ඔස්ට්‍රේලියාව කොවිඩ් මඩින්න පැමිණි නවතම ඖෂධයේ මාත්‍රා ලක්ෂ 3 ක් ඇණවුම් කරයි (SBS සිංහල/ වාර්තා)

සුළු හා මධ්‍යස්ථ රෝග ලක්‍ෂණ ඇති වැඩිහිටි කොවිඩ් වයිරස් රෝගීන් සඳහා පළමු පෙළ ප්‍රතිකාරයක් ලෙස Molnupiravir වැඩි දියුණු කර ඇත.

An experimental drug for severe COVID-19 cuts the risk of hospitalisation or death by about half, interim clinical trial results suggest.

Source: AAP

කොවිඩ් වයිරසයට එරෙහිව ක්‍රියා කරන නව ප්‍රතිවයිරස් ඖෂධ කැප්සියුල ලක්ෂ 3 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇණවුම් කර තිබේ.

මෙම කැප්සියුලය භාවිත කිරීමෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයින් රෝහල් ගත කිරීම් 50% කින් පමණ අඩු කරන ප්‍රතිඵල පෙන්නුම් කර ඇත


Highlights

  • මෙම නව ප්‍රතිවයිරස් ඖෂධ කැප්සියුලය Molnupiravir නමින් හැඳින්වේ.
  • මෙය මගින් කොවිඩ් රෝගීන්ගේ රෝහල් ගත වීම හා මරණ 50% කින් පමණ අඩුවූ බව අත්හදා බැලීම්වලින් පෙන්නුම් කරයි.
  • වැඩිහිටි රෝගීන් විසින් දින පහක් පුරාවට දිනකට දෙවරක් Molnupiravir කැප්සියුල ගත යුතුවේ.

කොවිඩ් වයිරසයට එරෙහිව පැමිණි කැප්සියුලය

නව ප්‍රතිවයිරස් ඖෂධ කැප්සියුලය Molnupiravir නමින් හැඳින්වෙන අතර එය ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන දැවැන්තයෙකු වන Merck Sharp & Dohme විසින් නිෂ්පාදනය කර තිබේ.

එය දැනට අවසාන අදියරේ සායනික අත්හදා බැලීම්වල පවතී.

සුළු හා මධ්‍යස්ථ රෝග ලක්‍ෂණ ඇති වැඩිහිටි කොවිඩ් වයිරස් රෝගීන් සඳහා පළමු පෙළ ප්‍රතිකාරයක් ලෙස Molnupiravir වැඩි දියුණු කර ඇත.
මෙය මගින් කොවිඩ් රෝගීන්ගේ රෝහල් ගත වීම හා මරණ 50% කින් පමණ අඩුවූ අයුරු මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ අත්හදා බැලීම්වලින් පෙනී ගිය බව අදාළ ඖෂධ සමාගම පවසයි.

ඔස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් මෙම ඖෂධය දැන් අනුමත කරන්නේ නම් එය 2022 මුල් භාගයේ සිට ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා ගත හැකි වනු ඇත.
Oral drug molnupiravir.
Oral drug molnupiravir. Source: AAP

Molnupiravir ගත යුතු ආකාරය

වැඩිහිටි රෝගීන් විසින් දින පහක් පුරාවට දිනකට දෙවරක් Molnupiravir කැප්සියුල ගත යුතුවේ.

මෙම ඖෂධය ගබඩා කිරීමට ශීතකරණ අවශ්‍ය නොවන අතර තනියෙන් හෝ අවදානම් ස්ථානවලදී හෝ මෙය භාවිත කළ හැකිය.

ගිලින පෙත්තක් නිසා මෙය ඇත්තෙන්ම මිනිසුන්ට ඉතා පහසු ප්‍රතිකාරයක් බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

ඔස්ට්‍රේලියාව පුරා ඇති අවශ්‍යතා මත මේවා ලබා ගත හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය.
මේ අතර Sotrovimab සහ Remdesivir වැනි අනෙකුත් කොවිඩ් ප්‍රතිකාර ක්‍රම දැනටමත් වෛද්‍ය වෘත්තිකයන් විසින් කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කරමින් සිටී.

ඔස්ට්‍රේලියාවටද Sotrovimab නැමති ප්‍රතිදේහ ප්‍රතිකාරයේ අතිරේක මාත්‍රා 15,000 ක් ලැබී ඇත.

වයිරසය ප්‍රතිනිෂ්පාදනය නැවැත්වීම සඳහා එය භාවිතා කෙරේ.
Minister for Health Greg Hunt
Federal Health Minister Greg Hunt. Source: AAP

ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ ජාතික සැලසුමට රුකුලක්

කොවිඩ් එන්නත් සහ මෙවැනි නව ප්‍රතිකාර ක්‍රම මඟින් ඔස්ට්‍රේලියාව කොවිඩ් ආරක්ෂිතව යළි විවෘත කිරීම සහ ඔස්ට්‍රේලියාව කොවිඩ් ආරක්ෂිතව විවෘතව තැබීමේ ජාතික සැලැස්මට රුකුලක් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ යමින් පවතින අතරේ කොවිඩ් ප්‍රතිකාර සඳහා වූ පර්යේෂණ වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ආයෝඡනය කරමින් සහ ඒවා සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

"ඒ අතරේ කොවිඩ් වයිරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වන ප්‍රතිකාර ක්‍රම ඔස්ට්‍රේලියානුවන්ට ලබා දීමටද අප කැපවී සිටිනවා." යනුවෙන් අගමැති මොරිසන් අවධාරණය කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 5 October 2021 6:48pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends