ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් හා ඩීසල් වාහන භාවිතා කිරීමට හැකි අවසන් දිනය ගැන ඉඟියක් (SBS සිංහල/ වාර්තා)

මෙම සතිය මුලදී, වික්ටෝරියා ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය (renewable energy transition) පිළිබඳ වික්ටෝරියා පරිසර හා සැලසුම් කමිටු වාර්තාව එළිදක්වන ලදී.

There's a new call in Australia to ban petrol car sales

There's a new call in Australia to ban petrol car sales Source: Getty Images

ෆොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන නව වාහන අලෙවිය අත්හිටුවීමට බොහෝ රටවල් මේ වන විට කැපවී සිටියි.

එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා ඔස්ට්‍රේලියාවේද ඉල්ලීම් මතුවෙමින් තිබේ.


Highlights

  • පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ඉන්ධන සහිත නව වාහන අලෙවිය සඳහා වික්ටෝරියානු රජය අවසන් දිනයක් ප්‍රකාශ කළ යුතු බව වික්ටෝරියා පරිසර හා සැලසුම් කමිටු වාර්තාවේ සඳහන් වේ.
  • ඔස්ට්‍රේලියාව ෆොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන වාහන ධාවනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවලට වඩා පසුගාමී බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමය (NRMA) මීට පෙර ප්‍රකාශ කළේය.
  • කම්කරු රජයක් යටතේ වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හරින බවට මැතිවරණයට පෙර ඔවුහු පොරොන්දු වූහ.

ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් හා ඩීසල් වාහන තහනම් කිරීමට ඉල්ලීම්

මෙම සතිය මුලදී, වික්ටෝරියා ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය (renewable energy transition) පිළිබඳ වික්ටෝරියා පරිසර හා සැලසුම් කමිටු වාර්තාව එළිදක්වන ලදී.

පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ඉන්ධන සහිත නව වාහන අලෙවිය සඳහා වික්ටෝරියානු රජය අවසන් දිනයක් ප්‍රකාශ කළ යුතු බව එහි සඳහන් වේ.

විදුලියෙන් ක්‍රියා කරන වාහන පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සමඟ නව අභ්‍යන්තර දහන එන්ජින් වාහන විකිණීම සඳහා කඩඉම් දිනයක් අනුගමනය කරන ලෙසද එම වාර්තාව වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියාව ෆොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන වාහන ධාවනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අනෙක් රටවලට වඩා පසුගාමී බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමය (NRMA) මීට පෙර ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල්වලින් ධාවනය වන මෝටර් රථ තහනම් කිරීම සඳහා 2025 - 2030 අතර ඉලක්ක දැකීමට තමා බලාපොරොත්තුවන බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Rohan Lund පැවසීය.
There's a new call in Australia to ban petrol car sales
Source: Sipa USA Stanislav Kogiku / SOPA Images/S via AAP

දේශගුණික විපර්යාස මැඩලීමේ පියවරක් ලෙසට

දේශගුණික විපර්යාසය මැඩලීමේ ලොව ප්‍රධාන ක්‍රියා මාර්ගයක් ලෙස ඒ ඒ රටවල විමෝචනය කරන කාබන් ප්‍රමාණය ශුන්‍ය කිරීම හෝ අවම කිරීම සැලකේ.

පසුගිය මැතිවරණයෙන් ලිබරල් සන්ධානය පරදා කම්කරු පක්ෂයට ජයගැනීමට හැකිවූ ප්‍රධානතම සාධකයක් බවට පත් වූයේද ඔවුන් ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ඉලක්ක ශුන්‍ය කිරීමට උපරිම සහ ප්‍රමුඛ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු වීමෙනි.

වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ඉලක්ක ශුන්‍ය කිරීමට කම්කරු පක්ෂය හා ලිබරල් සන්ධානය යන පක්ෂ ද්විත්වයම පොරොන්දු වූ නමුත් ඔවුන්ගේ කෙටි කාලීන ඉලක්ක සහ සැලසුම් එකිනෙකාට වෙනස්ය.
කම්කරු රජයක් යටතේ වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හරින බවට මැතිවරණයට පෙර ඔවුහු පොරොන්දු වූහ.

එමෙන්ම වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමට කම්කරු පක්ෂය අපේක්ෂා කරයි.

මෙය සාක්ෂාත් කර ගැනීම පිණිස විදුලිබල පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කම්කරු පක්ෂය ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරනු ඇත.

ඊට අමතරව ඩොලර් 2,000 ත් 12,000 ත් අතර මිලකට තබාගැනීම උදෙසා කම්කරු පක්ෂය විදුලි වාහන සඳහා අදාළ බදු ඉවත් කරනු ඇත.

එමෙන්ම ඔවුන් ඔස්ට්‍රේලියාව පුරා බැටරි සිය ගණනක් ස්ථාපනය කරනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ලොව අනෙක් රටවල තත්ත්වය

එක්සත් රාජධානිය

වසර 2050 වන විට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කරා ළඟා වීමේ සැලැස්මේ කොටසක් ලෙස එක්සත් රාජධානිය වසර 2030 සිට නව පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ සහ වෑන් විකිණීම තහනම් කරනු ඇත.

එමෙන්ම වසර 2035 සිට නව hybrid වාහන විකිණීම ද තහනම් වේ.

වසර 2040 වන විට එක්සත් රාජධානියේ අලෙවි කරන සියලුම භාණ්ඩ ප්‍රවාහනය කරන නව බර වාහන කාබන් විමෝචනය ශුන්‍ය ඒවා බවට පත් කිරීමට ඔවුන් ප්‍රතිඥා දී ඇත.

සිංගප්පූරුව

සිංගප්පූරුව වසර 2025 සිට නව ඩීසල් මෝටර් රථ සහ කුලී රථ ලියාපදිංචි කිරීම්වලට ඉඩ නොදේ.

සියලුම නව වාහන වසර 2030 වන විට පිරිසිදු ශක්තියෙන් ධාවනය කළ යුතුය, එනම් විදුලියෙන්, hybrid හෝ  හයිඩ්‍රජන් ඉන්ධන සෛල බලයෙන් ක්‍රියාත්මක වන වාහනවලට අවසර ලැබේ.

සාමාන්‍යයෙන් ෆොසිල ඉන්ධන වලින් බල ගැන්වෙන අභ්‍යන්තර දහන එන්ජින් භාවිතා කරන සියලුම වාහන වසර 2040 වන විට ක්‍රමානුකූලව ඉවත් කරනු ලැබේ.

කැනඩාව

සියලුම නව සැහැල්ලු මෝටර් රථ සහ මගී ට්‍රක් රථ වසර 2035 වන විට කාබන් විමෝචනය විමෝචනය ශුන්‍ය විය යුතුය.

වසර 2030 වන විට, කැනඩාව තුළ අලෙවි කරන සියලුම මධ්‍යම සහ බර වාහන වලින් 35% ක් කාබන් විමෝචනය ශුන්‍ය කළ වාහන විය යුතුය.

වසර 2040 වන විට එම ප්‍රමාණය 100% දක්වා ළඟා වීමට කැනේඩියානු රජය සැලසුම් කරයි.
NACA Feature, electric vehicles
Charging an electric car Source: Getty

දකුණු කොරියාව

අලුතින් තේරී පත් වූ ජනාධිපති Yoon Suk-yeol වසර 2035 සිට අභ්‍යන්තර දහන එන්ජින් මෝටර් රථ ලියාපදිංචි කිරීම තහනම් කිරීමට පොරොන්දු වී තිබේ.

චිලී රාජ්‍යය

වසර 2035 සිට චිලී රාජ්‍යයේ අලෙවි කරන සියලුම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාහන, බස් සහ කුලී රථවල කාබන් විමෝචනය ශුන්‍ය විය යුතුය.

වසර 2045 වන විට භාණ්ඩ ප්‍රවාහන වාහන සහ නගරාන්තර බස් රථ ද මෙයට ඇතුළත් වේ.

නවසීලන්තය

වසර 2040 හෝ ඊට පෙර අලෙවි කරනු ලබන සියලුම නව මෝටර් රථ සහ වෑන් රථ කාබන් විමෝචනයකින් තොර බව සහතික කිරීමට නවසීලන්තය කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇත.

මේ මාසයේදී නවසීලන්ත අගමැතිනි Jacinda Ardern අඩු ආදායම්ලාභී නවසීලන්ත ජාතිකයින් දහස් ගණනක් ඔවුන්ගේ පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන වාහන e-bikes සහ කාබන් විමෝචනය ශුන්‍ය මෝටර් රථ සඳහා වෙළඳාම් කිරීමට දිරිගැන්වීමේ සැලැස්මක් නිවේදනය කළේය.

නවසීලන්තයේ මෝටර් රථවලින් 2% ක් පමණක් අඩු හෝ ශුන්‍ය කාබන් විමෝචන වාහන වන අතර එය වසර 2035 වන විට 30% ක් කිරීමට රජයට අවශ්‍ය වී තිබේ.



Share
Published 1 June 2022 7:59pm
Updated 1 June 2022 8:03pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends