ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ සමාජ සහ ප්‍රජා සේවා අංශයේ වැටුප්වලට සිදුවන වෙනස්කම් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සමාජ හා ප්‍රජා සේවා ක්ෂේත්‍රයේ SCHADS Award යටතේ අර්ධ-කාලීන සේවකයින්ට සහ අනෙකුත් සේවක හිමිකම් සඳහා ඉදිරියේදී සිදුකරන සංශෝධන පිළිබඳ ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman නිවේදනය කර තිබේ.

1 July 2022 changes to Social and Community Services Award

Source: Getty Images/Maskot

ඔස්ට්‍රේලියාවේ සමාජ හා ප්‍රජා සේවා ක්ෂේත්‍රයේ SCHADS Award යටතේ අර්ධ-කාලීන සේවකයින්ට සහ අනෙකුත් සේවක හිමිකම් සඳහා ඉදිරියේදී සිදුකරන සංශෝධන පිළිබඳ ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman නිවේදනය කර තිබේ.

මෙම සංශෝධන 2022 ජූලි 01 සිට ක්‍රියාත්මක කෙරේ.


Highlights

  • 2022 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භ වන පළමු වැටුප් කාල සීමාවේ සිට, broken shift හි එක් එක් සේවා මුරය හෝ සේවා කාලය සඳහා අවම පැය ගණනක් වෙනුවෙන් අර්ධකාලීන සේවකයන්ට ගෙවීමට සිදුවේ.
  • මෙම අවම පැය ගණන සඳහා ගෙවිය යුතු අවශ්‍යතාවය ‘අවම ගෙවීමක්’ ලෙස හැඳින්වේ.
  • අර්ධකාලීන සේවකයින්ට ඔවුන්ගේ අවම ගෙවීම් කාලය තුළ එක් සේවාදායකයෙකුට වඩා වැඩි ගණනකට සේවය කළ හැකිය.

ඇතැම් අනියම් සේවකයින් සඳහා අවම ගෙවීම්

2022 ජූලි 1 දින හෝ ඊට පසු ආරම්භ වන පළමු වැටුප් කාල සීමාවේ සිට, home care අංශයේ රැකියා කරන අනියම් සේවකයින් (casual) සඳහා අවම ගෙවීම පැය 1 සිට පැය 2 දක්වා වැඩි වේ.

අනියම් සේවකයින්ට ඔවුන්ගේ අවම ගෙවීම් කාලය තුළ එක් සේවාදායකයෙකුට වඩා සේවය කළ හැකිය.

Listen More

අර්ධකාලීන සේවකයින් සඳහා අවම ගෙවීම්

2022 ජූලි 1 දින හෝ ඉන් පසුව ආරම්භ වන පළමු වැටුප් කාල සීමාවේ සිට, broken shift හි එක් එක් සේවා මුරය හෝ සේවා කාලය සඳහා පහත සඳහන් අවම පැය ගණන සඳහා අර්ධකාලීන සේවකයන්ට ගෙවීමට සිදුවේ.

  • සමාජ සහ ප්‍රජා සේවා සේවකයින් (disability සේවාවන්හි සේවය කරන විට හැර) - පැය 3
  • disability සේවාවන්හි සේවය කරන සමාජ සහ ප්‍රජා සේවා සේවකයින් - පැය 2
  • අනෙකුත් සියලුම සේවකයින් - පැය 2
මෙම අවම පැය ගණන සඳහා ගෙවිය යුතු අවශ්‍යතාවය ‘අවම ගෙවීමක්’ ලෙස හැඳින්වේ.

අර්ධකාලීන සේවකයින්ට ඔවුන්ගේ අවම ගෙවීම් කාලය තුළ එක් සේවාදායකයෙකුට වඩා වැඩි ගණනකට සේවය කළ හැකිය.

මෙය අර්ධකාලීන සේවකයින් සඳහා නව හිමිකමකි. 2022 ජුලි 1 වනදා දක්වා, SCHADS Award යටතේ අර්ධකාලීන සේවකයින් සඳහා අවම ගෙවීමක් නොමැත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


විවිධ විධිවිධාන සඳහා උපදේශන අවශ්‍යතා

2022 ජුලි 1 වනදා දක්වා, නව අවම ගෙවීම්වලට වඩා අඩු සේවා මුර හෝ broken shifts හි සේවකයෙකු රැකියා කරන බවට සේවා යෝජකයින්ට සහ සේවකයින්ට එකඟ විය හැකිය.

සේවා යෝජකයෙකු සහ සේවකයෙකු 2022 පෙබරවාරි 1 ට පෙර මෙවැනි ගිවිසුමක් ඇති කර ගත්තේ නම්, ඔවුන්ට පහත අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කළ යුතුය:

  • නව අවම ගෙවීම් අවශ්‍යතා සාකච්ඡා කළ යුතුය
  • නව අවම ගෙවීම්වලට අනුකූල වන සහ සේවකයාගේ තත්ත්වයන්ට ගැළපෙන සේවකයාගේ වත්මන් සේවා පැය ගණන වෙනස්වීමක් පිළිබඳ එකඟතාවකට පැමිණීමට අවංකවම උත්සාහ කළ යුතුය
සේවා යෝජකයෙකු සහ සේවකයෙකු ගිවිසුම ගැන සාකච්ඡා කර ඇති නමුත් වෙනසක් සඳහා එකඟ විය නොහැකි නම්, සේවකයාට දින 42 ක ලිඛිත දැනුම්දීමක් ලබා දීමෙන් සේවා යෝජකයාට නව අවම ගෙවීම් සපුරාලීම සඳහා ගිවිසුම වෙනස් කළ හැකිය. මෙම සංශෝධනය 2022 ජූලි 1 ට පෙර ආරම්භ කළ නොහැක.

මෙම උපදේශන අවශ්‍යතා සේවා යෝජකයෙකු සහ සේවකයෙකු රැකියා ක්ෂේත්‍රයේ award provisions හෙවත් වැටුප් ඛාණ්ඩවල ප්‍රතිපාදනවලට අනුකූල වන ගිවිසුමේ වෙනත් වෙනස්කම් වලට එකඟ වීම වළක්වන්නේ නැති බවද වාර්තා වේ.
1 July 2022 changes to Social and Community Services Award
Source: Getty Images

Broken shifts

වැටුප් ඛාණ්ඩවල වෙනස්කම් මගින් disability සේවා රැකියා සහ home care රැකියා කරන සමාජ සහ ප්‍රජා සේවා සේවකයින් සඳහා විවේක කාල 2ක් තිබේ නම් වැඩි ගෙවීමක් සහිත Broken shifts දීමනා 2ක් හඳුන්වා දෙනු ලැබේ. මෙම දීමනාවෙහි අරමුණු සඳහා, විවේක කාලය සඳහා නොගෙවනු ලබයි.

සේවකයෙකුට Broken shift එකක රැකියා කිරීමට අවශ්‍ය නම්, එම Broken shift එක තුළ එක් එක් සේවා කාලසීමාව සඳහා අවම ගෙවීම අදාළ වේ.



Share
Published 6 June 2022 12:40pm
By Madhura Seneviratne

Share this with family and friends