විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසු කරන බවට කම්කරු පක්ෂයෙන් පොරොන්දුවක් (SBS සිංහල/ වාර්තා)

කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally විසින් කෙටි කාලීන තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ යැපීම ප්‍රතිසංස්කරණය කිරීමේ තම පක්ෂයේ අභිප්‍රාය හෙළිදරව් කර තිබේ.

Pedestrians cross the intersection in front of Flinders Street Station in Melbourne, March, 2019.

Pedestrians cross the intersection in front of Flinders Street Station in Melbourne. Source: AAP

තම පක්ෂය එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන ප්‍රතිසංස්කරණය කරන බව කම්කරු පක්ෂය පොරොන්දුවී තිබේ.

එහිදී තාවකාලික සංක්‍රමණයට වඩා ස්ථිර සංක්‍රමණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව කම්කරු පක්ෂය පැවසීය.


Highlights

  • විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වීම පහසු කිරීමට අවශ්‍ය බව කම්කරු පක්ෂය පෙන්වා දී ඇත.
  • පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally, SBS පුවත් වෙත පැවසුවාය.
  • තාවකාලික වීසා බලපත්‍රවල සිට ස්ථිර වීසා වෙත පුද්ගලයන් මාරු කිරීම වඩාත් “සංවේදී” සහ “විනිවිද පෙනෙන” කාර්යයක් බවට පත් කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.

සංක්‍රමණ වැඩසටහන ප්‍රතිසංස්කරණයට කම්කරු පක්ෂයේ සූදනමක්

ඔස්ට්‍රේලියාවේ මීළඟ මහ මැතිවරණය 2022 මැයි 21 වන දින පැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ඊයේ (10/04) නිවේදනය කළේය.

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවලදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන ප්‍රධාන පක්ෂ දෙකෙහිම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally විසින් කෙටි කාලීන තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ යැපීම ප්‍රතිසංස්කරණය කිරීමේ තම පක්ෂයේ අභිප්‍රාය හෙළිදරව් කර තිබේ.

එලෙස ප්‍රතිසංස්කරණය කිරීමේදී අනුගමනය කරන වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ නිශ්චිත විස්තරයක් මේ වන විට නිකුත් කර නොමැත.

නමුත් විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වීම පහසු කිරීමට අවශ්‍ය බව කම්කරු පක්ෂය පෙන්වා දී ඇත.
ඔස්ට්‍රේලියාව මේ වන විට ආගන්තුක සේවක ජාතියක් හෙවත් ආගන්තුකයින්ගෙන් සේවය ලබාගන්නා රටක් බවට පත්වී ඇති බව කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally, SBS පුවත් වෙත පැවසුවාය.

දේශසීමා නැවත විවෘත කිරීම ඔස්ට්‍රේලියාවට තාවකාලික සංක්‍රමණ මත යැපීම අඩු කිරීමට අවස්ථාවක් ලබා දෙන බවත් ස්ථිර සංක්‍රමණය සඳහා කම්කරු පක්ෂය සහය ලබා දෙන බවත් ඇය සඳහන් කළාය.
Shadow Minister for Home Affairs Kristina Keneally in the Senate chamber at Parliament House.
Shadow Minister for Home Affairs Kristina Keneally in the Senate chamber at Parliament House. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඡායා ඇමතිනි Kristina Keneally, SBS පුවත් වෙත පැවසුවාය.

පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය ප්‍රකාශ කළාය.

එහිදී අඩු වැටුප් මත තාවකාලික සේවකයින්ගේ ස්ථාවර වැඩසටහනක් සැපයීමට වඩා පුහුණු ශ්‍රමිකයින් හිඟ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඇය අවධාරණය කළාය.
"අපගේ සංක්‍රමණ වැඩසටහන තාවකාලික සංක්‍රමණයට වඩා ස්ථීර සංක්‍රමණයට අනුග්‍රහය දැක්විය යුතු අතර සමාන අයිතිවාසිකම් ඇති සහ අපගේ ජාතික ජයග්‍රහණ කෙරෙහි උනන්දුව බෙදාහදා ගන්නා ජනතාවක් නිර්මාණය කිරීමට ඒ හරහා හැකියි" යනුවෙන් ද ඇය පැවසුවාය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු විස්තරයක් සැපයීමට කම්කරු පක්ෂය අපොහොසත් වී ඇති බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke කම්කරු පක්ෂයට චෝදනා කළේය.
skilled migrants
Source: Getty

ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින්

COVID-19 වසංගතයට පෙර ඔස්ට්‍රේලියාවේ කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ළඟා විය.

නමුත් ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීමෙන් පසුව එය මිලියන 1.8 දක්වා විශාල ලෙස පහත වැටී ඇත.

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන් සංඛ්‍යාව පිළිබඳ දත්ත සාපේක්ෂව ස්ථිර සංක්‍රමණ මට්ටම්වලට වඩා වෙනස්ව මෑත වසරවලදී වැඩි වීමක් පෙන්නුම් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


"පසුගිය වසර පහ, හය, හත තුළ ප්‍රතිපත්තිමය වෙනස්කම්වල ධනාත්මක තත්ත්වයක් ඇති කර ඇති අතර එය අඩු කුසලතා සහිත ආගන්තුක-සේවක සමාජයක් සිටිනා මාවතට ඔස්ට්‍රේලියාව ගෙන ගොස් තිබෙනවා." යනුවෙන් ඔහු SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

තාවකාලික වීසා බලපත්‍රවල සිට ස්ථිර වීසා වෙත පුද්ගලයන් මාරු කිරීම වඩාත් “සංවේදී” සහ “විනිවිද පෙනෙන” කාර්යයක් බවට පත් කළ හැකි බව ඔහු විශ්වාස කරයි.
ඇතැම් පුද්ගලයින් තාවකාලික වීසා බලපත්‍ර මත වසර ගණනාවක් සිරවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන්ම තාවකාලික වීසා ලාභීන් බොහෝ රැකියාවලදී ශ්‍රම සූරා කෑමකට ලක්වේ.

මෙම සූරා කෑම නැවත්වීමටද තම සංක්‍රමණ ප්‍රතිසංස්කරණ හරහා අපේක්ෂා කරන බව කම්කරු පක්ෂ නායක Anthony Albanese පැවසීය.





Share
Published 11 April 2022 12:32pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends