ඩයනා කුමරියගේ 60 වන උපන්දිනය වෙනුවෙන් විලියම් සහ හැරීගෙන් ලැබුණු අපූරු තෑග්ග (SBS සිංහල/ වාර්තා)

2017 වසරේ යෙදී තිබුණු ඩයනා කුමරියගේ 20 වන අනුස්මරණයේදී මෙම ප්‍රතිමාව නිර්මාණය කරන බවට විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මූලික වශයෙන් නිවේදනය කළෝය.

Princes William and Harry unveil the Princess Diana statue at Kensington Palace.

Princes William and Harry unveil the Princess Diana statue at Kensington Palace. Source: Twitter/ The Duke and Duchess of Cambridge

එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරවයක් පිණිස නිර්මාණය කළ ඇයගේ ප්‍රතිමාවක් ඊයේ (01/07) දිනයේදී ඇයගේ පුතුන් දෙදෙනා වන විලියම් කුමරු සහ හැරී කුමරු අතින් නිරාවරණය කෙරිණි.

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ අවමංගල උත්සවයෙන් පසු මෙම දෙසොහොයුරන් මුණ ගැසුණු පළමු අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.


Highlights

  • 2021 ජූලි 01 ට යෙදී තිබූ ඩයනා කුමරියගේ 60 වන උපන්දිනය නිමිතිකොටගෙන මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරිණි.
  • මෙම ප්‍රතිමාව ස්ථාපනය කර ඇත්තේ Kensington මාළිගාවේ Sunken උද්‍යානයේ වන අතර එය ඩයනා කුමරිය වඩාත් ප්‍රියකළ ස්ථාන වලින් එකක් ලෙස හැඳින්වේ.
  • ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය මූර්ති ශිල්පී Ian Rank-Broadley විසින් මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.

ඩයනා කුමරියගේ ප්‍රතිමාව

ඊයේට (01/07) යෙදී තිබුණු ඩයනා කුමරියගේ 60 වන උපන්දිනය නිමිතිකොටගෙන ඇය වෙනුවෙන් නිර්මාණය කළ මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරිණි.

2017 වසරේ යෙදී තිබුණු ඩයනා කුමරියගේ 20 වන අනුස්මරණයේදී මෙම ප්‍රතිමාව නිර්මාණය කරන බවට විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මූලික වශයෙන් නිවේදනය කළෝය.

මෙම ප්‍රතිමාව ඔස්ට්‍රේලියානු වේලාවෙන් ඊයේ (01/07) රාත්‍රී 11 ට නිරාවරණය කෙරිණි.
ඩයනා කුමරියගේ මෙම ප්‍රතිමාවේ ඇය වටා තවත් ළමුන් තිදෙනෙකු සිටිති.

ඩයනා කුමරිය ලොවට සිදුකළ සේවයේ විශ්වීයත්වය සහ පරම්පරාගත බලපෑම එයින් නියෝජනය කෙරේ.

මෙම ප්‍රතිමාව ස්ථාපනය කර ඇත්තේ Kensington මාළිගාවේ Sunken උද්‍යානයේ වන අතර එය ඩයනා කුමරිය වඩාත් ප්‍රියකළ ස්ථාන වලින් එකක් ලෙසද  හැඳින්වෙන බව ABC පුවත් සේවය වාර්තා කරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


පොදුජනතාවගේ කුමරිය ලෙස හැඳින්වෙන ඩයනා කුමරිය වෙනුවෙන් එම භූමිය තුළ සිදුකළ පළමු උපහාරය මෙය නොවේ.

ඇයගේ 20 වන අනුස්මරණය තිබූ 2017 වසරේදී forget-me-nots, සුදු ලිලී, රෝස, ටියුලිප්, ඩේසි වැනි ඩයනාගේ ප්‍රියතම මල් වර්ග Kensington මාළිගාවේ Sunken උද්‍යානයේ සිටුවන ලදී.

මෙම ප්‍රතිමාව පහළ එය නිරාවරණය කළ දිනය සහිත පළකයක් ඇත.

ඊට අමතරව "The Measure of a Man" නමින් ලියූ කවි පන්තියක් එහි සටහන් වෙයි.

එම කවි පන්තිය 2017 වසරේ ඩයනා කුමරියගේ 20 වන අනුස්මරණයේදී ඉදිරිපත් කරන ලද්දකි.
Diana statue at Kensington Palace.
Diana statue at Kensington Palace Source: Facebook/ Kensington Palace

ප්‍රතිමාවේ මූර්ති ශිල්පියා කවුද?

ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය මූර්ති ශිල්පී Ian Rank-Broadley විසින් ඩයනා කුමරියගේ මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ.

එක්සත් රාජධානියේ පවතින සුප්‍රසිද්ධ ප්‍රතිමා සහ මූර්ති බොහොමයක් මොහු අතින් නිර්මාණය වී ඇත.
මෙම ප්‍රතිමාවට පෙර බ්‍රිතාන්‍යයේ රාජකීයයන් සඳහා ඉතා වැදගත් ව්‍යාපෘතියකට Ian Rank-Broadley සම්බන්ධ විය.

එක්සත් රාජධානියේ කාසි වල භාවිතා වන රැජිනගේ රූපය පිටුපස සිටින කලාකරුවා ඔහුය.

ඩයනා කුමරියගේ මෙම ප්‍රතිමාව Kensington මාළිගාවේ Sunken උද්‍යානයේ ස්ථාපනය කිරීමට පෙර එම උද්‍යානය මුළුමනින්ම නැවත සැලසුම් කිරීමක් සිදු කළේය.

එම කටයුත්ත සිදුකරනු ලැබුවේ සුප්‍රසිද්ධ භූමි හා උද්‍යාන අලංකරණ සහ සැලසුම් විශේෂඥයෙකු වන Pip Morrison විසිනි.

Share
Published 2 July 2021 11:58am
Updated 2 July 2021 12:49pm
By Madhura Seneviratne

Share this with family and friends