ටස්මේනියා Skilled වීසා කෝටාව සීමිත වෙයි, නව අයදුම්පත් තාවකාලිකව සීමා කරයි

Australian Visa

Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

2021/22 මුල්‍ය වර්ෂය සඳහා වූ ටස්මේනියානු වීසා Nomination කෝටාව සීමිත වීම සහ නව අයදුම්පත් සලකා බැලීම තාවකාලිකව සීමා කිරීම පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ටස්මේනියානු Skilled Migration State Nomination Program හෙවත් නිපුණතා සංක්‍රමණ ප්‍රාන්ත නාම යෝජනා වැඩසටහනට මේ වන විට ඉතිරිව ඇත්තේ ඉතා සීමිත වීසා Nomination කෝටාවක් පමණක් බව වාර්තා වේ.

මේ බව ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවිය හරහා නිවේදනය කර තිබේ.


Highlights

  • 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වූ ටස්මේනියානු වීසා Nomination කෝටාව සීමිත වී ඇති බව ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
  • 2022 අප්‍රේල් 15 වැනි දින සවස 5:00 ට පසුව යොමු කරන ලද නව අයදුම්පත් සලකා බැලීමට සුදුසුකම් ලබන්නේ ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් වීසා සඳහා අයදුම් කිරීමට අදාළ අයදුම්කරුට ආරාධනා කර ඇත්නම් පමණි.
  • 2022 ජූනි 30 ට පෙර සලකා නොබලන අයදුම්පත් 2022/23 මුල්‍ය වර්ෂයේදී සලකා බලන බවද වාර්තා වේ.

ටස්මේනියානු වීසා Nomination කෝටාව සීමිත වෙයි

2021/22 මුල්‍ය වර්ෂය සඳහා වූ ටස්මේනියානු වීසා Nomination කෝටාව සීමිත වී ඇති බව ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2021/22 මුල්‍ය වර්ෂය අවසාන වන 2022 ජුනි 30 වන විට දැනට ඉතිරිවී ඇති සියලු වීසා Nomination ද ලබාදීමට හැකි වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

එහි ප්‍රතිඵලයක් ලෙස නව අයදුම්පත් ආරාධිත අපේක්ෂකයින්ට පමණක් තාවකාලිකව සීමා කෙරේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අයදුම්පත් සලකා බැලීම

2022 අප්‍රේල් 15 සවස 5:00 වන විට ට සලකා බැලෙමින් පැවති වීසා අයදුම්පත් සලකා බැලීම ආරම්භ වී දින 14ක් දක්වා ඇතුළත ගොනු කළ හැක.

2022 අප්‍රේල් 15 වැනි දින සවස 5:00 ට පසුව යොමු කරන ලද නව අයදුම්පත් සලකා බැලීමට සුදුසුකම් ලබන්නේ ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් වීසා සඳහා අයදුම් කිරීමට අදාළ අයදුම්කරුට ආරාධනා කර ඇත්නම් පමණි.

ආරාධනාවකින් තොරව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවද ඔවුහු පවසති.
2022 අප්‍රේල් 15 සවස 5:00 ට පෙර ඉදිරිපත් කරන ලද අයදුම්පත් සියලුම වීසා nomination කෝටාව අවසන් වන තෙක් සාමාන්‍ය පරිදි සලකා බලනු ලබන බවද ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිරිවන සාර්ථක අයදුම්පත් සඳහා වීසා පිරිනැමීම 2022/23 මුල්‍ය වර්ෂයේ වීසා nomination කෝටාවෙන් සිදුකරන බවද ඔවුහු සඳහන් කරති.

2022 ජූනි 30 ට පෙර සලකා නොබලන අයදුම්පත් 2022/23 මුල්‍ය වර්ෂයේදී සලකා බලන බවද වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නව මුල්‍ය වර්ෂය උදෙසා ප්‍රාන්ත වෙනුවෙන් වීසා කෝටාවන් සහ අදාළ කොන්දේසි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2022/23 ටස්මේනියානු Skilled වීසා වැඩසටහන ආරම්භ කරන බවද ටස්මේනියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.



Share