නව කම්කරු රජය නිසා සරණාගතයෝ ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය පිළිබඳ විශාල බලාපොරොත්තුවක (SBS සිංහල/ වාර්තා)

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් 19,000කට වැඩි පිරිසකට ස්ථිර වීසා ලබා දීමට කම්කරු පක්ෂය ප්‍රතිඥා දුන්නේය.

Protesters gather to support asylum seekers detained at the Kangaroo Point Central Hotel in Brisbane, Sunday, June 21, 2020. (AAP Image/Glenn Hunt) NO ARCHIVING

Protesters have put the spotlight on the plight of refugees detained at hotels like Kangaroo Point in Brisbane. Source: AAP

පසුගිය සෙනසුරාදා (21/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵලය තාවකාලික වීසා මත සිටින සරණාගතයින් සමරමි සිටින බව වාර්තා වේ.

ඔවුන්ට ඉක්මනින්ම ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ස්ථිර නිවහන ලෙසට පත් කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කිරීම ඊට හේතුව වේ.


Highlights

  • තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් 19,000කට වැඩි පිරිසකට ස්ථිර වීසා ලබා දීමට කම්කරු පක්ෂය ප්‍රතිඥා දුන්නේය.
  • කම්කරු පක්ෂය රජයක් පිහිටුවන්නේ නම් විදේශ ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචිය ලබා දීම ගැන සලකා බැලිය හැකි බවට කම්කරු පක්ෂ නායක Anthony Albanese මැතිවරණයට පෙර ඉඟියක් නිකුත් කළේය.
  • Temporary protection වීසා ඉවත් කිරීමට කම්කරු පක්ෂය සූදානම් වන බවත් පැවසීය.

නව කම්කරු රජය යටතේ සරණාගතයින්ට ස්ථිර වීසා

පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවල ප්‍රධාන මැතිවරණ ප්‍රතිපත්ති අතර සංක්‍රමණ වැඩසටහන සහ සරණාගතයින් හට ප්‍රධාන තැනක් හිමිවුණි.

එහිදී ලිබරල් සන්ධානය ඇතුළු අනෙක් පක්ෂ එක හා සමාන දේශ සීමා ආරක්ෂණ ප්‍රතිපත්ති තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී අනාවරණය කළේය.
නමුත් කම්කරු පක්ෂය පමණක් ඒ සම්බන්ධව වෙනත් පොරොන්දුවක් නිකුත් කළේය.

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් 19,000කට වැඩි පිරිසකට ස්ථිර වීසා ලබා දීමට කම්කරු පක්ෂය ප්‍රතිඥා දුන්නේය.

මෙය යම්තාක් දුරට ආන්දෝලනාත්මක මැතිවරණ පොරොන්දුවක් බවටද පත් විණි.
Refugees hopeful of permanent resettlement in Australia following Labor's election win
Australian Prime Minister Anthony Albanese Source: Getty Images

සරණාගතයින්ට පවුලේ සාමාජිකයින් ගෙන්වා ගැනීමේ ගැටළු

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින්ට තාවකාලික වීසා ලබාදීමට පසුගිය මොරිසන් රජය කටයුතු කළේය.

එම වීසා බලපත්‍රය යටතේ ඔවුන්ට පූර්ණ කාලීනව රැකියා කිරීමට ඉඩ සලසන නමුත් සිය පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් කරයි.

නමුත් ඔස්ට්‍රේලියාවට නව කම්කරු රජයක් පත්වීමත් සමග දැන් තමන්ට සුවසේ නිදාගත හැකි බව ඇෆ්ගනිස්තානයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයෙකු වන Nimat Nazari පවසයි.

"මම දැන් ඉතා සතුටු වෙනවා, මගේ ආතතිය සහ අවිනිශ්චිතතාවය ඉක්මනින් අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." දශකයකට වැඩි කාලයක් තාවකාලික වීසා මත සිටින නසාරි Nazari sපැවසීය.
සරණාගතයින් ලෙස අවිනිශ්චිත ජීවිත ඇති තමා වැනි බොහෝ මිනිසුන්  ඉන්නා බවත් අපට මෙහි අනාගතයක් ඇති බවට බලාපොරොත්තුවක් දැන් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇෆ්ගන් ජාතිකයන් එරට ආරක්‍ෂක තත්ත්වය දරුණු ලෙස පවතින අතරවාරයේ ආපසු නොයවන බවට ලිබරල් සන්ධානය ප්‍රතිඥා දී තිබුණද, ඔස්ට්‍රේලියාවේ ඔවුන්ගේ දිගුකාලීන ස්ථාපනය සහතික කර නොතිබුණි.

ඔස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැකවරණය පතා පැමිණි සහ සරණාගතයින් 5,000කට වැඩි පිරිසක් යාත්‍රාවලින් පැමිණීමෙන් පසු තාවකාලික වීසා ලබා ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කම්කරු පක්ෂය සංක්‍රමණික වැඩසටහන

කම්කරු පක්ෂය රජයක් පිහිටුවන්නේ නම් විදේශ ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචිය ලබා දීම ගැන සලකා බැලිය හැකි බවට කම්කරු පක්ෂ නායක Anthony Albanese ද මැතිවරණයට පෙර ඉඟියක් නිකුත් කළේය.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ව තුන්වන රටක නැවත පදිංචි කිරීමට සහ ආරක්ෂිත ආකාරයෙන් සහ සුදුසු අවස්ථාවල නීති විරෝධීව මිනිසුන් රැගෙන එන යාත්‍රා ආපසු හරවා යැවීමට තම පක්ෂය කටයුතු කරන බව ද කම්කරු  පක්ෂය මැතිවරණයට පෙර පොරොන්දු විය.
නමුත් temporary protection වීසා ඉවත් කිරීමට කම්කරු පක්ෂය සූදානම් වන බවත් පැවසීය.

2013 වසරේ සිට නීති විරෝධීව යාත්‍රාවලින් පැමිණි කිසිදු සරණාගතයෙකුට සරණාගතභාවයක් නිකුත් කර නොමැති නිසාත්, අනාගතයේදී නීති විරෝධීව යාත්‍රාවලින් පැමිණෙන අයට ඒවා නිකුත් නොකරන නිසාත් එම වීසා අනවශ්‍ය බව කම්කරු පක්ෂය පවසයි.

කෙසේනමුත්, දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් හට ස්ථිර වීසා බලපත්‍රයක් ලබාදීමට නව අගමැති Anthony Albanese ප්‍රමුඛ කම්කරු  රජය සූදානම් වේ.



Share
Published 26 May 2022 12:37pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends