ඔස්ට්‍රේලියාවේ අග නගර වල පිරිස් ප්‍රාදේශීය කලාපවලට සංක්‍රමණය වීම වාර්තාගත ලෙස ඉහළට (SBS සිංහල/ වාර්තා)

නවතම දත්ත වලට අනුව වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් අහිමිවූ අග නගරය ලෙස Greater Sydney අනාවරණය වී ඇති අතර එම අගය 31,600 කි.

Australian Federal budget 2022

Source: Getty Images

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සිට ප්‍රාදේශීය ප්‍රදේශ (regional areas) වෙත පදිංචියට ගිය Net migration හෙවත් ශුද්ධ සංක්‍රමණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරන පරිදි 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සිට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත ගිය පිරිස 43,000 කි.


Highlights

  • මෑත දශක කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ අග නගරවල සිට වැඩි පිරිසක් ප්‍රාදේශීය කලාපවලට සංක්‍රමණය වූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
  • ඒ අනුව 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සිට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත ගිය ශුද්ධ සංක්‍රමණය 43,000 කි.
  • වසර 2020 දී ප්‍රාදේශීය කලාප වලට වැඩිපුරම සංක්‍රමණ සිදුව ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වන අතර එම ප්‍රමාණය 16,970 කි.

පසුගිය වසර කිහිපයේ ඉහළ ප්‍රවණතාවක්

මෑත දශක කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල සිට අග නගරවලට වාසය කිරීම සඳහා පැමිණීමේ අගයට වඩා අග නගරවල සිට වැඩි පිරිසක් ප්‍රාදේශීය කලාපවලට සංක්‍රමණය වූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජන විකාශ අධ්‍යක්ෂ Phil Browning පවසයි.

"COVID-19 වසංගතය අතරේ ඔස්ට්‍රේලියාව තුළ තවමත් පදිංචිය උදෙසා විවිධ ස්ථාන මාරු කිරීම් සිදුවනවා. 2020 දී ප්‍රාදේශීය කලාපවල පදිංචිය සඳහා පුද්ගලයින් 233,100 ක් පැමිණ තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය කලාපවලින් පුද්ගලයින් 190,200 ක් අග නගර වලට පිටව ගොස් තිබෙනවා." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සිට ප්‍රාදේශීය ප්‍රදේශ වෙත ගිය ශුද්ධ සංක්‍රමණය 43,000 කි.

2019 වසරේදී එම අගය 18,900 ක් විය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ප්‍රාන්ත මට්ටමින් සිදුවූ සංක්‍රමණ

වසර 2020 දී ප්‍රාදේශීය කලාප වලට වැඩිපුරම සංක්‍රමණ සිදුව ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වන අතර එම ප්‍රමාණය 16,970 කි.

වික්ටෝරියානු ප්‍රාන්තය හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම ලැයිස්තුවේ පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටියි.

2019 සහ 2020 වසරවල අග නගරවලට සහ ප්‍රාදේශීය කලාප වලට සිදුවූ සංක්‍රමණික අගයන් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබුණේ පහත අයුරිනි.
Net migration to the regions highest on record in Australia
Source: ABS
නවතම දත්ත වලට අනුව වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් අහිමිවූ අග නගරය ලෙස Greater Sydney අනාවරණය වී ඇති අතර එම අගය 31,600 කි.

මෙල්බර්න් නුවරට පුද්ගලයින් 26,100 ක් අහිමිවී ඇති අතර ඉතිහාසයේ මෙල්බර්න් නුවර අතහැර ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ලෙස ද එය වාර්තා වේ.

Share
Published 6 May 2021 11:45am
By Madhura Seneviratne

Share this with family and friends