ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාදීමේ සලකා බැලෙන නව ක්‍රමවේදය වන Genuine Student Requirement ගැන විස්තරය මෙන්න

pexels-pixabay-267885.jpg

Image Source: Pixabay/Pexels.com

ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබා දීමේ ක්‍රමවේදයට යම් වෙනස්කම් හඳුන්වා දී තිබේ. Genuine Student (GS) requirement ලෙස හඳුන්වන මෙම නව ක්‍රමවේදය 2024 වසරේ මාර්තු 23න් පසුව ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන්ට බලපාන බව වාර්තා වේ. මෙහිදී පෙර පවතී Genuine Temporary Entrant (GTE) ක්‍රම වේදය අහෝසිවීමක් සිදුවේ.


සියලුම ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලැබීමේ සැබෑ අරමුණකින් පසුවීම පිළිබඳව මෙහිදී සලකා බැලීමක් සිදුවේ. මෙහිදී ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාතික ශිෂ්‍යයකු ලෙස සිටීම සම්බන්දයෙන් නිසි අවබෝධයක් ඔවුන්ට තිබීම අනිවාර්ය වේ. මෙම නව Genuine Student ක්‍රමවේදය හරහා ශිෂ්‍යයින්ට ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කුසලතා වර්ධනය කරගෙන අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ හැකියාව ලබා දීම ප්‍රධාන අරමුණක් වී තිබේ.

ඔන්ලයින් ක්‍රමයට අයදුම් කරන ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රයේ, GS නිර්ණායක සඳහා අයදුම්කරුගෙන් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු බලාපොරොත්තු වේ.

  • අයදුම්කරුගේ වත්මන් තත්වයන් පිළිබඳ විස්තර සැපයීම අවශ්‍ය වේ. මෙයට තම පවුල, ප්‍රජාව, රැකියා සහ ආර්ථික තත්වයන් සමඟ ඇති බැඳීම් ඇතුළත් වේ.
  • තෝරාගත් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලැබීමට සහ එම පාඨමාලාව හැදෑරීමට තමා බලාපොරොත්තු වන්නේ මන්දැයි පැහැදිලි කලයුතු වේ. අපේක්ෂිත පාඨමාලාවේ අවශ්‍යතා සහ ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම සහ ජීවත්වීම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ද මෙහිදී පැහැදිලි කළ යුතුවේ.
  • පාඨමාලාව සම්පූර්ණ කිරීම අයදුම්කරුට ප්‍රයෝජනවත් වන ආකාරය පැහැදිලි කල යුතු වේ.
  • අයදුම්කරු ඇතුළත් කිරීමට කැමති වෙනත් අදාළ තොරතුරු පිළිබඳ විස්තර ඇතුලත් කිරීමේ හැකියාව පවතී.
මේ සඳහා ඉදිරිපත් කලයුතු ලිපිලේඛණ මොනවාද ?
  • අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ ලේඛණ
  • අධ්‍යයන පිලිබඳ විස්තර ඇතුලත් අධ්‍යාපන සහතික පත්‍ර
  • අධ්‍යාපන ආයතන පිලිබඳ විස්තර
  • අධ්‍යාපනය ලැබූ කාලසීමාව
  • උපාධි සහතික පත්‍ර

මින් පෙර ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇත්නම් පහත තොරතුරු ලබාදීමට අවශ්‍ය වේ.
  • ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන වාර්තා පිළිබඳ සම්පූර්ණ තොරතුරු
  • පාඨමාලා සහ/හෝ අධ්‍යාපන සපයන්නන් වෙනස් කිරීමට හේතු
  • පාඨමාලා ප්‍රගතිය පිළිබඳ තොරතුරු
  • අධ්‍යයන වර්ෂයක් තුළ මාස 2 කට වඩා වැඩි අධ්‍යයන පරතරයන තිබේ නම් ඒ පිලිබඳ විස්තර
  • අයදුම්කරු ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවට අදාළ යැයි සලකන වෙනත් තොරතුරු

වත්මන් රැකියාව පිලිබඳ තොරතුරු
  • වත්මන් සේවායෝජකයා සහ සමාගමේ ලිපිනය පිළිබඳ විස්තර
  • රැකියාවේ නියුතු කාලය
  • දරන තනතුරේ විස්තර
  • රැකියාවේ තොරතුරු තහවුරු කළ හැකි කෙනෙකුගේ නම සහ සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තොරතුරු
අයදුම්කරුගේ මව් රටේ හෝ පදිංචි රටෙහි තත්වයන් සලකා බැලීමක් සිදුවේ.

අයදුම්කරුගේ පුද්ගලික බැඳීම්වල ස්වභාවය, උදාහරණයක් ලෙස පවුල, ප්‍රජාව සහ රැකියාව, පිලිබඳ තොරතුරු සලකා බැලීමක් සිදුවේ. ඕස්ට්‍රේලියාවේ ඉගෙනීමට බලාපොරොත්තු වන පාඨමාලාවට සමාන පාඨමාලාවක් තම රටේ තිබේ නම් ඔවුන් තම මව් රටේ ඉගෙන නොගැනීමට හේතු දැක්වීමට අවශ්‍ය වේ.

අයදුම්කරුගේ මව් රටේ හෝ පදිංචි රටෙහි ආර්ථික තත්වයන් සලකා බැලීමක් සිදු කරයි.
  • අයදුම්පතක් ඉදිරිපත් කරන අවස්තාවට පෙර මාස 12 ක් සඳහා රැකියා හෝ ව්‍යාපාරවල ක්‍රියාකාරකම් සහතික කරන ලියකියවිලි ලබා දිය යුතු වේ.
  • පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව ලබාගතහැකි රැකියා අවස්ථා පිලිබඳ කරුණු ඉදිරිපත් කල යුතු වේ.
  • ආදායම් බදු වාර්තා හෝ බැංකු ප්‍රකාශන ලබාදිය යුතු වේ.
මෙම නව ක්‍රමවේදය යටතේ වීසා අයදුම්පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය කෙබඳුද?

Genuine Student (GS) ක්‍රමවේදය යටතේ අයදුම් කරුගේ සහ ඔහු ජීවත්වන රටේ තත්වය අද්ද්යයනයක් සිදුවේ. මෙහිදී අයදුම්කරුගේ සංක්‍රමණ ඉතිහාසය පිලිබඳ අධ්‍යයනයක් ද සිදුවේ.වීසා කොන්දේසි පිළිපැදීමේ හැකියාව පිලිබඳ සලකා බැලීමක් ද සිදු වේ.

Genuine Student (GS) ක්‍රමවේදය යටතේ අයදුම් කරුගේ සහ ඔහු ජීවත්වන රටේ තත්වය අධ්‍යයනයක් සිදුවේ.

එහිදී අයදුම් කරුට තම රට කෙරෙහි ඇති පුද්ගලික බැඳීම්, එවැනි පාඨමාලාවක් එමරටේ ඇත්නම් ඕස්ට්‍රේලියාවේ පාඨමාලාව සිදුකිරීමේ අරමුණ, අයදුම්කරු ජීවත් වන රටේ ආර්ථික තත්වය මෙන්ම තම රටේ පවතින සිවිල් සහ දේශපාලන අස්ථාවර භාවයන් වැනි කරුණු සලකා බැලීමක් සිදු කරයි.

අයදුම්කරු අධ්‍යයනයට බලාපොරොත්තුවන පාඨමාලාවේ ඇති වැදගත් කම සලකා බැලීමක් සිදුවේ. මෙහිදී අයදුම් කරුගේ වත්මන් අධ්‍යාපන තත්වය, මෙම පාඨමාලාව අවසානයේ තම මව් රටේ හෝ වෙනත් රටක අයදුම්කරුට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව සහ ලබාගත හැකි වැටුප් මට්ටම්ද මෙහිදී සලකා බැලීමක් සිදුකරනු ලබයි.

අයදුම්කරුගේ ආගමන විගමන ඉතිහාසයද මෙහිදී සලකා බලනු ලැබේ. එහිදී මින් පෙර සිදුවී ඇති වීසා අවලංගු වීම්, ඔස්ට්‍රේලියාවට සහ අනෙකුත් රටවලට සංචාර කර ඇත්නම් ඒ පිලිබඳ තොරතුරු විමසා බැලීමක්ද සිදුවේ.

අයදුම්කරු බාල වයස්කරුවෙකු නම්, දෙමාපියන්ගේ, නීත්‍යානුකූල භාරකරුගේ හෝ සහකරුගේ හෝ සහකාරියගේ අභිප්‍රාය සලකා බැලීමක්ද සිදු කරනු ලබයි.


Share