කොරෝනා වසංගතය සමයේ ඔස්ට්‍රේලියාවේ රැකියාවලදී තාවකාලික වීසා ලාභීන්ව වැඩිපුර සූරා කෑමට ලක්ව ඇති බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Migrant workers

Migrant worker Source: SBS/Migrant Worker Justice Initiative

නීති විරෝධී වැටුප් අනුපාත ලබා දෙන විදේශීය භාෂා වලින් පළවූ රැකියා දැන්වීම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින් ඉලක්ක කර ඇති බව නවතම සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

Unions NSW වෘත්තීය සමිතිය විසින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
Labor says a lot of part-time retail workers will be better off under its tax plan.
Source: Getty

නීති විරෝධී වැටුප් අනුපාත ලබා දෙන විදේශීය භාෂා වලින් පළවූ රැකියා දැන්වීම්

අනුමත වැටුප් අනුපාතයට වඩා ඉතා අඩු වැටුප් නීති විරෝධීව ලබා දෙන විදේශීය භාෂා වලින් පළවූ රැකියා දැන්වීම් ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින සංක්‍රමණිකයින්ව ඉලක්ක කර ඇතැයි Unions NSW වෘත්තීය සමිතිය විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණය සඳහා මැන්ඩරීන්, කොරියානු, වියට්නාම, නේපාල, ස්පාඤ්ඤ සහ පෘතුගීසි යන භාෂා වලින් පළවූ රැකියා දැන්වීම් 3000 ක් යොදාගත් බව Unions NSW වෘත්තීය සමිතිය පැවසීය.

එම දැන්වීම් වලින් 88% ක් ම සම්මත වැටුප් අනුපාතයට වඩා ඉතා අඩු වැටුප් ගෙවන බව දන්වා තිබූ බව හෙළිවිය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

කොරෝනා වසංගතය අතරතුර රැකියා කරන්නන් සූරාකෑමට තැත් කිරීමේ සිදුවීම් වල වැඩි වීමක් දක්නට ලැබුණු බව Unions NSW හි ලේකම් Mark Morey පැවසීය.

"කොරෝනා වසංගතය හේතුවෙන් මුදල් සඳහා මෙන්ම රැකියා සඳහාද බලාපොරොත්තු සුන් වූ සේවකයින්ගෙන් ඇතැම් ආයතන හා හාම්පුතුන් සැලකියයුතු සූරා කෑමක් සිදුකර තිබෙනවා. තාවකාලික වීසා මත සිටින සේවකයින්ව තවදුරටත් සූරාකෑමට ඔවුන් කොරෝනා වසංගතය ආවරණයක් ලෙස භාවිතා කර තිබෙනවා. එය නවතා දැමිය යුතු අතර එය අදම නැවැත්විය යුතුයි." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

කොරෝනා වසංගතය හමුවේ අනුමත වැටුප් අනුපාතයට වඩා ඉතා අඩු වැටුප් නීති විරෝධීව ලබා දෙන විදේශීය භාෂා වලින් පළවූ රැකියා දැන්වීම් 14% කින් වැඩිවී ඇති බවද වාර්තා වේ.
Secretary of Unions NSW Mark Morey.
Secretary of Unions NSW Mark Morey. Source: AAP

අඩු වැටුප් ගෙවන බවට වැඩිපුරම රැකියා දැන්වීම් පළකළ භාෂාවන්

වියට්නාම භාෂාවෙන් පළ කරන ලද රැකියා දැන්වීම් වලින් 91% කම සම්මත අනුපාතයට වඩා අඩු වැටුප් අනුපාතයක් ගෙවන බව සොයාගෙන ඇත.

එමෙන්ම කොරියන් සහ මැන්ඩරීන් භාෂා වලින් පළ කරන ලද රැකියා දැන්වීම් වලින් 88% කම සම්මත අනුපාතයට වඩා අඩු වැටුප් අනුපාතයක් ගෙවන බව හෙළිවී තිබේ.

නේපාල භාෂාවෙන් එම ප්‍රමාණය 86% ක්ද පෘතුගීසි භාෂාවෙන් එම ප්‍රමාණය 84% ක්ද ස්පාඤ්ඤ භාෂාවෙන් එම ප්‍රමාණය 76% ක් ලෙසද සටහන් වී ඇත.

එම රැකියා දැන්වීම් වලින් ඉතා අඩුම පැයක වැටුප ඩොලර් 8 ක් ලෙස අනාවරණය වී ඇති අතර නිය අලංකරණ ශිල්පීන් හට එය ලබා දී තිබේ.

ඊළඟට ගෙවා ඇති අඩුම වැටුප පැයකට ඩොලර් 10 කි.
Casual Worker
Source: Pixabay

තාවකාලික සංක්‍රමණිකයින්ව සූරා කෑමට ලක්වන ප්‍රධාන හේතුව

කොරෝනා වසංගත සමයේදී ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියානුව්න්ට ලබා දුන් JobSeeker හෝ JobKeeper දීමනාවන් ලැබීමට ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින්ට සුදුසුකම් නොලැබූ නිසා මෙලෙස ඔවුන්ව රැකියා වලදී අඩු වැටුපට සූරා කෑමට බහුලව ලක්වී ඇති බව Unions NSW වාර්තාව පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ තාවකාලික වීසා ලාභීන් ගේ රැකියා අහිමි විය.

ඒ අනුව එම කාලයේදී කෙසේ හෝ කුමන හෝ රැකියාවක් කුමන හෝ වැටුපකට කර තමන්ගේ ජීවිත ජීවත් කරවීමට බොහෝ සංක්‍රමණිකයින් උත්සහ දැරූ බව Unions NSW හි ලේකම් Mark Morey පැවසීය.

මේ අතර සේවා ස්ථාන පරීක්ෂාව 2020 වසරේදී තාවකාලිකව අත්හිටුවා ඇති බව Fair Work Ombudsman නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

කෙසේ වෙතත්, සුදුසු පරිදි සේවා ස්ථාන නීති දිගටම ක්‍රියාත්මක කරන බව Fair Work Ombudsman හි ප්‍රකාශකයෙකු කියා සිටියේය.

Fair Work Ombudsmanවරයා 2019-20 දී වීසා ලාභීන් සම්බන්ධ නඩු 24 ක් ආරම්භ කළ අතර වීසා බලපත්‍රලාභීන් ට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 1.7 ක් පමණ අය කර ගත් බව වාර්තා වේ.

සේවා ස්ථාන වල සම්මත කළ වැටුපට වඩා අඩු වැටුපක් ගෙවනු ලබන හාම්පුතුන්ට සහ සමාගම් වෙත විශාල දඩ මුදල් හා සිර දඬුවම් පනවන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ මස මුලදී නීති සංශෝධනය කළේය.

මෙම නීති ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගලයෙකු හට ඩොලර් මිලියන 1.1 ක දඩයක් නියම කළ හැකි අතර සමාගම්වලට ඩොලර් මිලියන 5.5 ක් දක්වා දඩ මුදල් නියම කළ හැකිය.

Share
Published 14 December 2020 4:52pm
Updated 12 August 2022 3:09pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends