ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය දෙන Skilled වීසා කෝටාව 30,000 කින් වැඩි කරයි, වැඩි විස්තර මෙන්න

Australia Map with the Flag

Australia Source: Getty Images/Richard Drury

Get the SBS Audio app

Other ways to listen

2022-23 වසරේ ස්ථිර වීසා ලබාදෙන ඔස්ට්‍රේලියාවේ Skill ඛාණ්ඩයට අයත් වීසා කෝටාව 30,300 කින් වැඩිකර තිබීම පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ Skilled වීසා කෝටාව ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙය පසුගිය අඟහරුවාදා (29/03) ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  අය වැයේ කොටසක් ලෙස ඉදිරිපත් කෙරුණි.


Highlights

  • 2022-23 වසරේ ස්ථිර වීසා ලබාදෙන ඔස්ට්‍රේලියාවේ Skill ඛාණ්ඩයට අයත් වීසා කෝටාව 30,300 කින් වැඩිකර තිබේ.
  • පෙර වසරේ 11,200 ක්ව තිබුණු Regional වීසා කෝටාව 2022-23 වසරේදී 25,000 ක් දක්වා ඉහළ දමා ඇත.
  • Family ඛාණ්ඩයට අයත් වීසා කෝටාව  2022-23 වසරේදී 50,000 දක්වා අඩුකර තිබේ.

2022-23 වසරේ ස්ථිර වීසා ලබාදෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන

2022-23 වසරේ ස්ථිර වීසා ලබාදෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ සමස්ත වීසා කෝටාව 160,000 ක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එයට Skill, Family සහ Special Eligibility යනුවෙන් ප්‍රධාන ඛාණ්ඩ තුනක් අයත් බව සඳහන්.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Skill ඛාණ්ඩය

2021-22 වසර සඳහා Skill ඛාණ්ඩයට පිරිනමා තිබුණේ 79,600 ක වීසා කෝටාවක් වන නමුත් 2022-23 වසරේදී එය 109,900 දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව 2022-23 වසරේ ස්ථිර වීසා ලබාදෙන ඔස්ට්‍රේලියාවේ Skill ඛාණ්ඩයට අයත් වීසා කෝටාව 30,300 කින් වැඩිවී තිබේ.

Skill ඛාණ්ඩය යටතේ වීසා උප ඛාණ්ඩ කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ ඒ වීසා උප ඛාණ්ඩයට 2022-23 වසරේ ලබාදී ඇති වීසා කෝටාව පහත පරිදි වේ.

  • Employer Sponsored - 30,000
  • Skilled Independent - 16,652
  • Regional - 25,000
  • State/Territory Nominated - 20,000
  • Business Innovation & Investment - 9,500
  • Global Talent (Independent) - 8,448
  • Distinguished Talent – 300
ජාතික නිපුණතා කොමිෂන් සභාවේ උපදෙස් මත පදනම්ව ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොලේ වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා 2022-23 මුල් භාගයේදී Skilled රැකියා ලැයිස්තු සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලබන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
Migration
Australian Immigration Minister Alex Hawke. Source: AAP Image/Mick Tsikas

Family ඛාණ්ඩය

2021-22 වසර සඳහා Family ඛාණ්ඩයට 77,300 ක වීසා කෝටාවක් ලබා දී තිබූ නමුත් 2022-23 වසරේදී එය 50,000 දක්වා අඩුකර තිබේ.

එම කප්පාදුව 27,300 කි.
Family ඛාණ්ඩය යටතේ වීසා උප ඛාණ්ඩ කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ ඒ වීසා උප ඛාණ්ඩයට 2022-23 වසරේ ලබාදී ඇති වීසා කෝටාව පහත පරිදි වේ.

  • Partner - 40,500
  • Parent - 6,000
  • Child - 3,000
  • Other Family – 500
මීට අමතරව Special Eligibility ඛාණ්ඩය සඳහා මෙවරද 100 ක වීසා කෝටාවක් ලබා දී ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සාධනීය හා නිශේධනීය කරුණු

2022-23 ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ පහත කරුණු සාධනීය ලෙස දැකිය හැකිය.

  • ඔස්ට්‍රේලියාවේ Skill ඛාණ්ඩයට අයත් වීසා කෝටාව 30,300 කින් වැඩි කිරීම.
  • 2021-22 වසරේ 6,500 ක්ව තිබුණු Skilled Independent වීසා කෝටාව 2022-23 වසරේදී 16,652 ක් දක්වා ඉහළ දැමීම.
  • පෙර වසරේ 11,200 ක්ව තිබුණු Regional වීසා කෝටාව 2022-23 වසරේදී 25,000 ක් දක්වා ඉහළ දැමීම.
  • 2021-22 වසරේ 11,200 ක්ව තිබුණු State/Territory Nominated වීසා කෝටාව 2022-23 වසරේදී 20,000 ක් දක්වා ඉහළ දැමීම.
පෙර වසරේ 72,300 ක්ව තිබුණු Partner වීසා කෝටාව 2022-23 වසරේදී 40,500 ක් දක්වා කප්පාදු කිරීම 2022-23 ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ නිශේධනීය කරුණක් ලෙස දැකිය හැකිය.



Share