ඔස්ට්‍රේලියාවේ tax return එකේ එකම වියදම දෙවරක් හිලව් කරන අයට වැඩ වරදින ලකුණු (SBS සිංහල/ වාර්තා)

2021 දී ඔස්ට්‍රේලියානුවන් මිලියන 8.4ක් පමණ සිය රැකියා සම්බන්ධ වියදම් සඳහා ඩොලර් බිලියන 19.8කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා සිටි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

Australian Taxation Office

The Australian Taxation Office at Lang Street in Sydney. Source: AAP

2021/22 මුල්‍ය වර්ෂය සඳහා tax return එක සකස් කිරීමේදී එකම වියදම දෙවරක් හිලව් නොකරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ජනතාවට අනතුරු අඟවයි.

මෙම ක්‍රියාව සෑම වසරකම පාහේ අත්දැකීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.


Highlights

  • තම tax return එක සකස් කරන විට, රැකියා ආශ්‍රිත විවිධ ආකාරයේ වියදම් හිලව් කිරීමට අදාළ නීති මතක තබා ගැනීම වැදගත් වන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.
  • එකම වියදම සඳහා දෙවරක් මුදල් ලබා නොදෙන අතර එලෙස දෙවරක් හිලව් කිරීම සිදු නොකරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයා ජනතාවට දැනුම් දුන්නේය.
  • වැඩිපුරත් නැතිව අඩුවකුත් නැතිව ඔබට හිමි දේට පමණක් හිමිකම් කීම වැදගත් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එකම වියදම දෙවරක් හිලව් කිරීම

2021 දී ඔස්ට්‍රේලියානුවන් මිලියන 8.4ක් පමණ සිය රැකියා සම්බන්ධ වියදම් සඳහා ඩොලර් බිලියන 19.8කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා සිටි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

එය සැලකිය යුතු වියදම් හිලව් කිරීමක් බැවින් පළමු වරටම ඒවා යළි නිවැරදිව ලබා ගැනීමට වග බලා ගැනීමට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

වැඩිපුරත් නැතිව අඩුවකුත් නැතිව ඔබට හිමි දේට පමණක් හිමිකම් කීම වැදගත් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මිනිසුන් තම tax return එක සකස් කරන විට, රැකියා ආශ්‍රිත විවිධ ආකාරයේ වියදම් හිලව් කිරීමට අදාළ නීති මතක තබා ගැනීම වැදගත් වන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පැවසීය.

හිමිකම් පෑමට හැකි දේ රැකියා වර්ගය, පුද්ගල තත්ත්වයන් සහ හිමිකම් පෑම සඳහා අවශ්‍ය වාර්තා තිබේද යන්න මත රඳා පවතී.
ඇතැම් අය සැබෑවටම අත් වැරදි කරන අතරේ, වැරදි හෝ ව්‍යාජ වියදම් කියමින් අසාධාරණ වාසියක් ලබා ගැනීමට මිනිසුන් උත්සාහ කරන ආකාරයද අපි දැක ඇත්තේය කියා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

Tax return වල නිතරම දකින දෙයක් ලෙස එකම වියදම දෙවරක් ඉල්ලා සිටීම හැඳින්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එකම වියදම සඳහා දෙවරක් මුදල් ලබා නොදෙන අතර එලෙස දෙවරක් හිලව් කිරීම සිදු නොකරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයා ජනතාවට දැනුම් දුන්නේය.

"මතක තබා ගන්න, අපි වැරදි තොරතුරු නිරීක්ෂණය කිරීම සඳහා නවීන දත්ත විශ්ලේෂණ භාවිතා කරන අතර ඔබ හිතාමතාම වැරදි තොරතුරු සැපයීම සඳහා විගණනයට හෝ දඬුවම්වලට ලක්වීමේ අවදානමක් තිබෙනවා." යනුවෙන්ද ඔහු අවධාරණය කළේය.
Tax time 2021
Registered tax agent Chura Mani Belbase explains why this years tax return will be little different. Source: ?SBS Nepali/Getty Images

එකම වියදම දෙවරක් හිලව් කිරීම සම්බන්ධ වාර්තාවන බහුල සිදුවීම්

ඔස්ට්‍රේලියානුවාසීන් සෑම වසරකම තම tax return ඉදිරිපත් කරන විට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දකින එකම වියදම දෙවරක් හිලව් කිරීම සම්බන්ධ සිදුවීම් කිහිපයක් පහත ආකාරයෙන් දැක්විය හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


නිවසේ සිට රාජකාරී කරන විට සිදුකරන වියදම් සහ shortcut ක්‍රමය

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසරේ ඔවුන්ගේ tax return එකේ නිවසේ සිට රාජකාරී කරන බවට ප්‍රකාශ කර ඇති අතර මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසුවේය.

අප දකින පොදු වැරැද්දක් නම්, මිනිසුන් තම නිවසේ සිට රාජකාරී කරන විට ඇති වියදම් සඳහා හිමිකම් පෑමට shortcut ක්‍රමය භාවිතා කිරීම අතරේ එකම වියදම දෙවරක් හිලව් කිරීම බව ඔහු පැවසීය.

ඔවුන්ගේ ජංගම දුරකථන සහ අන්තර්ජාල බිල්පත් වැනි වියදම් සඳහා අමතර මුදලක් ඉල්ලා සිටීම මෙහිදී ප්‍රධාන වේ.

නිවසේ සිට රාජකාරී කිරීමේ වියදම්  shortcut ක්‍රමය යටතේ හිලව් කරන විට එම වියදම් සියල්ල ඊට ඇතුළත් වේ.

මෝටර් රථ වියදම්

2021 දී මිලියන 3 කට ආසන්න ජනතාවක් රැකියා ආශ්‍රිත මෝටර් රථ වියදම් ඉල්ලා ඇත.

එහිදී වඩාත් පොදු වැරැද්දක් ලෙස මිනිසුන් කිලෝමීටරයකට ශත ක්‍රමය භාවිතා කරමින් ඔවුන්ගේ හිමිකම් පෑම සහ ඉන්ධන, මෝටර් රථ රක්ෂණය සහ ලියාපදිංචිය වැනි වියදම් වෙන වෙනම ඉල්ලා සිටීම හැඳින්විය හැකිය.

කිලෝමීටරයකට ශත අනුපාතය තුළ අදාළ වියදම් සියල්ල ඇතුළත් වන අතර රථයේ වටිනාකම අඩුවීම, ලියාපදිංචිය, රක්ෂණය, නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ ඉන්ධන පිරිවැය එයින් ආවරණය කරයි.
ගෙවන ලද වියදම් යළි හිලව් කිරීම

බදු ගෙවන්නන් තම සමාගම හෝ සේවායෝජකයා විසින් දැනටමත් හිලව් කර ඇති වියදම් සඳහා හිමිකම් කීමට ඉදිරිපත් නොවන ලෙසට ද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.

"ඔබේ ප්‍රධානියා ඔබේ නිල ඇඳුම dry-cleaning කිරීමේ පිරිවැය හිලව් කර ඇති අතරේ ඔබත් ඔබේ tax return එකේදී රෙදි සෝදන වියදම් අඩුකිරීම් ඉල්ලා සිටින්නේ නම් ඔබ ඔබේ අසල්වැසියන්ගේ සාක්කුවෙන්ද මුදල් ගන්නා බව බදු කාර්යාලය පවසයි.



Share
Published 31 May 2022 12:20pm
By Madhura Seneviratne

Share this with family and friends