'ඕස්ට්‍රේලියාවේ සුදු මිනිසුන් සිහි කිරීමට ඉදි කල ප්‍රතිමා ගලවා දමන්න' : Black Lives Matter විරෝධතා ඔස්ට්‍රේලියාව තුල නව රැල්ලක් ඇතිකරන ලකුණු (SBS සිංහල / වාර්තා)

Statues of Lachlan Macquarie, Charles Cameron Kingston and James Cook

Statues of Lachlan Macquarie, Charles Cameron Kingston and James Cook Source: WILLIAM WEST/AFP via Getty Images

ඇමරිකානු පොලිස් නිලධාරියකු අතින් මරණයට පත් වූ කළු ජාතික George Floyd වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුල සිදුකෙරෙන විරෝධතා වෙනත් ආරකට යොමුවෙමින් පවතී.

මේ අනුව ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනයාට අගෞරවයක් සිදු කල ගවේෂකයින්ගේ සහ යටත්විජිත වාදීන්ගේ ස්මාරක ඉවත් කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා රැල්ලක් ආරම්හ වී තිබේ.

මීට පෙරද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිඩ්නි නගරයේ පවතින කපිතාන් James Cookගේ පිළිරුව සහ Lachlan Macquarie පිළිරුව මෙම විරෝධතා රැල්ලේ ඉලක්ක බවට පත්ව තිබේ.

එමෙන්ම ඇඩිලේඩ් හි වික්ටෝරිය චතුරශ්‍රයේ ඇති, 'White Australia Policy' හෙවත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීමේදී සුදු හම සහිත මිනිසුන් සිටින රටවල පුද්ගලයින් පමණක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තියේ පුරෝගාමියා ලෙස නම් දරා ඇති හිටපු අගමැති Charles Cameron Kingston ගේ පිළිරුවද මේ අතර වේ. 


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


A statue of Major General Lachlan Macquarie stands in Sydney's Hyde Park
A statue of Major General Lachlan Macquarie stands in Sydney's Hyde Park Source: WILLIAM WEST/AFP via Getty Images
Black Lives Matter විරෝධතාකරුවන් විසින් එක්සත් රාජධානියේ Bristol Harbour හි ඉදිකොට තිබු වහල් වෙළෙන්දෙකු වශයෙන් කටයුතු කළ Edward Colston ගේ පිළිරුවක් ඉවත් කිරීම සහ වහල් වෙළෙන්දෙකු වශයෙන් කටයුතු කළ Robert Milligan ගේ පිළිරුවක් ඉවත්කිරීමත් සමග මෙම නව විරෝධතා රැල්ල ඔස්ට්‍රේලියාව තුල ආරම්භ වී තිබේ.

මේ හා සමාන පිලිරූ රැසක් ඇමරිකාවේ Richmond, Virginia, Louisville සහ Kentucky යන නගර වලද ඉවත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කොට තිබේ.
Charles Cameron Kingston
The statue of Charles Cameron Kingston, Victoria Square. Source: WILLIAM WEST/AFP via Getty Images
සම්මාන ලාභී දකුණු ඕස්ට්‍රේලියානු නිලියක් වන Natasha Wanganeen විසින් පසුගියදා සිදුකෙරුණු Black Lives Matter විරෝධතා අතරතුර සඳහන් කොට ඇත්තේ "White Australia Policy" ඔස්ට්‍රේලියාවට හඳුන්වා දුන්  Charles Cameron Kingston ගේ පිළිරුව ඉවත් කලයුතු බවයි.

ඒ වෙනුවට කළු සහ සුදු සෑම ජන කොටසකටම එක හා සමානව සලකන පුද්ගලයකුගේ පිළිරුවක් එම ස්ථානයේ ඉදි කිරීමට සිය සහාය පලකරන බවටද ඇය  ප්‍රකාශ තිබේ.

**********************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට,

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm – ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

**********************************************************************

ප්‍රතිමා දැකීම දැඩි මානසික පීඩනයක්

මානසික සෞක්‍ය මේ වන විට සෑම ඔස්ට්‍රේලියනුවකුටම ගැටලුවක්ව පවතින අතර ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනයා අතර එම ගැටලුව මේ වනවිට උත්සන්නව තිබේ. මෙවැනි ආකාරයේ වර්ගවාදය වපුරනු ලැබූ පුද්ගලයින්ගේ ප්‍රතිමා දිනපතා දැකීම තම ජනතාවට දැඩි මානසික පීඩනයක් වන අතර ඕස්ට්‍රේලියානු ස්වදේශික ජන නායකයින්ගේ ප්‍රතිමා මෙම ස්ථාන වල ඉදිකළ යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශික කාන්තාවක වන Wanganeen පවසයි.

ප්‍රතිමා ඵලක යාවත්කාලීන කිරීමෙන් ගැටලුවට විසදුම්

මෙම ප්‍රතිමාවන්හි ඵලක මත තම දේශය ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට පවතින අයිතීන් පිළිබඳව සඳහන් කොට නොමැති අතර ප්‍රතිමා ඉවත් කිරීම මගින් ගැටලුවට විසදුම් නොලැබෙන බව ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය Bruce Scates පවසයි. මෙම ප්‍රතිමා ඉවත් කිරීම වෙනුවට එහි ඇති ඵලක යාවත්කාලීන කිරීමට කටයුතු කලයුතු බව ඔහු පෙන්වා දී තිබේ.

Captain Cook ප්‍රතිමාව පිළිබඳව මතය

ඇබෝරිජින් සහ ටෝරස් දුපත් වාසී ස්වදේශිකයින් ජීවත්වුණු මෙම ඕස්ට්‍රේලියානු දේශයට පැමිණි පළමු යුරෝපීය  දෙශාටකයා වන Captain Cook සිහිවීම පිණිස ඉදිකර ඇති ප්‍රතිමාව මීට පෙර දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර එහිදී තීන්ත උපයෝගී කරගනිමින් එම ප්‍රතිමාවට යම් අලාභානි සිදු කොට තිබේ.

මෙම ප්‍රතිමාව අමරනීයත්වයෙන් තැබීමට අවශ්‍යනම් ඕස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳව සත්‍යය පැවසිය යුතු බව ඕස්ට්‍රේලියානු ස්වදේශික කාන්තාවක වන Wanganeen පෙන්වා දේ.

ඇය පවසා ඇත්තේ Captain Cookගේ ප්‍රතිමාව ඒ ආකාරයෙන් තැනීම මගින් ඔහු දෙවියකු හෝ ගැලවුම්කරුවකු ලෙස පෙන්වීමට උත්සහ දැරීම පිළිකුල්සහගත වන අතර රටේ ඉතිහාසය පිළිබඳව දැඩි ලැදියාවක් පවතින අයකු කිසි ලෙසකින් Captain Cook සම්බන්ධයෙන් උත්සව නොපවත්වන බවයි.



Share
Published 11 June 2020 2:50am
Updated 11 June 2020 2:54am
By Nipuna Dodangoda

Share this with family and friends