ඔස්ට්‍රේලියාවේ IT උපාධිධාරීන්ට තිබෙන හොඳම රැකියා අවස්ථා මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඉදිකිරීම්, ආයතනික සේවා, නිෂ්පාදනය සහ සෞඛ්‍ය සේවා අභිබවා IT ක්ෂේත්‍රය ඉදිරියට පැමිණ තිබේ.

Here are the best job opportunities for IT graduates in Australia

Source: Pixabay/ Free-Photos

මෘදුකාංග සහ තොරතුරු තාක්‍ෂණ සේවාවන් (Software and IT services) ඔස්ට්‍රේලියාවේ වැඩිම උපාධිධාරීන් බඳවා ගන්නා බව හෙළිවී තිබේ.

එනිසාම ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ කුසලතාවයන් සඳහා වන අවශ්‍යතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව වෘත්තීය ක්ෂේත්‍රයන්හි ප්‍රබලතම සමාජ මාධ්‍ය ජාලය වන LinkedIn පවසයි.


Highlights

  • IT ක්ෂේත්‍රයට සෑම වසරකම තාක්ෂණික සේවකයින් 60,000 ක් පමණ අවශ්‍ය නමුත් වාර්ෂිකව උසස් අධ්‍යාපනය අවසන් කර පිටතට පැමිණෙන්නේ IT ක්ෂේත්‍රයේ උපාධිධාරීන් 7,000 ක් පමණි.
  • 2019 වසරේදී IT උපාධි පාඨ මාලා සඳහා ඔස්ට්‍රේලියාවේ දේශීය සිසුන් 41,000 ක් ලියා පදිංචි වී ඇත.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික වැඩසටහන සඳහා සලකා බලන ප්‍රධාන රැකියා ලැයිස්තුව වන Priority Migration Skilled Occupation ලැයිස්තුවේ ද IT ක්ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක්ම පවතී.

ඔස්ට්‍රේලියාවේ IT ක්ෂේත්‍රය

ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඉදිකිරීම්, ආයතනික සේවා, නිෂ්පාදනය සහ සෞඛ්‍ය සේවා අභිබවා IT ක්ෂේත්‍රය ඉදිරියට පැමිණ තිබේ.

එය ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් ක්ෂේත්‍රය වර්ධනය වීමේ එක් ලකුණක් බව LinkedIn ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කළමණාකරු Matt Tindale පැවසූ බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය පවසයි.
රැස්වීම්, අධ්‍යාපන කටයුතු සහ සාප්පු සවාරි වැනි ජනතාවගේ එදිනෙදා ජීවිතයේ බොහෝ ඉසව් online හරහා කිරීමට සිදුවීමෙන් මෘදුකාංග සහ තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත වලට කාර්ය බහුල තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔහු පැවසීය.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

මේ අතර ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ 2021 Digital Pulse වාර්තාවද උපාධිධාරී සේවකයින්ගේ අවශ්‍යතාවය මැන බැලීමට පියවර ගෙන තිබේ.

IT ක්ෂේත්‍රයට සෑම වසරකම තාක්ෂණික සේවකයින් 60,000 ක් පමණ අවශ්‍ය නමුත් වාර්ෂිකව උසස් අධ්‍යාපනය අවසන් කර පිටතට පැමිණෙන්නේ IT ක්ෂේත්‍රයේ උපාධිධාරීන් 7,000 ක් පමණ බව එහිදී සොයාගෙන ඇත.

IT උපාධි මේ වන විට ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය වෙමින් තිබෙන අතර 2019 වසරේදී IT උපාධි පාඨ මාලා සඳහා ඔස්ට්‍රේලියාවේ දේශීය සිසුන් 41,000 ක් ලියා පදිංචි වී ඇති බවද වාර්තා වේ.
Here are the best job opportunities for IT graduates in Australia
Source: Pixabay/ StartupStockPhotos

ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් සහිත IT ක්ෂේත්‍රයේ රැකියා

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද ඔස්ට්‍රේලියාවේ IT ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවම මට්ටමක ඍණාත්මක බලපෑමක් සිදුවූ බව පෙනී යයි.

මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික වැඩසටහන සඳහා සලකා බලන ප්‍රධාන රැකියා ලැයිස්තුව වන Priority Migration Skilled Occupation ලැයිස්තුවේ ද IT ක්ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක්ම පවතී.

ඒවා පහත පරිදි වේ.

  • Multimedia Specialist
  • Analyst Programmer
  • Developer Programmer
  • Software Engineer
  • Software and Applications Programmers
  • ICT Security Specialist

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඊට අමතරව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි විසින් ක්‍රියාත්මක කරනු ලබන Skilled වීසා වැඩසටහන් යටතේ වන රැකියා ලැයිස්තුවලද පුළුල් පරාසයක IT ක්ෂේත්‍රයේ වෘත්තීන් ඇතුළත් වී තිබේ.

ඒ අතරින් පහත වෘත්තීන් ප්‍රධාන වේ.

  • ICT Business Analyst
  • ICT Systems Analyst
  • Web Developer
  • Database Administrator
  • Systems Administrator
  • Computer Network Professional
  • ICT Support and Test Engineer
  • Cyber Security Specialist

Share
Published 5 August 2021 3:58pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends