ඕස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබුණද සංක්‍රමණිකයින්ගේ දෙමාපියන්ට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට පෙත්සමක් (SBS සිංහල/ වාර්තා)

මෙම පෙත්සම අද (15/06) දිනයේදී "Parents Are Immediate Family" නමැති කණ්ඩායම වෙනුවෙන් ස්වාධීන මන්ත්‍රීනී Zali Steggall විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී.

International travel resumes from November 2021

Photo used for representation purposes only. Source: AAP Image/Lukas Coch

කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබේ.

නමුත් අවසර ලත් හේතු මත පමණක් ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් වල නිරත විය හැකිය.

එලෙස ප්‍රකාශයට පත් කර ඇති travel exemptions හෙවත් සංචාරය සඳහා අවසර දෙන හේතු වෙනස් කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින පෙත්සමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.


Highlights

  • මෙම පෙත්සම මගින් "ආසන්නතම පවුලේ සාමාජිකයින්" පිළිබඳ වර්තමාන අර්ථ දැක්වීම අභියෝගයට ලක් කර ඇත.
  • සති හතරක පමණ කාලයක් තුළදී මෙම පෙත්සමට පුද්ගලයින් 70,000 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා තිබේ.
  • තම දෙමාපියන් සහ පවුලේ සමීපතමයින් ගෙන්වා දෙන ලෙස ඉල්ලා ලැබෙන දුරකතන ඇමතුම් වලින් තම කාර්යාලය සෑම දිනකම පිරී ඇති බව ස්වාධීන මන්ත්‍රිනී Zali Steggall පැවසුවාය.

Independent MP Zali Steggall tabled the petition on Tuesday
Independent MP Zali Steggall tabled the petition on Tuesday Source: AAP

ආසන්නතම පවුලේ සාමාජිකයින් යන පදයට අභියෝගයක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු මෙම පෙත්සම මගින් "ආසන්නතම පවුලේ සාමාජිකයින්" පිළිබඳ වර්තමාන අර්ථ දැක්වීම අභියෝගයට ලක් කර ඇත.

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා එක්වීමට නොහැකිව බලාපොරොත්තු සුන් වූ පවුල් සඳහා තම දෙමව්පියන් සමඟ නැවත එක්වීමට මෙන්ම දරුවන්ට තම මුත්තණු මිත්තණියන් ද මේ හරහා හමුවිය හැකිය.



 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


සති හතරක පමණ කාලයක් තුළදී මෙම පෙත්සමට පුද්ගලයින් 70,000 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා තිබේ.

ඒ අනුව මෙම පෙත්සම අද (15/06) දිනයේදී "Parents Are Immediate Family" නමැති කණ්ඩායම වෙනුවෙන් ස්වාධීන මන්ත්‍රීනී Zali Steggall විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ උණුසුම් භාවයක් ද හටගත්තේය.

"මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ඔබව සෘජුව හමුවීමට ලැබීම ගැන මම සතුටු වෙමි.” යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු ඇමතිනී Karen Andrews විසින් මන්ත්‍රිනී Zali Steggall හට ප්‍රශ්න විමසීමේ කාලයේදී පැවසුවාය.
20210615001549810457-original.jpg

මිනිසුන්ගේ වේදනාව රජය තේරුම් ගත යුතුයි

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පනවා ඇති දේශ සීමා වසා දැමීම හේතුවෙන් මානුෂීය පීඩනය සහ වේදනාව මධ්‍යම රජය විසින් තේරුම්ගත යුතු බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පැවසීය.
තම දෙමාපියන් සහ පවුලේ සමීපතමයින් ගෙන්වා දෙන ලෙස ඉල්ලා ලැබෙන දුරකතන ඇමතුම් වලින් තම කාර්යාලය සෑම දිනකම පිරී ඇති බව ස්වාධීන මන්ත්‍රිනී Steggall පැවසුවාය. විශේෂයෙන් දේශ සීමා වසා දැමීම හේතුවෙන් තම මවුපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි බව පවසා අලුතෙන් මව් පදවියට පත්වූ මව්වරුන්ගෙන් විශාල ඇමතුම් සංඛ්‍යාවක් තම කාර්යාලයට ලැබෙන බව ඇය සඳහන් කළාය.
මෙම කාන්තාවන් සහ මෙම ළදරුවන් ඔස්ට්‍රේලියාව සඳහා වන දිගුකාලීන සැලැස්ම කුමක්ද යන්න දැන ගත යුතු බවද ඇය පැවසුවාය.

දේශපාලකයින්ගේ නිල අභියාචනයට අනුව තම පවුලේ අය සමඟ නැවත එක්වීම, ඔස්ට්‍රේලියානු දේශ සීමා හරහා සංචාරය කිරීමට බලවත් සහ සානුකම්පිත හේතුවක් ලෙස සැලකිය යුතුය.
සියලුම වෛද්‍ය සහ නිරෝධායන අවශ්‍යතා සපුරාලීමෙන් පසු දෙමාපියන් ද exemption category හෙවත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන ඛාණ්ඩයක් වශයෙන් ඇතුළත් කරන ලෙස මෙම පෙත්සම රජයෙන් ඉල්ලා සිටී. අදාළ දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දීමට නොහැකි නම්, විදේශයන්හි සිටින තම පවුල් බැලීම සඳහා සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට අවසර දිය යුතු බවටද එම පෙත්සම ඉල්ලා ඇත.
තමාගේ මව යුක්රේනයේ සිට ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට තමන් පස් වතාවක් අවසර ගැනීමට උත්සාහ කළ බව "Parents Are Immediate Family" නමැති කණ්ඩායමේ නියෝජිතවරියක් වන Kateryna Dmytriyeva පැවසුවාය.

ඔස්ට්‍රේලියානු රජයෙන් මෙවැනි කාරණා වලට කිසිදු අනුකම්පාවක් නොමැතිකම පිළිබඳ ඇය චෝදනා කළාය.

මේ අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් විදේශයන්හි උපත ලබා ඇති බැවින් මෙම ගැටලුව වඩාත් බරපතල බව බව ස්වාධීන මන්ත්‍රිනී Steggall පැවසුවාය.


 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න



Share
Published 15 June 2021 7:24pm
Updated 15 June 2021 8:18pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends