ඔස්ට්‍රේලියාවේ PR ගතහැකි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රැකියා ලැයිස්තුවලට සංශෝධන රැසක් (SBS සිංහල/ වාර්තා)

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ WASMOL Schedule 1 හි සහ Graduate Occupation List (GOL) හි මෙම වෙනස්කම් සිදුකර තිබේ.

Western Australia changed their State Nominated Migration Program occupation lists

Source: Getty Images

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවල සංශෝධන කිහිපයක් සිදු කර ඇති බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ Schedule 1 (WASMOL Schedule 1) හි සහ Graduate Occupation List (GOL) හි මෙම වෙනස්කම් සිදුකර තිබේ.


Highlights

  • හෙද වෘත්තීන් සඳහා WASMOL Schedule 1 යටතේ අයදුම් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයකින් රැකියා කොන්ත්‍රාත්තුවක් තිබීම දැන් වලංගු වේ.
  • Social Worker නැමති වෘත්තීය WASMOL Schedule 1 වෙත දැන් අලුතින් ඇතුලත්කර ඇත.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Graduate Occupation ලැයිස්තුවට වෘත්තීන් 32 ක් අලුතින් එකතු කර තිබේ.

WASMOL Schedule 1 සංශෝධන

WASMOL Schedule 1 හි ඇති පහත සඳහන් වෘත්තීන් තවදුරටත් කලාපීය Regional WA ලෙස පමණක් නොසැලකේ.

ඒ අනුව පහත සඳහන් වෘත්තීන් සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ State nomination සඳහා වන අවශ්‍යතා සපුරාලීම පිණිස අයදුම්කරුවන්ට පර්ත් හෝ බටහිර ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකින් හෝ රැකියා කොන්ත්‍රාත්තුවක් ඉදිරිපත් කළ හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙම සංශෝධනය සියලුම නව සහ දැනට යොමු කර ඇති අයදුම්පත් සඳහා වලංගු වන බවද සඳහන්.

  • Registered Nurse (Child and Family Health) (Occupation ID: 254413)
  • Registered Nurse (Community Health) (Occupation ID: 254414)
  • Registered Nurse (Critical Care and Emergency) (Occupation ID: 254415)
  • Registered Nurse (Developmental Disability) (Occupation ID: 254416)
  • Registered Nurse (Disability and Rehabilitation) (Occupation ID: 254417)
  • Registered Nurse (Medical) (Occupation ID: 254418)
  • Registered Nurse (Medical Practice) (Occupation ID: 254421)
  • Registered Nurse (Mental Health) (Occupation ID: 254422)
  • Registered Nurse (Paediatrics) (Occupation ID: 254425)
  • Registered Nurse (Perioperative) (Occupation ID: 254423)
  • Registered Nurse (Surgical) (Occupation ID: 254424)
  • Registered Nurses nec (Occupation ID: 254499)
ඊට අමතරව Social Worker (Occupation ID: 272511) නැමති වෘත්තීය WASMOL Schedule 1 වෙත දැන් අලුතින් ඇතුලත්කර ඇත.
A Austrália tem escassez de enfermeiras e parece valer a pena exercer a profissão aqui, quando comparadas as realidades australianas e portuguesa.
A Austrália tem escassez de enfermeiras e parece valer a pena exercer a profissão aqui, quando comparadas as realidades australianas e portuguesa. Source: Getty Images

Graduate Occupation List (GOL) සංශෝධන

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Graduate Occupation ලැයිස්තුවට වෘත්තීන් 32 ක් අලුතින් එකතු කර තිබේ.

විශේෂයෙන්ම Accountant (General), Architect, Early Childhood (Pre-Primary School) Teacher, Primary School Teacher, Secondary School Teacher, Welfare Worker සහ Youth Worker වැනි ජනප්‍රිය හා වැඩි ඉල්ලුමක් ඇති වෘත්තීන් මෙම ලැයිස්තුවට අලුතින් ඇතුල් කිරීම කැපී පෙනේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Graduate Occupation ලැයිස්තුවට වෘත්තීන් 32 පහත පරිදි වේ.

  1. Accountant (General) (221111)
  2. Aeroplane Pilot (231111)
  3. Architect (232111)
  4. Barrister (271111)
  5. Commodities Trader (222111)
  6. Drainer (334113)
  7. Early Childhood (Pre-Primary School) Teacher (241111)
  8. Educational Psychologist (272312)
  9. Finance Broker (222112)
  10. Financial Brokers (NEC) (222199)
  11. Financial Dealers (NEC) (222299)
  12. Financial Investment Adviser (222311)
  13. Financial Investment Manager (222312)
  14. Financial Market Dealer (222312)
  15. Flying Instructor (222312)
  16. Horse Trainer (361112)
  17. Insurance Broker (222113)
  18. Maintenance Planner (312911)
  19. Management Accountant (221112)
  20. Occupational Health and Safety Advisor (251312)
  21. Primary School Teacher (241213)
  22. School Principal (134311)
  23. Secondary School Teacher (241411)
  24. Solicitor (271311)
  25. Special Needs Teacher (241511)
  26. Stockbroking Dealer (222213)
  27. Taxation Accountant (221113)
  28. Teacher of the Hearing Impaired (241512)
  29. Teacher of the Sight Impaired (241513)
  30. Urban and Regional Planner (232611)
  31. Welfare Worker (272613)
  32. Youth Worker (411716)

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 19 October 2021 6:19pm
Updated 19 October 2021 6:22pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends