A Sri Lankan Professor living in Australia has discovered a new disease that Covid-19 patients get after recovery
A Sri Lankan Professor living in Australia has discovered a new disease that Covid-19 patients get after recovery
This article is more than 3 years old

Exclusive

සුවවූ කොවිඩ් රෝගීන්ට වැළඳෙන නව රෝගයක් සොයාගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු සමත් වෙයි (SBS සිංහල/ විමර්ශන)

මෙය පළමුව තමන් ඇතුළු පර්යේෂක කණ්ඩායමට ඒත්තු ගොස් ඇත්තේ පසුගිය වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු lockdown කාලය අතරේ බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

Published 11 August 2021 8:42pm
Updated 12 August 2021 1:33pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program
Covid-19 වයිරසය වැළදීමෙන් පසු ගතවන පශ්චාත් කාලය තුළ වැළඳෙන නව ස්නායු රෝගයක් වෛද්‍ය විනයානුකූලව හඳුනාගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු සමත්වී තිබේ.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම ලෝක ප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මෙම සොයාගැනීම සිදුකර ඇත.

ඒ පිළිබඳ මහාචාර්ය විජේරත්න මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කර තිබේ.


Highlights

  • මෙම නව ස්නායු රෝගය Post COVID-19 Neurological Syndrome හෙවත් PCNS ලෙස නම් කර තිබේ.
  • මේ සම්බන්ධව පර්යේෂණ පත්‍රිකා ගණනාවක් මේ වන විට පළ කර ඇති බවත් ඒවායින් ඇතැම් පර්යේෂණ පත්‍රිකා වලින් 40 ක් 50 ක් පමණ අනෙකුත් මහාචාර්යවරුන් නැවත පළ කර ඇති බවද මහචාර්ය විජේරත්න මහතා සඳහන් කළේය.
  • මෙම රෝගය බහුලවම තරුණ වයසේ පුද්ගලයින්ට වැළඳෙන බව වාර්තා වේ.

කොවිඩ් රෝගයෙන් පසුව නව ස්නායු රෝගයක්

Covid-19 වයිරසය වැළදීමෙන් පසු ගතවන පශ්චාත් කාලය තුළ වැළඳීමට හැකි මෙම නව ස්නායු රෝගය Post COVID-19 Neurological Syndrome හෙවත් PCNS ලෙස නම් කළ බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

මෙය පළමුව ඔහු ඇතුළු පර්යේෂක කණ්ඩායමට ඒත්තු ගොස් ඇත්තේ පසුගිය වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු lockdown කාලය අතරේ බවද ඔහු ප්‍රකාශ කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙය සුවිශේෂී වූ රෝගී තත්ත්වයක් වන අතර ඒ සම්බන්ධව පර්යේෂණ පත්‍රිකා ගණනාවක් මේ වන විට පළ කර ඇති බවත් ඒවායින් ඇතැම් පර්යේෂණ පත්‍රිකා වලින් 40 ක් 50 ක් පමණ අනෙකුත් මහාචාර්යවරුන් නැවත පළ කර ඇති බවද මහචාර්ය විජේරත්න මහතා සඳහන් කළේය.

තම කණ්ඩායම පළ කළ පර්යේෂණ පත්‍රිකා පිළිගත් බව එයින් පෙනී ගොස් ඇතැයිද ඔහු පැවසීය.
මෙම රෝගය මුලින්ම ලෝකයට වාර්තා කිරීම සම්බන්ධවද මහචාර්ය විජේරත්න මහතා අපූරු කතාවක් SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

"මේ රෝගය අපටත් පෙර ලෝකයට වාර්තා කරන්න පටන් ගත්තේ රෝගීන් විසින්මයි. කොවිඩ් රෝගය වැළඳුණු එතරම් බරපතල රෝග ලක්ෂණ නොමැති විශේෂයෙන් තරුණ පිරිස් කොවිඩ් රෝගය සුවපත් වූ පසු තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා වල මේ ගැන ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. තදබල තෙහෙට්ටු ගතියක්, නින්ද නොයන ගතියක්, කිසියම් දෙයකට ප්‍රතිචාර දැක්වීමේ මන්දගාමී ගතියක් තමන්ට දැනෙන බව ඒ අය කියන්නට පටන් ගත්තා. එක්කෙනාගෙන් දෙන්නගෙන් පටන් ගත්ත මේක දහස් ගණනකට වැඩිවෙන්න පටන් ගත්තා." යනුවෙන් මහචාර්ය විජේරත්න මහතා මෙහි මූලික නිමිත්ත පැහැදිලි කළේය.

ඉන් අනතුරුව එම කාලයේදී තමන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම ඒ රෝගීන් 12 දෙනෙකු පමණ සමීපව නිරීක්ෂණය කිරීමට පටන්ගත් බවත් එහිදී මෙම රෝගය ඇතිවීමට හැකි මූලික හේතු පිළිබඳ අදහස් කිහිපයක් හෙළිකළ බවත් ඔහු සඳහන් කළේය.
Professor Tissa Wijeratne (Professor at the University of Melbourne and Neurologist)
Professor Tissa Wijeratne (Professor at the University of Melbourne and Neurologist) Source: Facebook/ Tissa Wijeratne

මේ රෝගයේ රෝග ලක්ෂණ

මෙම PCNS රෝගයේ රෝග ලක්ෂණ තවමත් වාර්තා වෙමින් පවතියි.

පහත සඳහන් රෝග ලක්ෂණ මේ වන විට බහුලව වාර්තා වන බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

  • තදබල තෙහෙට්ටුව
  • දිවා කාලයේදී නිදිබර ස්වභාවය
  • රාත්‍රියට නිසි පරිදි නින්ද නොයන ස්වභාවය
  • කිසියම් දෙයකට ප්‍රතිචාර දැක්වීමේ මන්දගාමී බව
  • ශරීරයේ තදබල වේදනාවක් දැනීම
  • හිසරදය
  • කරකැවිල්ල

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මේ අතර කොවිඩ් රෝගය වැළදී ඉන් අනතුරුව සුවවී වසරක් පමණ ගතවූ පසුව තමන්ට හමුවූ පුද්ගලයින් කිහිපදෙනෙකු හට මුලින් කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණු නමුත් පසුව මතකය හීන වීම, කාර්යක්ෂමතාව අඩුවීම, හිසරදය සැදීමේ වාර ගණන වැඩි වීම වැනි රෝග ලක්ෂණ හටගන්නා බව ද මහාචාර්ය විජේරත්න මහතා පැවසීය.
"දැනට දිමෙන්ශියා රෝගයෙන් පෙළෙන රෝගීන් ලෝකයේ සිටින්නේ මිලියන 50 යි, Multiple sclerosis රෝගයෙන් පෙළෙන රෝගීන් ලෝකයේ සිටින්නේ මිලියන 2.8 යි, වසරකට අංශභාග රෝගීන් වාර්තා වන්නේ මිලියන 15 ක් 16 ක් පමණයි, නමුත් මේ රෝගය මේ සියලු සංඛ්‍යා ඉක්මවන තරමේ බරපතල එකක් බව පෙනී ගොස් හමාරයි. මේ රෝග තත්ත්වය ගැන කවුරුත් සාමාන්‍ය වශයෙන් හෝ කතා කරන්නේ නැති තරම්." යනුවෙන් මෙහි ඇති බරපතලභාවය පිළිබඳ මහාචාර්ය විජේරත්න මහතා අප සමග පැහැදිලි කළේය.
يضع مرضى كوفيد-19 ضغطاً كبيراً على النظام الصحي لأنهم عادةً ما يحتاجون إلى البقاء في العناية المركزة لأسابيع.
A supplied image of ICU staff caring for COVID-19 positive patients in the ICU of St Vincents Hospital in Sydney, Tuesday, July 13, 2021. Source: AAP Image/Supplied by Kate Geraghty/SMH/St Vincents Hospital

මේ රෝගය බහුලවම වැළඳෙන්නේ කා හටද?

මෙම රෝගය බහුලවම තරුණ වයසේ පුද්ගලයින්ට වැළඳෙන බව වාර්තා වේ.
විශේෂයෙන් රැකියා කරන, රැකියා කිරීමට හැකි වයස් ඛාණ්ඩ වල සිටින පුද්ගලයින් හට මෙය බහුලවම වැළඳෙන බව පෙනී ගොස් ඇතැයි මහාචාර්ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඊට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයින්ට ද මෙය වැළඳීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද ඔහු සඳහන් කළේය.
නමුත් අනෙක් වයස් ඛාණ්ඩ වල සිටින උදවියටද මෙය වැළඳීමට ඉඩ ඇති බවත් ඔහු අවධාරණය කළේය.

කොවිඩ් වයිරසයෙන් පසුව 21 වන සියවසේ ලෝකය මුහුණ දෙන අංක එකේ සෞඛ්‍ය ගැටළුව බවට මෙම රෝගී තත්ත්වය පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.
Professor Tissa Wijeratne (Professor at the University of Melbourne and Neurologist)
Professor Tissa Wijeratne (Professor at the University of Melbourne and Neurologist) Source: Facebook/ Tissa Wijeratne

මේ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම

Covid-19 වයිරසය අපගේ සිරුරට ඇතුළුවූ පසුව එම වයිරසය සමග අපගේ සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සටන් කිරීම අරඹයි.

ඒ සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් අපහේ ශරීරය තුළ ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමේ මට්ටම Chronic හෙවත් කාලික මට්ටමකට යන බව දැනට පෙනෙන බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පැවසීය.

මේ හේතු සමග මෙම රෝගයට ප්‍රතිකාරයක් සෙවීම කළ යුතුව පවතින බවත් ඒ සඳහා තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇති බවත් තම විශ්වාස කරන බවත් මහාචාර්ය විජේරත්න මහතා පැවසීය.

ඒ අතරේ මෙම රෝගයේ රෝග ලක්ෂණ ඇති උදවිය හැකිතාක් දුරට තමන්ගේ නින්ද යහපත් අන්දමින් වැඩි කරගැනීමට උත්සහ කිරීමෙන් මෙන්ම  එළවලු - පලතුරු ආහාරයට ගැනීම, සිත සන්සුන්ව තබාගැනීම, දුම්පානය සහ මත්පැන් පානය නවත්වා දැමීම, අධික තෙල් සහිත ආහාර ගැනීම වැනි මොළයට අහිතකර දේ නොකර සිටීමෙන් මෙම රෝගයෙන් මිදීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.
තම කණ්ඩායම මේ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පළ කර තිබුණද ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක ස්නායු රෝග සංවිධානය වැනි ආයතන වලින් පිළිගෙන තිබුණද තවදුරටත් මේ රෝගය පිළිබඳ හැදෑරිය යුතුව තිබෙන බව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

මේ වන විට අප ඇතුළු ලෝකයේ රටවල බොහොමයක විශේෂඥවරු සති දෙකකට වරක් ටෙලි කොන්ෆරන්ස් මාර්ගයෙන් සාකච්ඡා කරමින් දත්ත හුවමාරු කරගනිමින් ඒ සඳහා මේ වන විට වෙහෙස වෙමින් සිටින බවද මහාචාර්ය විජේරත්න මහතා අප සමග ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සිටීනම් තමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමට විද්‍යුත් තැපැලක් යොමු කරන ලෙසත් ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදිය හැකි බවත්  මහාචාර්ය විජේරත්න මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.

Share