ඔස්ට්‍රේලියාවේ partner visa සඳහා පැනවීමට යන නවතම නීතිය ගැන සම්පූර්ණ විස්තරය මෙන්න (SBS සිංහල/ වාර්තා)

"ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා කුසලතාවක් නොමැති සංක්‍රමණිකයන් පවුල් හිංසනය සහ වෙනත් සූරාකෑම් වලට ගොදුරු විය හැකිය." යනුවෙන් Partner visa සම්බන්ධව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම යෝජනා පත්‍රයේ සටහන් වේ.

The latest update on Australia's partner visas

Western Australia Occupation list updated for 2021/22 Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ partner visa අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීම අනිවාර්ය කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කරමින් පසුවෙයි.

නමුත් විවිධ සංවිධාන ඒ සඳහා සිය විරෝධතාව පළ කර තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ Partner visa සඳහා අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය මැන බැලීමට ඔස්ට්‍රේලියාවේ  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ.
  • මෙම යෝජනාවට අනුව Partner visa සඳහා අයදුම් කරන සහ එහිදී සහකරුට අනුග්‍රහය දක්වන්නා යන පුද්ගලයින් දෙදෙනාම අදාළ ඉංග්‍රීසි පරීක්ෂණය සමත් විය යුතුය.
  • මෙම යෝජනාව පීතෘ මූලික මිනුම් දණ්ඩක් බව පවසමින් විවිධ සංවිධාන මෙයට විරුද්ධත්වය පළ කර ඇත.

Partner visa අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීම

ඔස්ට්‍රේලියාවේ Partner visa සඳහා අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය මැන බැලීමට ඔස්ට්‍රේලියාවේ  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ.

මෙම යෝජනාවට අනුව Partner visa සඳහා අයදුම් කරන සහ එහිදී සහකරුට අනුග්‍රහය දක්වන්නා යන පුද්ගලයින් දෙදෙනාම අදාළ ඉංග්‍රීසි පරීක්ෂණය සමත් විය යුතුය.
ඉංග්‍රීසි ඉගෙනීමට දිරිගැන්වීම මගින් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කරගැනීමට මේ හරහා හැකියාව ලැබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

"ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා කුසලතාවක් නොමැති සංක්‍රමණිකයන් පවුල් හිංසනය සහ වෙනත් සූරාකෑම් වලට ගොදුරු විය හැකිය." යනුවෙන් Partner visa සම්බන්ධව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම යෝජනා පත්‍රයේ සටහන් වේ.
"ඔවුනට සහය ලබාගැනීම සඳහා ස්ථාපිත වූ පුද්ගල සම්බන්ධතා ජාලයක් තිබීම හෝ ඔස්ට්‍රේලියාවේ නීති සහ උපකාර ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීම ඉතා අඩුය" යනුවෙන්ද එහි සටහන් කර ඇත.

නිවසේදී අත්දකින පවුල් හිංසනය වැනි හදිසි අවස්ථා වලදී ස්වාධීනව උපකාර ලබා ගැනීමට ඉංග්‍රීසි කතා කළ හැකි පුද්ගලයින් වඩා ඉදිරියෙන් සිටින බවද එම පත්‍රිකාව වැඩි දුරටත් පවසයි.
Partner visa language test will only affect people who apply after the changes are introduced mid-next year
Source: IELTS

විවිධ සංවිධානවල විරෝධය

මෙම යෝජනාව පීතෘ මූලික මිනුම් දණ්ඩක් බව පවසමින් Australian Women Against Violence Alliance (AWAVA) සහ Refugee Advice and Casework Service (RACS) යන සංවිධාන මෙම යෝජනාවට විරුද්ධත්වය පළ කර ඇත.

ගෘහස්ථ හා පවුල් හිංසනය සහ ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පසුබිමකින් පැමිණෙන සංක්‍රමණිකයින් අතර ව්‍යාජ සම්බන්ධතාවයක් ඇති කරන බව RACS හි නීතිඥ Hannah Gray පැවසුවාය.

ඉංග්‍රීසි භාෂාව මැනවින් කතා කිරීමෙන් ගෘහස්ථ හිංසනය වැනි කරදර වලට සහය පැතීම පහසු වනු ඇතැයි යන ව්‍යාජ පරිසරයක් මවා තමාගේ සහකරු හෝ සහකාරිය සමග එක්වීමට අපේක්ෂා කරන පවුල් වෙන් කිරීමක් මේ හරහා සිදුවන බව ඇය පෙන්වා දුන්නාය.

සියළුම සංස්කෘතීන් හා භාෂා කණ්ඩායම් අතර පවුල් හිංසනය සිදුවන බව Hannah Gray පැවසුවාය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ අතර පවුල් හිංසනයට ගොදුරු වූවන්ගේ භාෂා කුසලතා නොසලකා ඔවුන්ට ආධාර සැපයීමට රජය කැපවී සිටින බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත්, Partner visa අයදුම් කිරීමේදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීම සඳහා සපුරා විරුද්ධ වීමට Refugee Advice and Casework Service (RACS) යන සංවිධානය ද තීරණය කර ඇත.

මේ අතර තාවකාලික වීසා බලපත්‍ර හිමි කාන්තාවන්ට අර්බුදයකදී අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමට සහාය විය යුතු බව Australian Women Against Violence Alliance (AWAVA) හි වැඩසටහන් කළමනාකාරිණිය වන Tina Dixson පැවසුවාය.
මෙම ඉංග්‍රීසි පරීක්ෂණය මගින් සරණාගතයින්ගේ පවුල් නැවත එක්වීම සඳහා බාධක සහ ප්‍රමාදයන් ඇති වන අතර ඇතැම් අවස්ථාවල පවුල් නැවත එක්වීම සම්පූර්ණයෙන්ම වළක්වන බව RACS හි නීතිඥ Hannah Gray පැවසුවාය.

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ගේ ජීවිත වලට මෙම යෝජනාව මගින් අයහපත් බලපෑමක් එල්ල කරන බවද ඇය පෙන්වා දුන්නාය.

2020-21 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයේ කොටසක් ලෙස මෙම ප්‍රතිසංස්කරණ නිවේදනය කළ අතර යෝජනාව පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම් මාර්තු 31 දිනෙන් අවසන් විය.

Share
Published 9 April 2021 4:05pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends