සිඩ්නි කොරෝනා පොකුර වර්ධනය වීම නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අනෙක් ප්‍රාන්ත වලින් සංචරණ සීමා

සිඩ්නි නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා තත්ත්වයේ නවතම තොරතුරු සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

NSW Police officers are seen at the NSW-Victoria border crossing in Howlong near Albury, NSW, on 8 July, 2020.

NSW travellers face travel restrictions from other Australian States due to the Sydney Covid-19 cluster Source: AAP

සිඩ්නි නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොරෝනා නීති පැනවීමට කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට විවිධ සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ නිසාම පවුල් දහස් ගණනකගේ පාසල් නිවාඩු සැලසුම් ද කඩාකප්පල් වී ඇතැයි වාර්තා වනවා.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන සිඩ්නි නුවර රියදුරෙකු හට පසුගිය සතියේදී කොරෝනා වයිරසය වැළඳීම මෙම කොරෝනා පොකුරට ඇරඹුම වුණා.

මේ වන විට Bondi ප්‍රදේශය ආශ්‍රිතව හටගත් එම කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම කොරෝනා තත්ත්වය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා තවදුරටත් පැතිරීම වැළක්වීම උදෙසා Greater Sydney, Central Coast, Blue Mountains, Wollongong සහ Shellharbour යන කලාප වෙත නව කොරෝනා නීති පැනවීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළා.

එම කොරෝනා නීති ඊයේ (23/06) පස්වරු 4 සිට ක්‍රියාත්මක වීම  ඇරඹුණු අතර අවම වශයෙන් සතියක් හෝ ඒවා පවතින බව සඳහන්.

ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian යළිත්වරක් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියා.
NSW Premier Gladys Berejiklian addresses media during a press conference at NSW Parliament, in Sydney, Wednesday,  23 June, 2021.
NSW Premier Gladys Berejiklian Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා නීති

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Greater Sydney, Central Coast, Blue Mountains, Wollongong සහ Shellharbour යන කලාප වෙත පනවා ඇති නව කොරෝනා නීති වෙත දැන් අපි අවධානය යොමු කරමු.

  • ළමයින් ද ඇතුළුව උපරිම අමුත්තන්  පස් දෙනෙකුට නිවසකට පැමිණිය හැකියි.
  • නිවසින් බැහැරව සියලුම ගෘහස්ථ ස්ථානවල අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳ සිටිය යුතුය.
  • අවන්හල් වැනි ගෘහස්ථ ස්ථානවල සිටගෙන සිටියදී මත් පැන් පානය කිරීමට අවසර නැත.
  • ගෘහස්ත ප්‍රසංග වලදී ප්‍රේක්ෂකයින් විසින් ගායනා කිරීම හෝ ගෘහස්ථ ආගමික ස්ථානවල ජනයා එක් රැස්වීම් තහනම් කර ඇත.
  • hospitality ස්ථානවල අභ්‍යන්තරයේ හෝ රාත්‍රී සමාජ ශාලා වල නර්තනය සඳහා අවසර නැත.
  • කෙසේ වෙතත් මංගල උත්සවවලදී පමණක් නර්තනයට උපරිම 20 දෙනෙකු දක්වා අවසර දී තිබෙනවා.
  • නර්තන සහ කායවර්ධන පන්ති 20 දෙනෙකුට සීමා කර ඇති අතර ඔවුන් සියල්ල මුව ආවරණ පැළඳිය යුතුයි.
  • විවාහ සහ අවමංගල උත්සව ඇතුළුව සියළුම ගෘහස්ථ හා එළිමහන් උත්සව සඳහා වර්ග මීටර හතරකට එක් අයෙකු සිටිය යුතුයි යන නීතිය නැවත හඳුන්වා දී තිබෙනවා.
  • එළිමහන් අසුන් ගැනීමේ ඉසව් සඳහා සහභාගී විය හැක්කේ පවතින අසුන්ගැනීමේ ධාරිතාවයෙන් සියයට 50 කට පමණි.
ඊට අමතරව Sydney, Waverley, Randwick, Canada Bay, Inner West, Bayside, සහ Woollahra යන නගර සභා කලාප වල ජීවත්වන හා රැකියා කරන පුද්ගලයින්ට අත්‍යවශ්‍ය හේතුවක් නොමැතිව සිඩ්නි මෙට්‍රොපොලිටන් කලාපයෙන් පිටතට සංචරණය කිරීම තහනම් බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැනවූ


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අනෙක් ප්‍රාන්ත වලින් සංචරණ සීමා

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්ත්වය හේතුවෙන් අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි තම ප්‍රාන්ත සීමාවන් සඳහා පැනවූ සංචරණ නීති පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප හතේ ඕනෑම පුද්ගලයෙකු හට වික්ටෝරියා, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් වසා දමා තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමඟ ඇති ප්‍රාන්ත සීමාව වසා දමා ඇති අතර, අවසර ලත් පුද්ගලයින් සඳහා පමණක් ගමන් කිරීමට අවසර දී තිබෙනවා.

එම පුද්ගලයින්ද බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතු බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පවසනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද සිය ප්‍රාන්ත සීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට වසා දමා තිබෙනවා.

නමුත් අත්‍යවශ්‍ය සේවකයින්ට, දකුණු ඔස්ට්‍රේලියාව බලා එන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට සහ අවසර ලත් අනෙකුත් පුද්ගලයින්ට මෙම තහනම බල නොපාන බව සඳහන්.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමාව සමීපයේ වෙසෙන ජනතාවට තවමත් දකුණු ඔස්ට්‍රේලියාවට ඒමට ඉඩ දීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමාව දිගේ කිලෝමීටර් 100 ක buffer zone එකක් ස්ථාපනය කළ බව ප්‍රාන්ත අගමැති Steven Marshall පැවසුවා.

South Australian Premier Steven Marshall.
The death was announced by South Australian Premier Steven Marshall. Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

හෝටල් නිරෝධායනය තුළ කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව ක්වීන්ස්ලන්තය විසින් සොයාගෙන තිබෙනවා.

බ්‍රිස්බේන් ගුවන්තොටුපලේ නොවොටෙල් හෝටලයේ පස්වන මහලේ නැවතී සිටින කොරෝනා වයිරසයට ධනාත්මක වූ පුද්ගලයා ගේ කාමරයට යාබද කාමරයක නැවතී සිටින යුවළකට ඔවුන්ගේ දොර විවෘත කිරීමෙන් මෙම වයිරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වන්නට ඇති බව ක්වීන්ස්ලන්ත බලධාරීන් විශ්වාස කරනවා.

මේ සිදුවීමත් සමග විදෙස් රටවල සිට ක්වීන්ස්ලන්තයට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක නිරෝධායනය කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk යළි සිහිපත් කළා.
Queensland Premier Annastacia Palaszczuk.
Queensland Premier Annastacia Palaszczuk. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් ලිහිල් කෙරේ

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති අද මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ තීරණය කළා.

ඒ අනුව තමන්ගේ දරුවන් ද ඇතුළුව එක් දිනකදී අමුත්තන් 15 ක ට එක් නිවසකට යා හැකි අතර එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකියි.

මංගල සහ අවමංගල උත්සව සඳහා උපරිමව 300 කට සහභාගී වීමට අවසර දී තිබෙනවා.

කෙසේනමුත්, කොරෝනා රෝග ලක්ෂණ මද වශයෙන් ඇති වුවද ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino වික්ටෝරියානු වාසීන්ට යළිත් සිහිපත් කළා.                              

වික්ටෝරියානු ප්‍රාන්තයේ හෙට සිට සම්පූර්ණ ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50% කට සිනමාහල් විවෘත කළ හැකි උපරිමව ප්‍රේක්ෂකයින් 1,000 ක් දක්වා ගෙන්වා ගත හැකියි.

නමුත් නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වෙනවා.

මෙම නව කොරෝනා නීති ඉදිරි සති දෙක සඳහා ක්‍රියාත්මක වන බවද සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් ලිහිල් කළ .



Share
Published 24 June 2021 12:36pm
Updated 24 June 2021 12:42pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends