ඔස්ට්‍රේලියානු විපක්ෂයේ නායකත්ව වෙනසක්, ලිබරල් නායකත්වයට Dutton, Littleproud නැෂනල්ස් නායකත්වයට (SBS සිංහල/ වාර්තා)

ලිබරල් පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පත් කිරීම මෙන්ම Nationals පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පත් කිරීම අද (30/05) පෙරවරුවේ කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ලිබරල් පක්ෂ රැස්වීමේදී සිදු කෙරිණි.

Peter Dutton elected Liberal leader, David Littleproud defeats Barnaby Joyce to lead Nationals

Newly elected Leader of the Liberal Party Peter Dutton and newly elected Deputy Leader of the Liberal Party Sussan Ley Source: AAP

ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය Peter Dutton අද (30/05) නිතරඟයෙන් පත් විය.

ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට මන්ත්‍රිනී Sussan Ley තේරී පත් විය.

මේ අතර නැෂනල්ස් පක්ෂයේ නව නායකයා ලෙස එහි හිටපු නියෝජ්‍ය නායක David Littleproud පත් වී තිබේ.


Highlights

  • ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස Peter Dutton ද නියෝජ්‍ය නායක ධුරයට Sussan Ley ද නිතරඟයෙන් තේරී පත් වූහ.
  • Nationals පක්ෂයේ නව නායකයා ලෙස David Littleproud තේරී පත්වූ අතර නව නියෝජ්‍ය නායකයා ලෙස Perin Davey තේරී පත් වුවාය.
  • වසර නවයකට පසු ලිබරල් සන්ධානය ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ විපක්ෂයට පැමිණ තිබේ.

ලිබරල් පක්ෂ නායකත්වයට Peter Dutton

ලිබරල් පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පත් කිරීම අද (30/05) පෙරවරුවේ කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ලිබරල් පක්ෂ රැස්වීමේදී සිදු කෙරිණි.

එහිදී ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස Peter Dutton ද නියෝජ්‍ය නායක ධුරයට Sussan Ley ද නිතරඟයෙන් තේරී පත් වූහ.
මැතිවරණ පරාජයත් සමග හිටපු අග්‍රාමාත්‍ය Scott Morrison අගමැති ධුරයෙන් මෙන්ම ලිබරල් පක්ෂ නායකත්වයෙන්ද ඉවත් වන බව පැවසීය.

මේ අතර ලිබරල් පක්ෂයේ නව නායකයින්ට Scott Morrison සුබ පැතුම් එක් කර තිබේ.

"ඔවුන් ඇදහිය නොහැකි තරම් පළපුරුද්දක් ඇති, මනා දැනුමක් ඇති, ලිබරල් අරමුණ සහ ජාතිය යන දෙකටම ගැඹුරින් කැපවී සිටින ඔස්ට්‍රේලියානුවන් වන අතර ඔවුන් විශිෂ්ට කාර්යයක් කරනු ඇතැයි මම සිතමි" යනුවෙන් හිටපු අගමැති Morrison පැවසීය.

ඔවුන්ට තම සම්පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලිබරල් පක්ෂයට නායකත්වය දෙන ඉතිහාසයේ පළමු ක්වීන්ස්ලන්ත වැසියා බවටද මේ අනුව Peter Dutton පත් විය.

හිටපු පොලිස් නිලධාරියෙකු වූ Dutton මොරිසන් රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යධුරය දරා පසුව ආරක්ෂක ඇමති ධුරය හෙබවීය.

ලිබරල් පක්ෂයේ හිටපු නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්ව අර්බුදයේදී ඊළඟ ලිබරල් පක්ෂ නායකයා ලෙසට පත්වීමට ද ඔහු එවකට තරග කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

"අගමැතිවරයෙකුට අවශ්‍ය වන්නේ දුෂ්කර කාලවලදී ගැටළු මතු නොවන සහ අපේ රට වෙනුවෙන් පෙනී සිටින කෙනෙකු වන අතර මට තිබූ අමාත්‍යාංශවලදී මම එය ඔප්පු කර තිබෙනවා" යනුවෙන් සිය නව ධුරය බාරගැනීමෙන් අනතුරුව Peter Dutton, Facebook සටහනක් තැබුවේය.

නායකයින් පස් දෙනෙකුට සේවය කර එක් එක් අයගෙන් ඉගෙන ගත් කුසලතා සහ අත්දැකීම් තමන්ට ඇති බවද ඔහු එහිදී පැවසීය.

වසර නවයකට පසු ලිබරල් පක්ෂය ප්‍රථම වතාවට විපක්ෂයට පැමිණෙන බැවින් ලිබරල් පක්ෂයේ වටිනාකම් නැවතත් ගෙන ඒමට තමා කැපවන බවද ඔහු ප්‍රතිඥා දුන්නේය.
Peter Dutton with wife Kirilly, daughter Rebecca, and sons Tom and Harry live in Brisbane
Peter Dutton with wife Kirilly, daughter Rebecca, and sons Tom and Harry. Source: Facebook/ Peter Dutton

Nationals පක්ෂ නායකත්වයට David Littleproud

Nationals පක්ෂයේ නායකත්වය සඳහා ද අද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැස් විය.

එහිදී Nationals පක්ෂ නායක Barnaby Joyce ට එහි නියෝජ්‍ය නායක David Littleproud සහ වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රී Darren Chester නායකත්වය අභියෝග එල්ල කළෝය.

ඒ අනුව Nationals පක්ෂයේ නව නායකයා තෝරාගැනීමට ඡන්දයකට යාමට සිදු විය.

එහිදී Nationals පක්ෂයේ නව නායකයා ලෙස David Littleproud තේරී පත්වූ අතර නව නියෝජ්‍ය නායකයා ලෙස Perin Davey තේරී පත් වුවාය.
තමන්ගේ වෘත්තීය ජීවිතයේ ආඩම්බරකාරීම දිනය අද බව Nationals පක්ෂයේ නව නායක David Littleproud පැවසුවේය.

"මම Nationals පක්ෂය දැඩි ලෙස විශ්වාස කරනවා, මොකද අපි හැමෝම ප්‍රාදේශීය සහ ග්‍රාමීය ඔස්ට්‍රේලියාව ගැන ඉලක්ක කරගෙන ඉන්නේ. අපි මේ පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය ඔස්ට්‍රේලියාවේ හෘද සාක්ෂියයි" යනුවෙන් ඔහු පැවසීය.

Nationals පක්ෂය 2025 දෙසට අද සිය ගමන අරඹන්නේ, ප්‍රාදේශිය සහ ග්‍රාමීය ඔස්ට්‍රේලියාවට වැදගත් වන ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින ජවසම්පන්න කණ්ඩායමක් සමඟ බවද ඔහු අවධාරණය කළේය.
David Littleproud named leader of Nationals
David Littleproud named leader of Nationals Source: AAP

Nationals පක්ෂයේ ආසන සියල්ලම සුරක්ෂිතයි: Barnaby Joyce

මීට පෙර ෆෙඩරල් මැතිවරනයේදී සිය ආසන සියල්ල රඳවාගෙන සිටින නිසා කනිෂ්ඨ ලිබරල් සන්ධානය යමක් නිවැරදිව කළ යුතු බව පවසමින් Barnaby Joyce, Seven Network වෙත නායකත්ව අභියෝගයට පෙර අදහස් ඉදිරිපත් කළේය.

මැතිවරණයට පෙර ජයගෙන තිබූ සෑම ආසනයක්ම අපි ජයගත්තා, අපට විශ්‍රාම යන මන්ත්‍රීවරු තිදෙනෙක් සිටියත් තවමත් ආසන දිනාගන්නට හැකියාව ලැබුණා, අපි සිටියේ ඉදිරි මැතිවරණයේදී අපට ලබා ගත හැකි ආසන දෙකෙන් එකක කැපී පෙනෙන දුරකින්." යනුවෙන් ඔහු සිය කතාවේදී කරුණු මතු කළේය.

නමුත් ලිබරල් පක්ෂය සිය ආසනවලින් 19 ක්ම පරාජයට පත් වූ බවත් ඔහු අවධාරණය කළේය.

"පසුගිය මැතිවරණ දෙකේදීම මම නායකයා වූ අතර, අපි ආසන දිනාගත්තා පමණයි, කාර්යය අවසන් නොවන නිසා අපි යමක් නිවැරදිව කළ යුතුයි." යනුවෙන් ද Nationals පක්ෂයේ හිටපු නායක Barnaby Joyce පැවසීය.




 


Share
Published 30 May 2022 2:11pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends