ජුනි 17 මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

ජුනි 18 සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකි අතර කිලෝ මීටර් 25 සීමාව අදාළ නොවේ.

What are the new Covid restrictions in Victoria from 10 August?

Melbourne'da tam kapanmanın devam edip etmeyeceği önümüzdeki günlerde açıklanacak vaka sayılarına bağlı. Source: Daniel Pockett/Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති හෙට (17/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (16/06) තීරණය කළේය.

ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට වෙන වෙනම කොරෝනා නීති පහත පරිදි ලිහිල් කෙරෙනු ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය

  • ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකිය.
  • කිලෝ මීටර් 25 සීමාව අදාළ නොවේ.
  • නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • ඇතැම් සීමාවන්ට යටත්ව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබේ.
  • හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා alpine කලාපයට යාමට අවසර ඇති නමුත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් ඒ සඳහා පිටවීමට පැය 72 කට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතුය. මේ සඳහා වයස අවුරුදු දෙකට අඩු ළමුන් ඇතුළත් නොවේ.
  • අවසර ලත් හේතු මත හැර aged care මධ්‍යස්ථාන වෙත අමුත්තන්ට ඇතුළුවීමට අවසර නැත.
  • පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
  1. මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට
  2. දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට
  3. දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
  • පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය.
  • හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය.
  • පූර්ණ සේවක ධාරිතාවෙන් 50% ක් හෝ උපරිම සේවකයින් 20 ක් දක්වා හෝ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
  • සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
  • තමන්ගේ දරුවන් සමග වැඩිහිටියන් දෙදෙනෙකුට එක් දිනකදී අමුත්තන් ලෙස නිවසකට යා හැකිය.
  • එළිමහනේ උපරිම පුද්ගලයින් 20 ක් දක්වා ඒකරාශී විය හැකිය.
  • සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
  • නිවාසය ඇතුළත පුද්ගලයින් 75 ක් ඇතුළු සම්පූර්ණ සහභාගීවන්නන් 150 ක උපරිමයකට යටත්ව නිවාස වෙන්දේසි ක්‍රියාත්මක කළ හැකිය.
  • උපරිම පුද්ගලයින් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සව පැවැත්විය හැකිය.
  • උපරිම පුද්ගලයින් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථව උපරිම අමුත්තන් 75 කට අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • ඊට අමතරව බහිරව තවත් අමුත්තන් 75 කට අවසර ලැබේ.
A person is seen wearing a face mask in Melbourne, Friday, June 4, 2021. Victoria has recorded four new locally acquired cases of coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
A person is seen wearing a face mask in Melbourne Source: AAP

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප

  • ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකිය.
  • නිවසින් බැහැරව වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර මෙන්ම මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය වෙත සංචරණයට අවසර ලැබේ.
  • අවසර ලත් හේතු මත හැර aged care මධ්‍යස්ථාන වෙත අමුත්තන්ට ඇතුළුවීමට අවසර නැත.
  • පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
  1. මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට
  2. දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට
  3. දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
  • පාසල්, පෙර පාසල්, childcare මධ්‍යස්ථාන සහ family daycare සියල්ලම විවෘතය.
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් නිවසේ සිට අධ්‍යන කටයුතු සිදුකළ යුතුය.
  • හැකිනම් නිවසේ සිට සේවා හා රාජකාරී කටයුතු සිදුකළ යුතුය.
  • පූර්ණ සේවක ධාරිතාවෙන් 75% ක් හෝ උපරිම සේවකයින් 30 ක් දක්වා හෝ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථාන වෙත ගෙන්වා ගත හැකිය.
  • සේවා ස්ථාන වලද QR code check-in එක අනිවාර්ය වේ.
  • තමන්ගේ දරුවන් සමග වැඩිහිටියන් පස් දෙනෙකුට එක් දිනකදී අමුත්තන් ලෙස නිවසකට යා හැකිය.
  • එළිමහනේ උපරිම පුද්ගලයින් 50 ක් දක්වා ඒකරාශී විය හැකිය.
  • සියලුම සිල්ලර වෙළෙඳ සැල් වලට පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමේදී වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • සෑම වෙළෙඳ සැලකම QR code check-in එක අනිවාර්ය වේ.
  • නිවාස වෙන්දේසි ක්‍රියාත්මක කළ හැකිය.
  • උපරිම පුද්ගලයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සව පැවැත්විය හැකිය.
  • උපරිම පුද්ගලයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
  • වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ උපරිම අමුත්තන් 300 කට අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.

Share
Published 16 June 2021 5:13pm
Updated 16 June 2021 5:18pm
By Madhura Seneviratne

Share this with family and friends