ගැනත් දැනගන්න (SBS සිංහල/ වාර්තා)

Camping

Source: Pixabay

මේ ග්‍රීෂ්ම නිවාඩුවේ දී ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා Camping යාමට උනන්දුවක් දක්වයි.

නමුත් Camping යාමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු සහ විශේෂයෙන් රැගෙන යා යුතු උපකරණ, ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් පිළිබඳ බොහෝ අයට නිසි අවබෝධයක් නැති බවක් පෙනී යයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාවේ Camping යාමට පෙර සැළකිලිමත් විය යුතු කරුණු

ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක Camping කිරීමට අවසර නොමැත. ඒ සඳහා වෙන්කළ නිශ්චිත ස්ථාන තිබේ.

ඇතැම් ජාතික වනෝද්‍යාන වල, ඇතැම් රාජ්‍ය රක්ෂිත වල මෙන්ම පුද්ගලික කඳවුරු බිම් වල ද Camping කිරීමට අවසර ලබා දී ඇත.

Camping යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ සැලකීමේදී නිසි සැලසුමක් සකස් කරගැනීම අතිශය වැදගත් බව බ්‍රිස්බේන් නුවර GUTD Grip ගවේෂණ කණ්ඩායමේ දොන් මදුරංග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එකම කඳවුරු බිමක වුවද සෘතුව අනුව රැගෙන යා යුතු දේවල්, ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් වෙනස් වන බව ඔහු පැවසීය.

"තමන්ගේ Camping ගමන යන දිනවල එම ස්ථානයේ කාලගුණය පිළිබඳ පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත්. මොකද සමහර Camping Sites වලට ගියාට පසුව බාහිර ලෝකයත් සමග කිසිදු සම්බන්ධතාවක් තබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජංගම දුරකතන සඳහා අවශ්‍ය signal පවා නැහැ, මේ සඳහා හොඳම උදාහරණය තමයි පසුගිය වසරේ ග්‍රීෂ්ම සෘතුවේ ඇතිවූ දරුණු ලැව් ගිනි වලට Camping ගිය බොහෝ පිරිසක් හසු වීම." යනුවෙන් මදුරංග පැහැදිලි කළේය.

අනෙක් වැදගත් කාරණය වන්නේ තමන් යාමට තෝරාගන්නා Camping Site එකට යාමට ඇත්තේ කෙලෙසද කියා කලින් සොයා බැලීම ඉතා වැදගත් වේ.

මන්ද ඇතැම් Camping Site වලට වාහනය අතර මග නවතා පා ගමනින් පමණක් යා යුතු අතර ඇතැම් ඒවාට 4WD වාහනයකින් පමණක් යා යුතු වෙයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඊට අමතරව අප Camping යාමට වෙන් කරවා ගත් දින ප්‍රමාණය අනුව Camping Site එකක් තෝරාගත යුතු බවද මදුරංග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

උදාහරනයක් වශයෙන් දින 2 ක් වෙන් කරවාගත් ගමනකට කිලෝ මීටර් 400 ක පමණ දුරක් ගෙවා යන Camping Site එකක් තෝරා ගැනීමෙන් මගටම කාලය වැයවන බව ඔහු සඳහන් කළේය.

Camping යන බොහෝ දෙනෙකු කැමති අංගයක් තමයි ගිනි මැලයක් ගසා ගෙන රාත්‍රී කාලයේ විනෝද වීම. නමුත් සෑම Camping Site එකකම ඒ සඳහා අවසර ලබා දෙන්නේ නැති බවත් ඒ පිළිබඳ යාමට පෙර සොයාබැලීම ඉතා වැදගත් බවත් කිව යුතුය.

විශේෂයෙන්ම Total Fire Ban අවස්ථාවල එළිමහනේ ගිනි දැල්වීමට කොහෙත්ම අවස්ථාවක් නොමැත.

මීට අමතරව සෑම Camping Site එකකටම සුරතල් සතුන්ව ගෙන යා නොහැකි බවද මදුරංග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

"තමන්ගේ කූඩාරම Camping Site එකට ගිහින් දිගහැරලා හදාගන්න යාමට පෙර තමන්ගේ නිවසේදී එක්වරක් හෝ දෙවරක් එය කිරීමට පුරුදුවී යාම ඉතාම ප්‍රයෝජනවත්" යනුවෙන්ද ඔහු පැවසීය.
Couble camping around smokey fire on sunset
Source: Getty Images/Stuart Ashley

Camping යාමේදී ඔබ රැගෙන යා යතු දේවල්

Camping යාමේදී ඔබ රැගෙන යා යතු දේවල් තීරණය කිරීමේදී Camping යන ස්ථානයේ ස්වභාවය, දින ගණන, කාලගුණය සහ එහිදී අපගේ ක්‍රියාකාරකම් මොනවාද යන්න පිළිබඳ සලකා බැලිය යුතු බව බ්‍රිස්බේන් නුවර GUTD Grip ගවේෂණ කණ්ඩායමේ මේනක රාජපක්ෂ SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

ඔස්ට්‍රෙලියාවේ මේ ග්‍රීෂ්ම නිවාඩුවේ Camping යාමේදී පහත සඳහන් දේ රැගෙන යාම අතිශය වැදගත් බව ඔහු පැවසීය.

  • කූඩාරම ගැසීමට අවශ්‍ය සියලුම ආම්පන්න
  • නිදාගැනීමට අවශ්‍ය Camping කොට්ට, මෙට්ට සහ sleeping bags
  • අවශ්‍යනම් නැමිය හැකි කුඩා මේසයක් සහ
  • Camping පුටු
  • විදුලි පන්දමක්
  • විදුලිය සහිත Camping වලදී විදුලිය ලබාගැනීමට power extension board එකක්
  • Camping bulb හෝ lantern කිහිපයක්
  • ප්‍රථමාධාර කට්ටලයක්
  • වාහනයේ දෝෂයක් හටගතහොත් එය සාදා ගැනීමට අවශ්‍ය ආම්පන්න
  • දර බාහිරින් ගෙන යා යුතු Camping site වලට දර රැගෙන යා යුතුය
  • ආහාර පිසීමට Camping Pots
  • Fire Bans ඇති ස්ථාන වල දර වලින් ආහාර පිසීමට ඉඩ නොදෙන නිසා ගෑස් උදුනක්
  • කසළ දැමීමට කසළ මළු
  • Insect repellent
  • Snake Bite Bandage


 


Share
Published 19 January 2021 11:58am
Updated 19 January 2021 6:10pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends