ඔස්ට්‍රේලියාවේ නවතම සංක්‍රමණික කෝටාවත් සමග PR ගන්න පහසුම ප්‍රාන්ත හා ටෙරිටරි මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙවර නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත වලින් මෙන්ම Australian Capital Territory වලින් 190 හා 491 වීසා ලබාගැනීමේ වැඩි ඉඩක් පවතින බව පෙනී යයි.

Australian State and Territory nominated visa allocations for 2021-22

Greens to introduce legislation to extend Australian visas for people stuck overseas Source: SBS

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව සහ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතින නමුත් ප්‍රාන්ත හා ටෙරිටරි සංක්‍රමණික කෝටාවන් හි යම් සංශෝධන සිදුවී ඇත.


Highlights

  • පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතියි.
  • 2021/22 ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් සලකා බැලීමේදී ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර එය 9,840 කි.
  • මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට වන අතර එය 6,200 කි.

ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව

2021/22 වසර සඳහාද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව Skill, Family සහ Child යන ඛාණ්ඩ 3 කට බෙදා තිබේ.

පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතියි.
ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව පහත අන්දමින් බෙදා දැක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.
2021-22 FY Visa Allocations
Source: Department of Home Affairs
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල සංක්‍රමණික වැඩසටහන්

2021/22 වසරට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් වෙන් කිරීමේදී පහත පරිදි ඒවා ප්‍රධාන ඛාණ්ඩ තුනකට බෙදා වෙන් කර තිබේ.

  1. Skilled – Nominated (subclass 190)
  2. Skilled Work Regional (Provisional) (subclass 491)
  3. Business Innovation and Investment Program (BIIP)
මෙහිදී 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමි කරදෙන වීසා ඛාණ්ඩයකි.

එමෙන්ම 491 හා BIIP යන ඛාණ්ඩ හරහා ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට මග පාදයි.
ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි තම සංක්‍රමණික වැඩසටහන් සඳහා තමන්ටම වෙන්වූ නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව අදාළ අයදුම්කරුවන් ඒ ඒ නිර්ණායක වලට යටත්ව තම අයදුම්පත් මේ සඳහා යොමු කළ යුතු වේ.
More chance to get Permanent Residency in Australia from Health, Medical Research and Health sectors in Victoria
Source: AAP

2021/22 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්

2021/22 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

එම ප්‍රමාණය 9,840 කි.

මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට වන අතර එය 6,200 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයට මෙහි තෙවැනි ස්ථානය හිමිව ඇති අතර මෙවර වික්ටෝරියානු ප්‍රාන්තයට හිමිව ඇති කෝටාව 5,750 කි.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2021/22 වසර සඳහා හිමිවූ සංක්‍රමණික කෝටාව ප්‍රධාන ඛාණ්ඩ තුන අනුව පහත පරිදි වේ.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • Subclass 190 – 4,000
  • Subclass 491 – 3,640
  • Business Innovation and Investment Program – 2,200

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

  • Subclass 190 – 2,600
  • Subclass 491 – 2,600
  • Business Innovation and Investment Program – 1,000

 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න 

  • SBS Radio APP එකෙන් (Free)

වික්ටෝරියා ප්‍රාන්තය

  • Subclass 190 – 3,500
  • Subclass 491 – 500
  • Business Innovation and Investment Program – 1,750

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • Subclass 190 – 1,000
  • Subclass 491 – 1,250
  • Business Innovation and Investment Program – 1,400

ටස්මේනියා ප්‍රාන්තය

  • Subclass 190 – 1,000
  • Subclass 491 – 2,200
  • Business Innovation and Investment Program - 45

Australian Capital Territory

  • Subclass 190 - 600
  • Subclass 491 - 1,400
  • Business Innovation and Investment Program - 30

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • Subclass 190 – 1,100
  • Subclass 491 - 340
  • Business Innovation and Investment Program - 360

Northern Territory

  • Subclass 190 - 500
  • Subclass 491 - 500
  • Business Innovation and Investment Program - 75
මේ අනුව නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත වලින් මෙන්ම Australian Capital Territory වලින් 190 හා 491 වීසා ලබාගැනීමේ වැඩි ඉඩක් පවතින බව පෙනී යයි.

Source - SBS Sinhala Radio - Australia
 


Share
Published 5 July 2021 11:47am
Updated 5 July 2021 12:15pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends