වික්ටෝරියානු ප්‍රාන්ත රජයත් කොරෝනා එන්නත් නිපදවීමේ මෙහෙයුමට එක්වෙයි (SBS සිංහල/ වාර්තා)

"මෙම mRNA එන්නත් නිපදවීමට තීරණය කිරීමේ හොඳම කාලය මීට මාස 12 කට පෙර තිබුණු නමුත් ඊළඟ හොඳම කාලය දැන්" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino අද (21/04) මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසීය.

Australia announces plans to manufacture mRNA vaccines in Victoria

Australia announces plans to manufacture mRNA vaccines in Victoria Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA එන්නත් නිපදවීමට සූදානම් වේ.

ලොව ප්‍රසිද්ධ සහ කාර්යක්‍ෂමතාව අතින් ඉතා ඉහළ Pfizer සහ Moderna වැනි එන්නත් mRNA එන්නත් ගනයට වැටේ.


Highlights

  • ඩොලර් මිලියන 50 ක ආයෝජනයක් සිදුකරමින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA එන්නත් නිපදවීමට සූදානම්.
  • ඔස්ට්‍රේලියාව තුළ mRNA එන්නත් නිපදවීම සඳහා අවම වශයෙන් වසරක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • වික්ටෝරියානු ප්‍රාන්තයට මේ වන විට සතියකට Pfizer එන්නත් මාත්‍රා 14,000 ක් ලැබෙන බව සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA එන්නත් නිපදවීමට යයි

ඩොලර් මිලියන 50 ක ආයෝජනයක් සිදුකරමින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය mRNA එන්නත් නිපදවීමට සූදානම් වේ.

mRNA එන්නත් ඉක්මනින්, ලාභදායී හා ආරක්ෂිතව නිෂ්පාදනය කළ හැකි බව සඳහන්.

"මෙම mRNA එන්නත් නිපදවීමට තීරණය කිරීමේ හොඳම කාලය මීට මාස 12 කට පෙර තිබුණු නමුත් ඊළඟ හොඳම කාලය දැන්" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino අද (21/04) මාධ්‍යවේදීන් ඉදිරියේ පැවසීය.

ජාත්‍යන්තරව එන්නත් සැපයීම සුරක්‍ෂිත කිරීමේ අභියෝග පිළිබඳව තමා හොඳින් දන්නා බව James Merlino එහිදී පැවසීය.

ඔස්ට්‍රේලියාව තුළ mRNA එන්නත් නිපදවීම සඳහා අවම වශයෙන් වසරක් පමණ ගතවනු ඇතැයි ද ඔහු අපේක්ෂා කරයි.

මේ සඳහා ආයෝජනය කරන මුදල් ඉදිරි වසර දෙක තුළ විශ්ව විද්‍යාල සහ වෛද්‍ය නිෂ්පාදකයින් සමඟ ඒකාබද්ධව වියදම් කරනු ඇත.

" මෙය ඉතා වැදගත් තීරණයක්. මෙම කොරෝනා වයිරසය ක්‍රමිකව වෙනස් වන නිසා ඉදිරියේදී අපට තවත් එන්නත් ලබා ගැනීමට සිදුවෙනවා. එය බොහොම පැහැදිලියි." යනුවෙන් Peter Doherty ආයතනයේ මහාචාර්ය Peter Doherty ABC ගුවන් විදුලියට පැවසීය.

මෙම නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් ස්ථාපනය කිරීම සහ රජයේ අනුග්‍රහය ලබාගැනීමට සැලකිය යුතු කාලයක ප්‍රමාදයක් අපේක්ෂා කළ හැකිය.

මෙම mRNA එන්නත් ඔස්ට්‍රේලියාව තුළම නිෂ්පාදනය කිරීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස මෑතකදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුනාගෙන ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ද AstraZeneca එන්නත ලබාගනී

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය Brett Sutton අද (21/04) තම කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත්තේය.

Brett Sutton වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයෙකු නිසා ඔහු ලබාගෙන ඇත්තේ AstraZeneca එන්නතය.

මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව තවත් සති 12 කින් ලබාගැනීමට ද ඔහු අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ AstraZeneca එන්නත ලබා ගැනීම ප්‍රතිෂේප කරන පුද්ගලයින්ව මේ හරහා උනන්දු කිරීමක් කිරීමට තමා සිතූ බවද Brett Sutton පැවසීය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

Royal Exhibition ගොඩනැගිල්ලේ විවෘත කළ මහා පරිමානයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී ඔහු තම එන්නත ලබාගෙන ඇත.

Royal Exhibition ගොඩනැගිල්ලට අමතරව Melbourne Convention and Exhibition Centre සහ Geelong හි තිබුණු Ford කම්හලේ ද මේ වන විට මහා පරිමානයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

AstraZeneca එන්නත ලබා ගන්නා පුද්ගලයින්ට කලාතුරකින් රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට තහවුරුවීමත් සමග ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබා නොගන්නා ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කර තිබේ.

මේ සිදුවීමත් සමග AstraZeneca එන්නත පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ තිබුණු විශ්වාසය අඩුවන්නට විය.

කෙසේවෙතත්, වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට AstraZeneca එන්නත යළි ලබාදීම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ආරම්භ කර තිබේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයට මේ වන විට සතියකට Pfizer එන්නත් මාත්‍රා 14,000 ක් ලැබෙන අතර තවත් මාත්‍රාවන් 10,000 ක් මධ්‍යම රජය විසින් ළඟදීම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share
Published 21 April 2021 8:29pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends