ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළට, රැකියා කරන ඔබට එය බලපාන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

මෙම ඉහළ දැමීම ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නන් 180,000 සඳහා සතිපතා වැටුප ඩොලර් 812.60 දක්වා ගෙන එනු ඇත.

minimum wage

The Fair Work Commission has handed down it's annual decision on the minimum wage Source: AAP

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පැයකට $21.38 දක්වා ඉහළ දමන බව Fair Work කොමිසම අද (ජුනි 15) නිවේදනය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සතියකට ඩොලර් 40කින් පමණ ඉහළ යනු ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පැයකට $21.38 දක්වා ඉහළ දමන බව Fair Work කොමිසම නිවේදනය කළේය.
  • මෙම ඉහළ දැමීම ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නන් 180,000 සඳහා සතිපතා වැටුප ඩොලර් 812.60 දක්වා ගෙන එනු ඇත.
  • මෙම වැටුප් වැඩි වීම ජූලි 01 දින සිට ක්‍රියාත්මක වනු ඇති බව Fair Work කොමිසමේ සභාපති Iain Ross පැවසීය.

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළට

ඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් පවතින උද්ධමනය මධ්‍යයේ මෙලෙස ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දමන බව Fair Work කොමිසම නිවේදනය කළේය.

මෙම වැටුප් ඉහළ දැමීම ප්‍රතිශතයක් ලෙස ගත් කළ 5.2% කි.

මෙම ඉහළ දැමීම ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නන් 180,000 සඳහා සතිපතා වැටුප ඩොලර් 812.60 දක්වා ගෙන එනු ඇත.

තවද මෙම වැටුප් වැඩි වීම ජූලි 01 දින සිට ක්‍රියාත්මක වනු ඇති බව Fair Work කොමිසමේ සභාපති Iain Ross පැවසීය.


ජීවන වියදම ඉහළ යාම සහ උද්ධමනය ඉහළ යාම ඔස්ට්‍රේලියාවේ අවම වැටුප වැඩි කිරීමට අනුබල දී ඇති බව ඔහු පැවසීය.

මෙම සංශෝධනය ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති නොකරනු ඇති බව ද ඔහු පැවසීය.

Fair Work කොමිසම modern award ශ්‍රේණියේ අවම වැටුප් සතියකට ඩොලර් 40 කින් හෝ 4.6% කින් හෝ වැඩි කිරීමට ද යෝජනා කළේය.
A stock photograph of Australian currency and a wages envelope
Source: AAP Image/Dave Hunt

වෘත්තීය සමිතිවල පැසසුම් ලැබෙන අතරේ ව්‍යාපාර නොසතුටින්

දැනට පවතින උද්ධමන අනුපාතිකය වන 5.1%ට වඩා ඉදිරියෙන් තබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ අවම වැටුපට 5.5% ක වැඩිවීමක් අවශ්‍ය බවට මෙම තීරණය නිවේදනය කිරීමට පෙර වෘත්තීය සමිති විසින් ඉල්ලීමක් කළේය.

වැටුප් වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් තම සංගමය සතුටට සහ ආඩම්බරයට පත්වන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ (ACTU) ලේකම් Sally McManus පැවසුවාය.
මෙම තීරණය අඩු වැටුප් ලබන ශ්‍රමිකයින් හට පවතින පීඩනයට සැලකිය යුතු වෙනසක් ඇති කරනු ඇතැයිද Sally McManus  පැවසුවාය.

මෙම වැටුප් වැඩිවීම නිසා අඩු ආදායම්ලාභී ශ්‍රමිකයින්ට තමන්ගේ නිවාස කුලී ගෙවීමට, සිල්ලර බඩු මිලදී ගැනීමට සහ බලශක්ති බිල්පත් ගෙවීමට වඩා හොඳ හැකියාවක් ලැබෙනු ඇති බවද ඇය සඳහන් කළාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

කෙසේ වෙතත්, hospitality සහ ගුවන් සේවා අංශ ඇතුළුව ශ්‍රම බලකායේ ඇතැම් කොටස් සඳහා වැටුප් වැඩිවීමේ ප්‍රමාදය ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus විසින් විවේචනය කරන ලදී.

ඕනෑම වැටුප් වැඩිවීමක් 2.5% කට සීමා කළ යුතු බව Australian Industry Group තර්ක කළේය. පසුගිය වසරේ ජාතික අවම වැටුප සතියකට ඩොලර් 772.60 ක් හෝ පැයකට ඩොලර් 20.33 ක් දක්වා 2.5% කින් වැඩි විය.

අවම වැටුප් වැඩිවීම සැලකිය යුතු ආර්ථික අවදානමක් ලෙස ඔස්ට්‍රේලියානු වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී Andrew McKellarපැවසුවේය.

මෙම පිරිවැය ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආපසු ලබා දිය හැකි බරක් වන අතර එය උද්ධමන පීඩනයට එකතු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.



Share
Published 15 June 2022 5:31pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends