ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිවී සිටින IPL ගැසූ ඔස්ට්‍රේලියානුවන් ලංකාවට හෝ මාල දිවයිනට පිටත් කර හැරීමේ සූදානමක් (SBS සිංහල/ වාර්තා)

ඉන්දියාවේ සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හට මැයි 15 තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරමින් පැනවූ සංචාරක තහනම ඔවුන්ව ඔස්ට්‍රේලියාවට සෘජුව ගෙන්වා ගැනීමට නොහැකිවීමට හේතුවී තිබේ.

Cricket Australia interim CEO Nick Hockley (R) and Australian Crickters' Association CEO Todd Greenberg (L) during a press conference in Sydney on 5 May, 2021.

Cricket Australia interim CEO Nick Hockley (R) and Australian Crickters' Association CEO Todd Greenberg (L) during a press conference in Sydney on 5 May, 2021. Source: AFP

ඉන්දියාවේ බරපතලව පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අවලංගු කළ Indian Premier League හෙවත් IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට හෝ මාල දිවයිනට පිටත් කර හැරීමේ සූදානමක් පවතී.

ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව විසින් පැනවූ සංචාරක තහනම මීට හේතුවී තිබේ.


Highlights

  • IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානුවන් 38 දෙනෙකු ඉන්දියාවේ සිරවෙයි.
  • ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව විසින් පැනවූ සංචාරක තහනම නිසා ඔවුන්ට මැයි 15 තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී තිබේ.
  • එනිසා එම ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට හෝ මාල දිවයිනට පිටත් කර හැර ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට Cricket Australia ආයතනය අපේක්ෂා කරයි.

IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ සිරවෙයි

මෙවර IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් 38 දෙනෙකු මේ වන විට ඔස්ට්‍රේලියාවට ඒමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටියි.

ඉන්දියාවේ සිට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු හට මැයි 15 තෙක් ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කරමින් පැනවූ සංචාරක තහනම ඔවුන්ව ඔස්ට්‍රේලියාවට සෘජුව ගෙන්වා ගැනීමට නොහැකිවීමට හේතුවී තිබේ.

කෙසේවෙතත්, තවත් දින දෙක තුනකින් එම ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට හෝ මාල දිවයිනට පිටත් කර හැරීමට Cricket Australia ආයතනයේ අතුරු ප්‍රධාන විධායක Nick Hockley අපේක්ෂා කරයි.

ඉන් අනතුරුව ඔවුන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන විශේෂ ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත.

"අපි කිසිම ආකාරයක විශේෂ නිදහස් කිරීමමක් අපේක්ෂා කරන්නේ නැහැ. අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ඔවුන් ආරක්ෂිතව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමයි." යනුවෙන් Nick Hockley මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
Cricket Australia interim CEO Nick Hockley.
Cricket Australia interim CEO Nick Hockley. Source: AFP

Michael Hussey ට කොවිඩ් ආසාදනය වෙයි

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සුපිරිතම පිතිකරුවෙකු වන Michael Hussey හට ඉන්දියාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙවර IPL තරගාවලියේ Chennai Super Kings කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ තත්ත්වය හමුවේ අනෙක් ඔස්ට්‍රේලියානුවන් සමග Michael Hussey ඔස්ට්‍රේලියාවට නොපැමිණෙනු ඇති බවත් ඔහු තවත් දින 10 ක් ඉන්දියාවේ නිරෝධායනය විය යුතු බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක Todd Greenberg පැවසීය.

Hussey ගේ කොරෝනා රෝග ලක්ෂණ මධ්‍යම ප්‍රමාණයේ පවතින බවත් ඔහු ශක්තිමත්ව සිටින බවත් Greenberg පැවසීය.

ඉන්දියාවේ සිරවුණු ඔස්ට්‍රේලියානුවන්

වර්තමාන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරිතම පිතිකරු Steve Smith, හිටපු ක්‍රිකට් නායක Ricky Ponting, වත්මන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමාජිකයෙකු වන Marcus Stoinis, හිටපු ක්‍රීඩක James Hopes ඉන්දියාවේ සිරවුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටිති.

Delhi Capitals කණ්ඩායමේ නායක Amit Mishra හට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එහි ප්‍රධාන පුහුණුකරු Ricky Ponting සහ ඉහත සඳහන් කළ සෙසු තිදෙනා හට හුදකලා වීමට සිදුව තිබේ.

එමෙන්ම Sunrisers Hyderabad කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම කණ්ඩායම නියෝජනය කරමින් සිටි David Warner සහ Mitchell Marsh හටද හුදකලා වීමට සිදුව තිබේ.

මේ අතර Kolkata Knight Riders කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වීම නිසා එම කණ්ඩායමේ සහය පුහුණුකරු David Hussey සහ ක්‍රීඩකයින් වන Pat Cummins, Ben Cutting හට ද හුදකලා වීමට සිදුව තිබේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Jason Behrendorff ද මේ වන විට ඉන්දියාවේ සිරවී සිටියි.

මේ අතර Adam Zampa, Andrew Tye සහ Kane Richardson යන ක්‍රීඩකයින් පසුගිය සතියේම IPL තරගාවලියෙන් ඉවත්වී Qatar හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් සිටී.

Share
Published 6 May 2021 4:15pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends