කාන්තා සෞඛ්‍යය: "ස්වයං රැකවරණය" ඔබේ දිනචර්යාවට එක් කරගැනීම පිලිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

යම් පුද්ගලයකු සිය ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිලිබඳ සැලකිලිමත් වීම ඔවුන්ගේ යහපැවැත්ම සඳහා සෘජු ලෙසම බලපායි. මෙය සෑම විටම සිදු කිරීම අපහසු වන අතර විශේෂයෙන්ම කාන්තාවන්ගේ වෘත්තීය සහ ගෘහ වගකීම් සමග එය දැඩි අභියෝගයක් වේ. නමුත් මේ ඔස්සේ ඔබේ දිනචර්යාවට ස්වයං රැකවරණය ඇතුළත් කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

A woman doing yoga

Taking care of oneself paves the way for better holistic well-being down the track. Source: Getty Images/d3sign

 


 ප්‍රධාන කරුණු

  • හෘද රෝග, අංශභාගය, දෙවන ගනයේ දියවැඩියාව සහ පිළිකා වැනි බොහෝ රෝග සඳහා වඩා හොඳ ස්වයං රැකවරණයක් සිදු කිරීම මගින් වලක්වාගත හැකි බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
  • සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින කාන්තාවන් හට ස්වයං රැකවරණය පුහුණු වීමේදී විවිධ බාධක සඳහා මුහුණ දීමට සිදු වේ.
  • පිරිමින්ට වඩා කාන්තාවන් 1.6 ගුණයකින් වැඩි මානසික හා ශාරීරික රෝගාබාධ වලින් පෙළීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Logan හි තිදරු මවක් වන Fatimah Haase පූර්ණ කාලීනව රැකියාවේ නිරතවන්නියක් වන අතර ඇයගේ ජීවිතය අභියෝගාත්මක වේ.

ඇය පවසන්නේ තමන් ස්ථුලතාවයෙන් පෙලුණු අතර වැඩ කරන විට දැඩි මහන්සියක් දැනුණු බවයි.

තමන් මුහුණ දෙමින් සිටින අභියෝග ජයගැනීමේ අරමුණින් ස්වයං සංවර්ධන වැඩසටහනක් සඳහා සම්බන්ධ වීමෙන් අනතුරුව ඇයට තේරුම් ගොස් ඇත්තේ , තමාගේම යහපැවැත්ම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වන බවයි.

Fatimah පවසන්නේ තමන් අවට සිටින පිරිසට බොහෝ දේ තමන් ලබාදුන්නද තම ප්‍රමිතීන් ඉහල නැංවීම වැදගත් වන බවද එහිදී වැටහුණු බවයි.

සේවා උපකාර ලබාගැනීමට

පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය 1.6 ගුණයකින් , මානසික හා ශාරීරික රෝගාබාධ වලින් පෙළීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්තා පවසයි.

Jean Hailes හි කාන්තා සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය Lee Mey Wong පවසන්නේ සෙසු පිරිසට උපකාර කිරීමට පෙර තමන් පිළිබඳව අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන බවයි.
woman slapshing water on her face
Research shows that women in Australia are 1.6 times more likely to have coexisting mental and physical illensses than men. Source: Getty Images/Flashpop
එසේ නොකළහොත් කාන්තාවන් ක්‍රමයෙන් මානසික ගැටළු වලට ගොදුරු වීමේ හැකියාවක් පවතින අතර එහි ප්‍රතිපලයක් වශයෙන් කායික වශයෙන්ද ගැටළු සඳහා මුහුණ දීමේ අවදානමක් පවතින බව වෛද්‍ය Lee පෙන්වා දෙයි.

යහපත් නින්දක් නොලැබීම මත "කාන්සාව" සහ "විශාදය" වැනි විවිධ හඳුනා නොගත් මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ හැකියාව පවතින අතර හොඳ නින්දක් ලැබීම, හොඳින් අහාර ගැනීම සහ ව්‍යායාම වැනි කටයුතු තම දිනචර්යාවට එක් කරගැනීම යහපත් බවද ඇය පවසයි.
ඕස්ට්‍රේලියාවේ ඇති Buy now, Pay later සේවාවෙන් ඔබට ඇති අවදානම පිළිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාවේ පවතින Buy now, Pay later සේවාවේ සැඟවුණු අවදානම මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

හෘද රෝග, අංශභාගය, දෙවන ගනයේ දියවැඩියාව (type-2 diabetes) සහ පිළිකා වැනි බොහෝ රෝග වලින් 80%ක පමණ ආරක්ෂාවක් වඩා හොඳ ස්වයං රැකවරණයක් පවත්වාගැනීම මගින් ලබාගත හැකි බව Victoria විශ්වවිද්‍යාලය සිදු කල අධ්‍යයනයකින් සොයාගෙන තිබේ. මේ සඳහා නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ මත්පැන් සහ දුම්පානය නතර කිරීම වැනි දෑ ඇතුලත් වේ.
Beyond Blue හි ප්‍රධාන සායනික උපදේශක ආචාර්ය Grant Blashki අවධාරණය කොට සිටින්නේ ඔබ මානසික ආතතිය, නින්ද නොයාම, අඩු මනෝභාවය (low mood) හෝ ඔබේ සහකරු සමඟ ගැටුම් ඇතිකරගැනීම වැනි ගැටළු සඳහා මුහුණ දෙන්නේ නම් ඔබේ පවුල් වෛද්‍යවරයා හමු වන ලෙසයි.

පවුල් වෛද්‍යවරුන් හරහා මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීමට ප්‍රවේශ විය හැකි අතර ඔවුනට මානසික සෞඛ්‍ය සැලැස්මක් ඔබට ලබාදීමටද හැකියාව පවතී.

තමන් කෙරෙහි අවදානය යොමු කිරීම

බ්‍රිස්බේන්හි දෙදරු මවක් වන Marcela සිය පළමු දරුවා ලැබීමෙන් පසු පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පීඩා විඳි අතර ඇය ස්වයං රැකවරණය පුහුණු වීම මගින් එම මානසික පීඩාවෙන් මිදී තිබේ.

එමෙන්ම ඇය පවසන්නේ වෙහෙස දැනෙන විට සිය වැඩ කටයුතු සීමා කිරීම සහ ස්වයං රැකවරණය පිලිබඳ අවදානය යොමු කිරීම වැදගත් වන බවයි.

ඇය නිරන්තරයෙන් ඇවිදීම, සම්බාහනය සහ රුපලාවන්‍ය කටයුතු වැනි දෑ සඳහා අවධානය යොමු කරන අතර කාර්යබහුල දිනවලින් පසු භාවනා කටයුතු සඳහාද යොමු වේ.

ඇතැම් විට තේ කෝප්පයක් පානය කිරීම සඳහා මිනිත්තු 15 පමණ ගැනීම ඔස්සේ විශාල වෙනසක් සිදු වන බවද ඇය පවසයි.
Green smoothie
Source: Getty Images/Oscar Wong

විවිධ පසුබිම් වල කාන්තාවන්ට පවතින අභියෝග

ඵලදායි ස්වයං රැකවරණයක් පවත්වාගැනීමට සහ ඒ පිළිබඳව පවතින සේවාවන් සඳහා යොමු වීමට සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම් සහිත කාන්තාවන් හට අතිරේක අභියෝග සඳහා මුහුණ දීමට සිදු වන බව වෛද්‍ය Wong පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව තුල ඉතා හොඳ තත්වයේ කාන්තා සෞඛ්‍ය පරීක්‍ෂා කිරීම් වැඩසටහන් පවතින නමුත් සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම් වල කාන්තවන් හට සෞඛ්‍ය සාක්ෂරතාවයක් නොමැති බවයි. මේ හේතුවෙන් ඔවුන් ඉදිරියට පැමිණීමක් සිදු නොවන බවද වෛද්‍ය Wong පවසයි.
ඔබේ ආදරණීයයන්ටත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අනුග්‍රහය දැක්වීමට හැකි අයුරු මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

ඔබේ ආදරණීයයන්ටත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අනුග්‍රහය දැක්වීමට හැකි අයුරු මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

කාන්තා සෞඛ්‍ය පිළිබඳ බහු සංස්කෘතික මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශකවරියක වන Maria Hach පෙන්වා දෙන්නේ ස්වයං රැකවරණය විවිධ පුද්ගලයින්ගේ තත්ත්වය අනුව වෙනස් විය හැකි බවයි.

ඇය පවසන්නේ ඇතැම් පිරිස තමන් ආරක්ෂිතද යන්න සම්බන්ධයෙන් හඳුනාගැනීම සඳහා ගන්නා පියවර, ස්වයං රැකවරණයක් වශයෙන් දකින අතර ඔවුන් සෙසු සහායන් නොපතන බවයි.
Fatimah Haase with her three sons and husband
Fatimah Haase says she can now give her 100 per cent to whatever she does. Source: Fatiman Haase
කෙසේ නමුත් ස්වයං රැකවරණය ප්‍රජා සත්කාර සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර අවසානයේ ශක්තිමත් ප්‍රජාවක් එමගින් නිර්මාණය වන බවද Maria Hach පවසයි.

ඇය පෙන්වා දෙන්නේ මේ සඳහා තමන් හට කරුණාවන්ත ලෙස සැලකීම ඉතා වැදගත් වන අතර තමන්ට විශ්වාසවන්ත පුද්ගලයින් සමග සම්බන්ධතාවන් ගොඩනගාගැනීමද අවශ්‍ය වන බවයි.

වසර දෙකක් වැනි කාලයක් තුලදී Fatimah Haase හට තම ශරීර බරින් කිලෝග්‍රෑම් 10ක් පමණ අඩු කරගැනීමට හැකි වූ අතර විශාල මානසික පීඩනයකින්ද නිදහස් වීමට හැකියාව හිමිව තිබේ.

ඇය නිතිපතා කායවර්ධන මධ්‍යස්ථානයට යාම සහ දිනකට 5 වතාවක් යාඥා කිරීම සිදු කරන අතර සෑම දිනකම පැය භාගයක කාලයක් අලුතින් යමක් ඉගෙනීමට ගත කරයි.

ඇය මේ සියලු දේ, කොරෝනා lockdown කාලය තුලදී සිය දරුවන් හට නිවසේදී ඉගෙනුම් කටයුතු සිදු කරන සහ relationship coach කෙනෙකු වශයෙන් කටයුතු කරන අතරතුරදී සිදු කිරීමද විශේෂත්වයකි.

 

 

සැප්තැම්බර් මස 6 සිට 10 දක්වා පැවැත්වෙන වාර්ෂික කාන්තා සෞඛ්‍ය සතියේදී ඔබේ ස්වයං රැකවරණයට ප්‍රමුඛතාවය ලබා දෙන්න. උපදෙස් සඳහා   වෙත පිවිසෙන්න.

මානසික සහාය සඳහා, Beyond Blue හි නොමිලේ පැය 24 පුරා ක්‍රියාත්මක උපකාරක සේවාව 1300 22 46 36 අමතන්න.

ඕනෑම සේවාවක් සඳහා නොමිලේ පරිවර්‍තකයෙකු වෙත ප්‍රවේශ වීමට 13 14 50 අංකය ඔස්සේ පරිවර්‍තන හා පරිවර්‍තන සේවාව අමතා ඔබට නම් කරන ලද සේවා සපයන්නාගෙන් විමසන්න.

ඔබ ගෘහස්ත හෝ ලිංගික හිංසනයකින් පීඩා විඳී නම් (1800 RESPECT), 1800 737 732 අංකයට අමතන්න.

ඔබේ ජීවිතය ක්‍ෂණිකව අනතුරක පවතී නම් වහාම 000 අමතන්න.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT 
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

Share
Published 5 September 2021 10:40pm
Updated 12 August 2022 2:59pm
By Amy Chien-Yu Wang, Nipuna Dodangoda


Share this with family and friends