2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ඔබ දැනගත යුතු සියලු දේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම ඇස්තමේන්තු කරන පරිදි ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා ලියාපදිංචි වීමට සුදුසුකම් ඇති නමුත් එසේ ලියාපදිංචි වී නොමැති ඔස්ට්‍රේලියානුවන් 650,000ක් පමණ සිටිති.

Anote todas as datas fundamentais para exercer o direito (obrigatório) de voto na Austrália para estas eleições deferais

Anote todas as datas fundamentais para exercer o direito (obrigatório) de voto na Austrália para estas eleições federais Source: AAP

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එළඹෙන මැයි 21 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම්ලත් ඔස්ට්‍රේලියානුවන්ගෙන් 96% ක් එනම් මිලියන 17 ක් පමණ මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

වයස අවුරුදු 18ට වැඩි සියලුම ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙම අනිවාර්ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට සහභාගී  විය යුතු අතර ඔවුන් එසේ නොකළහොත් දඩ මුදල් අය කළ හැකිය.

මැතිවරණය පවත්වන ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) ස්වාධීන ආයතනයක් වන අතර ඔස්ට්‍රේලියානුවන්ට ලියාපදිංචි වීමට අප්‍රේල් 18 වන ද සඳුදා රාත්‍රී 8 දක්වා කාලය පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම ඇස්තමේන්තු කරන පරිදි ඡන්දය ප්‍රකාශ කිරීම උදෙසා ලියාපදිංචි වීමට සුදුසුකම් ඇති නමුත් එසේ ලියාපදිංචි වී නොමැති ඔස්ට්‍රේලියානුවන් 650,000ක් පමණ සිටිති.

ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද?

බොහෝ ඡන්දය ප්‍රකාශ කිරීම් සිදු වන්නේ මැතිවරණය පැවැත්වෙන දිනයේ ඔස්ට්‍රේලියාව පුරා ඇති ඡන්ද මධ්‍යස්ථානවලය.

එම ඡන්ද මධ්‍යස්ථාන දේවස්ථාන ශාලා, පාසල් ශාලා, ප්‍රජා ශාලා සහ surf clubs වැනි ගොඩනැගිලිවල පිහිටුවා ඇත.

කෙසේ වෙතත්, පුද්ගලයෙකුට ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණීම සීමා කළ හැකි බොහෝ සාධක ඇති අතර, මැතිවරණ දිනයේදී ඔබට පුද්ගලිකව පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොවේ නම්, ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් ක්‍රම ගණනාවක් තිබේ.
කොවිඩ් ආසාදිත හෝ ආසදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් හට මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට දුරකතනය හරහා ක්‍රමයක් සූදානම් කරන බව මැතිවරණ කොමිසම දන්වා සිටී.

පූර්ව ඡන්ද විමසීම් සහ තැපැල් ඡන්ද විකල්පයන් මග හැරී ඇති ඡන්දදායකයින්ට මෙම හදිසි පියවරට ප්‍රවේශ වීමට තමන් සෞඛ්‍ය නියෝගයකට යටත් වන බවට ප්‍රකාශයක් කිරීමට සිදුවේ.

තමන් සැබවින්ම එම සෞඛ්‍ය නියෝගයට යටත් වන්නේ නම් පමණක් එම ක්‍රමය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසමේ ප්‍රධානී Tom Rogers පැවසීය.

පූර්වයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සහ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම

Pre-poll voting centre හෙවත් පූර්ව ඡන්ද මධ්‍යස්ථානයකදී පුද්ගලිකව කලින් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

නැතහොත් පුරවැසියන්ට මැයි 9 සිට තැපැල් ඡන්දයක් ඉදිරිපත් කළ හැකිය.

ලෝකයේ ඕනෑම රටක සිට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට කලින් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නියෝජිතයෙකු වන  Evan Ekin-Smyth, SBS පුවත් සේවයට පැවසීය.

නමුත් කලින් ඡන්දය ප්‍රකාශ කිරීම මහ මැතිවරණ ව්‍යාපාරයේ ගතිකත්වය වෙනස් කළ හැකි බව La Trobe විශ්ව විද්‍යාලයේ අනුබද්ධ පර්යේෂකයෙකු වන Ian Tulloch, SBS පුවත් සේවයට පැවසීය.
Australians Head To The Polls To Vote
Australia goes to the poll on 21 May 2022 Source: Getty Images / AsiaPac
එතරම් සුලබ නොවූවත් තැපැල් ඡන්දය ද ඇතැම් පුද්ගලයින්ට විකල්පයක් විය හැකිය.

ඔබට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කළ හැකිය.

මැතිවරණ දිනයට පෙර බදාදා සවස 6 දක්වා අයදුම්පත් විවෘත වේ.

ඡන්ද පත්‍රිකා තැපෑලෙන් යවනු ලබන අතර ඡන්ද විමසීමේ දිනය අවසන් වන විට සම්පූර්ණ කර නැවත ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතුය.

කෙසේ වෙතත්, ඔබ පූර්වයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ තැපැල් ඡන්දයක් සඳහා සුදුසුකම් ලබන්නේ මැතිවරණ දිනයේ ඔබ ඡන්ද මධ්‍යස්ථානයක සිට කිලෝමීටර 8කට වඩා වැඩි නම්, ඒ වෙත ගමන් කරන්නේ නම්, රෝහල්ගතව සිටී නම් හෝ බරපතල ලෙස රෝගාතුරව සිටී නම් හෝ දැනුම් දීමක් හෝ ඔබේ ආරක්ෂාව පිළිබඳ බියක් තිබේ නම් හෝ ඇතුළුව ඇතැම් කොන්දේසි යටතේ පමණි.

පූර්වයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය මැයි 21 මැතිවරණ දිනය දක්වා සති දෙකක කාලයක් ක්‍රියාත්මක වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීම

මෙම මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය තීරණය කරනු ලබන්නේ ඡන්ද විමසීමේ දිනට හෝ ඊට පෙර මනාප ඡන්දයෙන් ය.

"කොළ පැහැති ඡන්ද පත්‍රිකාවේ ඔබ කැමතිම අපේක්ෂකයාගේ සිට අඩුම ප්‍රියතම අපේක්ෂකයා දක්වා සියලුම කොටුවල අංක යෙදීමට ඔබට සිදු වෙනවා. එය ඉතා වැදගත් බැවින් ඡන්ද පත්‍රිකාවේ ඇති උපදෙස් අනුගමනය කර ඔබට අපේක්ෂකයින් ඇතුළත් කිරීමට අවශ්‍ය අනුපිළිවෙල ගැන සිතා බලන්න පුළුවන්." යනුවෙන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නියෝජිතයෙකු වන  Evan Ekin-Smyth, SBS පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාව පුරා මැතිවරණ කොට්ටාස 151ක් ඇති අතර ඒ සඳහා එක් සාමාජිකයෙකු බැගින් තෝරාගැනේ.

නමුත් අගමැතිව තෝරාගනු ලබන්නේ දේශපාලන පක්ෂයක සාමාජිකයන් නායකයෙකුට ඡන්දය ප්‍රකාශ කර එම පක්ෂය මැතිවරණයකදී සාර්ථකව ආණ්ඩුවක් පිහිටවූ විටය.

ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයකට ආසන 76ක් ලබාගත යුතුය.



Share
Published 13 April 2022 2:31pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends