ඔස්ට්‍රේලියාවේ මීළඟ අය වැයෙන් childcare වියදම් අඩුවෙන හැටි මෙන්න (SBS සිංහල/ වාර්තා)

childcare ක්ෂේත්‍රයට වැඩි සහන සැලසීමෙන් කාන්තාවන්ට වැඩිපුර රැකියාවල නිරතවීමට අවස්ථාව සැලසෙන අතර ඔවුන්ට වැඩිපුර සේවා පැය ගණනක් සේවය කිරීමට ද අවස්ථාව උදාවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne පැවසුවාය.

A child plays with toys at Narrabundah Cottage Childcare Centre in Canberra, Sunday, May 2, 2021.

Source: AAP

2021-22 මුල්‍ය වර්ෂය සඳහා වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් childcare ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 1.7 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට මධ්‍යම රජය සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ බව පැවසීය.


Highlights

  • එළඹෙන මැයි 11 වන දින ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2021-22 අය වැයේදී childcare ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 1.7 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සැලසුම් කර තිබේ.
  • වාර්ෂිකව $130,000 ක් හෝ ඊට වඩා අඩුවෙන් ආදායම් ලබන පවුල් වලට මේ මගින් සහන සැලසෙනු ඇත.
  • වයස අවුරුදු 5 ට වඩා අඩු ළමුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් childcare මධ්‍යස්ථානයකට යන විට ඔවුන්ට ලබාදෙන childcare ප්‍රතිලාභය 85% සිට 95% දක්වා ඉහළ දැමෙනු ඇත.

මීළඟ අය වැයෙන් childcare ක්ෂේත්‍රයට විශාල තල්ලුවක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2021-22 මුල්‍ය වර්ෂය සඳහා වූ අය වැය එළඹෙන මැයි 11 වන දින ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාවේ childcare ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 1.7 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සැලසුම් කර තිබේ.

වාර්ෂිකව $130,000 ක් හෝ ඊට වඩා අඩුවෙන් ආදායම් ලබන පවුල් වලට මේ මගින් සහන සැලසීම මධ්‍යම රජයේ අරමුණවී ඇත.

එමෙන්ම childcare මධ්‍යස්ථානයකට එක් ළමයෙකුට වඩා යවන දෙමාපියන් හට ලබාදෙන සහන තවත් වැඩි කිරීමටද මෙම සැලසුමෙන් අපේක්ෂා කරයි.

වයස අවුරුදු 5 ට වඩා අඩු ළමුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් childcare මධ්‍යස්ථානයකට යන විට ඔවුන්ට ලබාදෙන childcare ප්‍රතිලාභය 85% සිට 95% දක්වා ඉහළ දමා තිබේ.

මේ හරහා පමණක් ඩොලර් බිලියන 1.5 ක ආර්ථික වර්ධනයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරන අතර සතියකට අමතර පැය 300,000 ක් වැඩ කිරීමට අවස්ථාව උදාවනු ඇති බවත් සඳහන් වේ.

"එය සතියකට අමතර දිනයක් සේවය කරන සේවකයින් 40,000 කට සමාන වෙනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra, Thursday, April 15, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra Source: AAP

කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලැබීම

childcare ක්ෂේත්‍රයට වැඩි සහන සැලසීමෙන් කාන්තාවන්ට වැඩිපුර රැකියාවල නිරතවීමට අවස්ථාව සැලසෙන අතර ඔවුන්ට වැඩිපුර සේවා පැය ගණනක් සේවය කිරීමට ද අවස්ථාව උදාවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne පැවසුවාය.

ව්‍යාපාරික, සුභසාධන හා මුල් ළමා විය සංවර්ධනය කිරීමේ කණ්ඩායම් වෙතින් වඩාත් ලාභාදායී හා සංකීර්ණත්වයෙන් අඩු childcare ක්‍රමයක් ඉල්ලා සිටීමෙන් සතියකට පසුව මෙම නිවේදනය නිකුත් විය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කෙසේවෙතත්, කම්කරු පක්ෂය විසින් ඉදිරිපත් කළ universal childcare පැකේජය හා සාපේක්ෂව බලන කළ මෙම childcare පැකේජයේ ලාභදායී මට්ටම අඩුය.

විශ්වීය මට්ටමේ හා ආර්ථිකව දැරිය හැකි මට්ටමේ childcare ක්‍රමයක් කරා ගමන් කිරීමට මධ්‍යම රජයේ මෙම යෝජිත සැලසුම කිසිදු අයුරකින් ඉවහල් නොවන බව විපක්ෂ නායක Anthony Albanese පැවසීය.

childcare යනු සුබ සාධනය නොවන බව ඔහු පැවසුවේය.

"childcare යනු අපගේ ආර්ථිකය නංවාලීමට අත්‍යවශ්‍ය සේවාවක් සැපයීමයි, ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලය වැනි සංවිධානවලට මෙන් childcare ක්ෂේත්‍රය සඳහාද ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි" යනුවෙන් විපක්ෂ නායක Anthony Albanese වැඩිදුරටත් පැවසීය.

කම්කරු පක්ෂය විසින් ඉදිරිපත් කළ childcare සහන පැකේජයෙන් ඔස්ට්‍රේලියානු පවුල් සඳහා මීට වඩා විශාල වශයෙන් සහන හිමිවන බව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers සඳහන් කළේය.

Share
Published 4 May 2021 11:19am
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends