මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ කොවිඩ් එන්නත ලබාගත් අයට පමණද? (SBS සිංහල/ වාර්තා)

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පවත්වන්නේ කොවිඩ් තත්ත්වය මධ්‍යයේ වන නිසා COVID-19 ආරක්ෂණ පියවර කිහිපයක් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Voters cast their ballots at the Town Hall in Sydney, Australia, in a federal election, Saturday, May 18, 2019.

Voters cast their ballots at the Town Hall in Sydney, Australia, in a federal election, Saturday, May 18, 2019. Source: AAP

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එළඹෙන මැයි 21 පැවැත්වෙන බව අගමැති Scott Morrison නිල වශයෙන් ඊයේ නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුටම අනිවාර්ය වේ.

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පවත්වන්නේ කොවිඩ් තත්ත්වය මධ්‍යයේ වන නිසා COVID-19 ආරක්ෂණ පියවර කිහිපයක් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


Highlights

  • COVID-9 ආරක්‍ෂිත පියවර හේතුවෙන් ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රමාදයන්ට මුහුණ දිය හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.
  • 2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා ලියාපදිංචි වූ සියලු ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කොවිඩ් එන්නත් තත්ත්වය කුමක් වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ සේවා විවෘත වේ.
  • විදෙස් රටවල සිටින බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට ඇති විකල්පය තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.

ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ඡන්දදායකයින්ට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ඡන්ද මධ්‍යස්ථානයකදී පුද්ගලිකව හෝ තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වේ.

මැතිවරණ නීති මගින් අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයා නැත.
Boxes of information, ready for polling booths are seen at an Australian Electoral Commission (AEC) warehouse in Queanbeyan, near Canberra, Friday, March 25, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Boxes of election information at an AEC warehouse in Queanbeyan Source: AAP

ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවල COVID-19 ආරක්‍ෂිත පියවර

ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක COVID-19 ආරක්‍ෂිත පියවර වෙනත් අත්‍යවශ්‍ය පුද්ගල ක්‍රියාකාරකම් රැසකට වඩා වෙනස් නොවනු ඇත.

COVID-9 ආරක්‍ෂිත පියවර හේතුවෙන් ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රමාදයන්ට මුහුණ දිය හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

එබැවින් ඡන්ද පොළ කාර්ය මණ්ඩලයට කාරුණික වන ලෙසද මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.

කොවිඩ් එන්නත්කරණය

2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා ලියාපදිංචි වූ සියලු ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කොවිඩ් එන්නත් තත්ත්වය කුමක් වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ සේවා විවෘත වේ.

ඊට අමතරව, මැතිවරණ ප්‍රචාරක හෝ සෝදිසි කිරීම් කරන දේශපාලන පක්ෂවල සහභාගිවන්නන් සඳහා ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට කොවිඩ් එන්නත්කරණය කිරීම පිළිබඳ සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.
එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට තම කොමිසමට බලයක් නැති බවද ඔවුහු පවසති.

නමුත් රැකියා කොන්දේසියක් ලෙස තාවකාලික මැතිවරණ සේවකයින්ට COVID-19 එන්නත ලබාගත යුතු බවට නීති පැනවිය හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

ජංගම ඡන්දය ප්‍රකාශ කිරීම්

ඔස්ට්‍රේලියාවේ තවමත් කොව්ඩ් සම්බන්ධව ඇති ඉහළ අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ඡන්දය ප්‍රකාශ කිරීම් ලබාගන්නා ජංගම  කණ්ඩායම් සියලුම aged care පහසුකම් හෝ රෝහල් වෙත පැමිණීමට ඉඩක් නැති බවද දන්වා තිබේ.

මැතිවරණ කාලය තුළ ඉහත ස්ථානවල සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කිරීමට හෝ අසල ඇති පුද්ගල ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයකට යාමට හැකි වේ.
ඔස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශවල ජංගම ඡන්දය ප්‍රකාශ කිරීම COVID-19 ආරක්ෂක පියවරයන් සමග හැකි සෑම තැනකම නොකඩවා කරගෙන යන බවද ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථානයකට යාමට නොහැකි වන හෝ තැපැල් ඡන්දය ප්‍රමාණවත් නොවන බවට තීරණය කර ඇති හෝ නිවාස නොමැතිකම අත්විඳින අය වැනි හෝ අවස්ථාවලට මුහුණ දී සිටින පිරිස් වෙත ජංගම කණ්ඩායම් අඛණ්ඩව සේවා සපයනු ඇති බවද ඔවුහු පවසති.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


A House of Representatives voting paper.
Source: AAP

විදෙස් රටක සිට ඡන්දය දීම

විදෙස් රටවල සිටින බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට ඇති විකල්පය තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.

විදේශීය රටවල ඡන්ද මධ්‍යස්ථාන කුඩා සංඛ්‍යාවක් පවතින අතර, මෙම සේවාවන් යම් රටක ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සහ එම රටේ කොවිඩ් තත්ත්වය මත රඳා පවතිනු ඇත.

විදෙස් රටක සිට  ඡන්දය දීම සම්බන්ධයෙන්

කොවිඩ් ආරක්‍ෂිත ප්‍රචාරක කටයුතු

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී (විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට බාහිරින් හෝ වෙනත් අධික තදබදයක් ඇති ප්‍රදේශයක) සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහතික කිරීම සඳහා සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවන්නන් වගකිව යුතුය.

ඔස්ට්‍රේලියාවේ මැතිවරණ නීති එවැනි හැසිරීම් නියාමනය නොකරන අතර, ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් සමඟ ඔවුන්ගේ වගකීම් සම්බන්ධයෙන් සන්නිවේදනය කරන බව දන්වා තිබේ.



Share
Published 11 April 2022 7:22pm
By Madhura Seneviratne

Share this with family and friends