ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම සහ අඩුවෙන්ම අයදුම් කරන රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන් අතර වඩාත් ජනප්‍රියම රැකියා ක්ෂේත්‍ර ලෙස Hospitality සහ සංචාරක ක්ෂේත්‍ර දැක්විය හැකි බව Seek වෙබ් අඩවිය පවසයි.

Here are the most and least applied jobs in Australia

Source: AAP

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ද රැකියා ක්ෂේත්‍රයන්හි විශාල වෙනස්කම් සිදුවිය.

නමුත් මේ වන විට එය ක්‍රමිකව යථා තත්ත්වයට පත්වෙමින් පවතියි.

ඔස්ට්‍රේලියාවේ රැකියා දත්ත අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම ඉල්ලුම් කරන රැකියා සහ අඩුවෙන්ම ඉල්ලුම් කරන රැකියා පිළිබඳ වාර්තාවක් ඔස්ට්‍රේලියාවේ රැකියා ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවිය පළ කළේය.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ Waiting Staff, Kitchen & Sandwich Hands සහ Housekeeping යන රැකියා සඳහා වැඩිපුර අයදුම් කරන බව සඳහන්.
  • Receptionists, Data Entry & Word Processing සහ Administrative Assistants යන තනතුරු සඳහාද මේ වන විට වැඩිපුර අයදුම් කරන බව වාර්තා වේ.
  • Nursing - Midwifery, Neo-Natal, SCN & NICU යන රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ සාපේක්ෂව ඉතා අඩු පිරිසක් අයදුම් කරන බව අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම ඉල්ලුම් කරන රැකියා

මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන් අතර වඩාත් ජනප්‍රියම රැකියා ක්ෂේත්‍ර ලෙස Hospitality සහ සංචාරක ක්ෂේත්‍ර දැක්විය හැකි බව Seek වෙබ් අඩවිය පවසයි.

එහිදී Waiting Staff, Kitchen & Sandwich Hands සහ Housekeeping යන රැකියා සඳහා වැඩිපුර අයදුම් කරන බව සඳහන්.

එමෙන්ම පරිපාලන ක්ෂේත්‍රයේ ඇතැම් රැකියා සඳහා ද මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ වැඩියෙන් අයදුම් කරන බව වාර්තා වේ.

ඒ අතරින් Receptionists, Data Entry & Word Processing සහ Administrative Assistants යන තනතුරු සඳහා මේ වන විට වැඩිපුර අයදුම් කරන බව වාර්තා වේ.

Seek වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම ඉල්ලුම් කරන රැකියා 10 පහත පරිදි වේ.
Australia’s most applied jobs
Source: Seek

ඔස්ට්‍රේලියාවේ අඩුවෙන්ම ඉල්ලුම් කරන රැකියා

ඔස්ට්‍රේලියාවේ අඩුවෙන්ම ඉල්ලුම් කරන රැකියා ක්ෂේත්‍ර අතරින් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය අංශ ප්‍රමුඛ ස්ථානයක් ගනී.

එම ක්ෂේත්‍ර වලින් Nursing - Midwifery, Neo-Natal, SCN & NICU යන රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ සාපේක්ෂව ඉතා අඩු පිරිසක් අයදුම් කරන බව අනාවරණය වී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

ඊට අමතරව Tax Law, Insurance & Superannuation Law සහ Construction Law රැකියා සඳහා ද ඉතා අඩු පිරිසක් අයදුම් කරන බව සඳහන්.

Seek වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ අඩුවෙන්ම ඉල්ලුම් කරන රැකියා 10 පහත පරිදි වේ.
Australia’s least applied jobs
Source: Seek

Share
Published 4 May 2021 8:31pm
By Madhura Seneviratne

Share this with family and friends