ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හා සුළු පරිමාණ ව්‍යාපාරවල විදුලිය බිල ඉහළට (SBS සිංහල/ වාර්තා)

මෙම මිල ඉහළ යාමට හේතු වූයේ බලශක්ති උත්පාදනය අඩු වීම බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය පැවසීය.

electricity_bill.jpg

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ සහ කුඩා ව්‍යාපාරවල විදුලිය බිල ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.

ගංවතුර, රුසියානු - යුක්රේන යුද්ධය සහ ගල් අඟුරු බලාගාර ඇනහිටීම් හමුවේ Australian Energy Regulator හෙවත්  ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනයේ තීරණයකට අනුව මෙම මිල ඉහළ දැමීම සිදුවේ.


Highlights

  • ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා යෝජිත වාර්ෂික උපරිම මුළු බිල් මුදල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ $1,512 සිට $2,092 දක්වා ඉහළ යයි.
  • සිල්ලර වෙළෙන්දන් සඳහා විදුලිය තොග පිරිවැය NSW හි 41.4% කින්, ක්වීන්ස්ලන්තයේ 49.5% කින් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ 11.8% කින් ඉහළ යනු ඇත.
  • මෙම මිල ඉහළ යාමට හේතු වූයේ බලශක්ති උත්පාදනය අඩු වීම බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය පැවසීය.

2022/23 වාර්ෂික උපරිම මුළු බිල් මුදල

2022/23 මුල්‍ය වර්ෂය උදෙසා යෝජිත වාර්ෂික උපරිම මුළු බිල් මුදල ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය විසින් අද (26/05) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා යෝජිත වාර්ෂික උපරිම මුළු බිල් මුදල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ $1,512 සිට $2,092 දක්වා ඉහළ යයි.

එමෙන්ම ගිනිකොණ දිග ක්වීන්ස්ලන්තයේ නව වාර්ෂික උපරිම මුළු බිල් මුදල - $1,620 දක්වාත් දකුණු ඔස්ට්‍රේලියාවේ $1,840 දක්වාත් ඉහළ යනු ඇත.
ව්‍යාපාරික ස්ථාන සඳහා එය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ $3,782 සිට $4,901 දක්වාත් ගිනිකොණ දිග ක්වීන්ස්ලන්තයේ $3,446 දක්වාත් දකුණු ඔස්ට්‍රේලියාවේ $4,539 දක්වාත් ඉහළ යාමට නියමිතය.

සිල්ලර වෙළෙන්දන් සඳහා විදුලිය තොග පිරිවැය NSW හි 41.4% කින්, ක්වීන්ස්ලන්තයේ 49.5% කින් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ 11.8% කින් ඉහළ යනු ඇති බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය පවසයි.
How Victorians can claim a $250 bill busting bonus from 01 July
How Victorians can claim a $250 bill busting bonus from 01 July Source: Getty Images

මිල ඉහළ යාමට හේතු

මෙම මිල ඉහළ යාමට හේතු වූයේ බලශක්ති උත්පාදනය අඩු වීම බවත් සැලසුම් නොකළ විදුලිය බිඳවැටීම් සහ ගල් අඟුරු සහ ගෑස් මිල ඉහළ යාම, නව බලාගාර සඳහා ආයෝජනය මන්දගාමී වීම සහ වඩ වඩාත් තියුනු ලෙස ඉල්ලුම ඉහළ පහළ යාම සහ පහත වැටීම ඒ සඳහා බලපෑ බවත් ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය පැවසීය.

රුසියානු - යුක්රේනයේ යුද්ධය, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්තයේ අයහපත් කාලගුණය ගල් අඟුරු සැපයුමට සහ විදුලි ඉල්ලුමට බලපාන අතර, විදුලි ජනක යන්ත්‍රවල තවදුරටත් සැලසුම් නොකළ ඇනහිටීම් මගින් විදුලිය සැපයීමේ පීඩනය වැඩි වී ඇති බව එම ආයතනය පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

සිල්ලර වෙළෙන්දන්ට ඔවුන්ගේ ඉහළ යන තොග සහ සම්බන්ධතා පිරිවැය නැවත ලබා ගත හැකි බව සහතික කිරීමත් සමඟ පාරිභෝගිකයින් මත ඇති කෙරෙන අමතර පිරිවැය පීඩනය සමතුලිත කිරීමට ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය  උත්සාහ කළ නිසා එය දුෂ්කර තීරණයක් බව එහි සභාපතිනි Clare Savage පැවසුවාය.

මෙම නව මිල නියම කිරීමේදී, දැනටමත් ජීවන වියදම් පීඩනය සමඟ පොරබදමින් සිටින ඇතැම් පාරිභෝගිකයින්ට ඔවුන් විසින් සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව අවබෝධ කරගෙන සිටින බව ඇය පැවසුවාය.

තම ආයතනය මෙම මිල ගණනය කිරීම සඳහා බලපාන සියලුම සාධක පිළිබඳව විමර්ශනය කර ඇති අතර සිල්ලර වෙළෙන්දන්ට වත්මන් තත්ත්වයන් සහ යටින් පවතින පිරිවැය පිළිබිඹු කරන ආරක්ෂිත ශුද්ධ මිල ගණන් සකස් කර ඇති බවත් සභාපතිනි Clare Savage ප්‍රකාශ කළාය.
පාරිභෝගිකයින්ට තමන්ගේ තත්වයන් සඳහා හොඳම බලශක්ති සැලැස්ම පිළිබඳ විමර්ශනය කර එය තෝරා ගැනීම වඩාත් වැදගත් බව ද ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය සතුව Energy Made Easy නමින් බලශක්ති මිල සංසන්දනාත්මක වෙබ් අඩවියක් ඇත.

දැනට ගෘහස්ථ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බිල්පත් වලින් ඩොලර් 443 ක් හෝ 24% ක් ඉතිරි කර ගැනීමට ඉඩ සලසන දීමනා එයින් පෙන්වා ඇති බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනයේ සභාපතිනි Clare Savage සඳහන් කළාය.

සුළු පරිමාණ ව්‍යාපාර සඳහා එයින් $1,308 ක් හෙවත් 29% ක් ඉතිරි කරගත හැකි බව සඳහන්.



Share
Published 26 May 2022 3:57pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends