COVID එන්නත් ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ACT හි දොරගුලු හැරේ: SBS සිංහල වාර්තා

සම්පුර්ණ කෝවිඩ් එන්නත් ලබාගෙන ඇති ජාත්‍යන්තර සිසුන් හට නිරෝධායනය වීමකින් තොරව නැවත ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට පැමිණීමට හැකියාව හිමිවේ.

The logo of the Australian National University

Around 250 ANU staff have taken voluntary redundancies and 215 more are set to go. (AAP) Source: AAP

Highlights

  • ජාත්‍යන්තර සිසුන්ට නැවත ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට පැමිණීමට හැකි වේ  
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කෝවිඩ් සීමා ලිහිල් වේ 
  • ප්‍රාන්ත දේශසීමා විවෘත කිරීමට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් පියවර 

ජාත්‍යන්තර සිසුන්ට නැවත ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට පැමිණීමට හැකි වීම

සිය කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා තිබෙන ජාත්‍යන්තර සිසුන් හට 2022 වසර මුල සිට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය වෙත පැමිණීමට අවසර ලබාදීමට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ සඳහා එම ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය (TGA) මගින් අනුමත කරන ලද එන්නත් ලබා තිබිය යුතු අතර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පරීක්ෂණ අවශ්‍යතා අනුගමනය කලයුතු බව ටෙරිටරි රජය පවසයි.
Vaccinated international students to return to the ACT from next year
Vaccinated international students to return to the ACT from next year Source: Getty Images/martin-dm
එමෙන්ම මෙම අදාළ අවශ්‍යතා සම්පුර්ණ කරන ජාත්‍යන්තර සිසුන් නොරෝධායන කාලසීමාවකට යටත් වීමට අවශ්‍ය නොවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Australian National University හි උපකුලපති Brian Schmidt සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග සෘජුවම සිසුන් හට විශ්වවිද්‍යාලයට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කෝවිඩ් සීමා ලිහිල් වේ

පසුගිය අගෝස්තු මස මැද භාගයේදී ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල lockdown තත්වයක් ප්‍රකාශයට පත් කලේය. නමුත් මේ වනවිට එම සීමා ලිහිල් වීමත් සමග නැවත ටෙරිටරිය තුල ව්‍යාපාරද ක්‍රමයෙන් විවෘත වීම සිදුවෙමින් තිබේ.
Un plan de cuarentena privada podría acelerar la llegada de trabajadores calificados y estudiantes internacionales hacia Australia
The students must have had a COVID-19 vaccine recognised by the Therapeutic Goods Administration and follow federal government testing requirements Source: Getty Images/andresr
එක් පුද්ගලයකු හට වර්ග මීටර 4 සීමාවට යටත්ව මෙම වෙළඳසල් යලි විවෘත කිරීම සිදුවන අතර මුහුණු ආවරණ පැළඳීම සහ පුද්ගල එක්රැස්වීම් ඇතුලු තවත් සීමා ඔක්තෝබර් මස 29 වැනිදා සිට ලිහිල් කිරීමට නියමිතව තිබේ.

ප්‍රාන්ත දේශසීමා විවෘත කිරීමට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් පියවර

එමෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය නොවැම්බර් මස 1 වැනිදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිය දේශසීමා විවෘත කිරීමට නියමිත බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

ඉන් අනතුරුව, දැඩි අවදානමක් සහිත පාලන ප්‍රදේශ වලින් පැමිණෙන පිරිසට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට ඇතුලුවීමට අවසර නොලැබෙන අතර සෙසු ප්‍රදේශ වලින් පැමිණෙන පිරිස නිරෝධායන කාලසීමාවකට යටත් වීමට අවශ්‍ය නොවේ.
නොවැම්බර් මස අවසානයේදී මෙම සීමා තවදුරටත් ලිහිල් වීමට නියමිතව තිබේ.

මේ වනවිට පවතින වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි වැසියන්ගෙන් 98.3% ක ප්‍රතිශතයක් සිය පළමු එන්නත් මාත්‍රාව ලබා ඇති අතර 84%ප්‍රතිශතයක් සිය එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා තිබේ.

Share
Published 22 October 2021 11:54am
Updated 12 August 2022 3:01pm
By SOURCE AAP - SBS, Nipuna Dodangoda
Source: AAP, SBS


Share this with family and friends