ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයත් සමග ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික විරෝධී ආකල්ප වේගයෙන් වැඩි වනු ඇති බවට අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

The latest ACT Skilled Visa Invitation round was released

Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටින නිසා ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික විරෝධී ආකල්ප වේගයෙන් වැඩි වනු ඇතැයි සංක්‍රමණික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


වසර 30 කට පසුව ඔස්ට්‍රේලියාව මෙලෙස ප්‍රථම වතාවට ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටියි.
Australian visa application form - Getty
Empregadores ameaçaram estudantes de deportação depois que eles pediram por salários devidos Source: Getty Images

සංක්‍රමණික විරෝධී ආකල්ප වේගයෙන් වැඩි වීම

ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටින නිසා ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව තුළ සංක්‍රමණික විරෝධී ආකල්ප වේගයෙන් වැඩිවනු ඇතැයි සංක්‍රමණික විශ්ලේෂකයෝ අනුමාන කරති.

මෙම ආර්ථික කම්පනයත් සමග බරපතල සේවා වියුක්තියක් ඔස්ට්‍රේලියාව තුළ හටගනු ඇති බවත් ඒ හරහා සංක්‍රමණික විරෝධයක් නිරායාසයෙන් පැන නැගිය හැකි බවත් සංක්‍රමණික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ලෝකයේ මෙවැනි අන්දමේ ආර්ථික අවපාත වලට මුහුණ දුන් රටවල ජනතාව තුළ සංක්‍රමණික විරෝධී ආකල්ප එක්වරම වර්ධනය වූ බවද ඔවුහු පෙන්වා දෙති.

එනිසා ඕස්ට්‍රේලියාවද ඒ සඳහා සූදානම් විය යුතු බව ඔවුහු පවසති.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකය 6.3% කින් කඩා වැටෙනු ඇතැයි OECD සංවිධානය ඊයේ වාර්තා කළේය.

නමුත් එම ප්‍රතිශතය අනෙක් OECD රටවලට වඩා ධනාත්මක බවද සඳහන්.
The number of people able to migrate to Australia per year once borders reopen also hasn’t increased, with a cap of 160,000 set for 2021-22.
australian visa and stamping tool Source: Getty Images

චෝදනා කිරීමට මිනිසුන් බලා සිටියි

රටක ආර්ථික පසුබෑමක් සමගම ඒ රටට පැමිණෙන සංක්‍රමණිකයින්ට එරට වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම් සාමාන්‍ය සිද්ධියක් බව මීට පෙර සිදුකරන ලද පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ.

විශේෂයෙන්ම සංක්‍රමණිකයින් කෙරෙහි යුරෝපීය වැසියන්ගේ ආකල්ප පිළිබඳ සිදුකළ සමීක්ෂණ වලින් ඒ බව වඩාත් තහවුරු වී ඇත.

එනිසා ඒ ආකාරයෙන්ම ඔස්ට්‍රේලියාව තුළද කටයුතු සිදුවිය හැකි බව සංක්‍රමණික විශ්ලේෂකයෝ පවසති.

රැකියා අහිමිවීම ඇතුළු ආර්ථික අස්ථිර භාවය මත සංක්‍රමණිකයින් බිල්ලන් බවට පහසුවෙන් පත්විය හැකි බව බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආගමන කටයුතු පිළිබඳ විශ්ලේෂක සහ මහාචාර්ය Shanthi Robertson අනතුරු අඟවයි.

ආර්ථික අවපාතයත් සමග ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට බොහෝ දෙනා රජයට බලපෑම් කරන්නට හැකි බවද ඇය පෙන්වා දෙයි.

නමුත් ඒ පිළිබඳව සූක්ෂමව සිතා බැලිය යුතු බවද ඇය අවධාරණය කරයි.

පසුගිය මාර්තු - අප්‍රේල් කාලය ඇතුළත ඔස්ට්‍රේලියානුවාසීන් ලක්ෂ 6 කගේ පමණ රැකියා අහිමිවූ බව මධ්‍යම රජය පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව පසුගිය අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය 6.2% කි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 11 June 2020 11:23am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends