ඔස්ට්‍රේලියාවේ රැකියා කළ යුතු හොඳම ආයතන 25 නම් කෙරේ (SBS සිංහල/ වාර්තා)

වෘත්තීය මට්ටමේ සම්බන්ධතා ගොඩනගන ලොව ප්‍රබලම සම්බන්ධක ජාලයක් වන LinkedIn හි නවතම දත්ත උපයෝගී කරගෙන ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයකුට තම වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා හොඳම සේවා ස්ථාන ලැයිස්තුව නම් කර තිබේ.

یک مصاحبه شغلی

یک مصاحبه شغلی Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයකුට තම වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා හොඳම සේවා ස්ථාන 25 කින් සමන්විත ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ආයතන අතරට විශාල තාක්ෂණික සමාගම් මෙන්ම බැංකු සහ විවිධ උපදේශන සමාගම් ද ඇතුළත් වී ඇත.


Highlights

  • වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ආයතන 25 ක් LinkedIn හි නවතම දත්ත උපයෝගී කරගෙන නම් කර තිබේ.
  • එම සමාගම් විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රධාන මිනුම් දඬු 7 ක් උපයෝගී කරගෙන ඇත.
  • මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ Accounting ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන EY සමාගමය.

වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ආයතන

වෘත්තීය මට්ටමේ සම්බන්ධතා ගොඩනගන ලොව ප්‍රබලම සම්බන්ධක ජාලයක් වන LinkedIn හි නවතම දත්ත උපයෝගී කරගෙන ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයකුට තම වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා හොඳම සේවා ස්ථාන ලැයිස්තුව නම් කර තිබේ.

එම ආයතන හරහා සේවකයින්ට සමාගම තුළ සහ ඉන් ඔබ්බට සාර්ථකත්වය සඳහා වෘත්තීය පදනමක් ගොඩනැගීමට අවශ්‍ය  සහය සපයන බව Australian Computer Society හෙවත් ACS ආයතනයේ වෙබ් අඩවිය පවසයි.

මෙම අධ්‍යනය පහත සඳහන් ප්‍රධාන මිනුම් දඬු 7 ක් මත පදනම් වී ඇති බවද ඔවුහු පවසති.

  1. ඉදිරියට යාමට ඇති හැකියාව
  2. නිපුණතා වර්ධනය
  3. සමාගමේ ස්ථාවරත්වය
  4. බාහිර අවස්ථා
  5. සමාගම් සම්බන්ධතාවය
  6. ස්ත්‍රී පුරුෂභාවයේ විවිධත්වය
  7. අධ්‍යාපනික පසුබිම
The illegal interview questions employers can’t ask you in a job interview
Source: Pixabay

ප්‍රමුඛ සමාගම් සහ ඒවා ඉහළට ඒමට හේතු

EY

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ Accounting ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන EY සමාගමය.

COVID-19 වසංගතයේ උච්චතම අවස්ථාවේ දී විශාල පරිමාණයේ රැකියා කප්පාදුවක් ප්‍රකාශයට පත් නොකල ඔස්ට්‍රේලියාවේ විශාලතම උපදේශන සමාගම් හතරෙන් එකම සමාගම මෙය වේ.

Singtel

ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ Optus සමාගමට අනුබද්ධිත සිංගප්පූරු ටෙල්කෝ සමාගමක් වන Singtel සමාගමය.

data and analytics සහ automation වැනි නැගී එන ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම වර්ධනය කරගැනීම සඳහා Optus සමාගම මෑතකදී සිය සේවකයින්ට ඔස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙමින් නව වැඩසටහනක් දියත් කළේය.

Macquarie Group

ඔස්ට්‍රේලියානු බහුජාතික ස්වාධීන ආයෝජන බැංකුවකින්  සහ මූල්‍ය සේවා සමාගමකින් සැදුම්ලත් Macquarie Group මෙම ලයිස්තුවේ තෙවැනි තැනට පත්වී තිබේ.

ResMed

ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයකුට තම වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා හොඳම සේවා ස්ථාන 25 කින් සමන්විත ලැයිස්තුවේ ඉහළින්ම ඇති තාක්ෂණික සමාගම වන්නේ ResMed ය.

එය සෞඛ්‍ය ක්ෂත්‍රය හා සම්බන්ධ වන අතර සේවකයින් 1,400 ක් පමණ එහි සේවය කරති.

ස්ත්‍රි පුරුෂ භාවය කෙරෙහි අවධානය යොමු කරන තරුණ තරුණියන් සඳහා STEM අධ්‍යාපනයට සහාය වීමට ResMed කැපවී සිටී.

IBM

ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන IBM සමාගම මෙම ලැයිස්තුවේ 8 වන ස්ථානයට පත්ව තිබේ.

නව රැකියා සඳහා වඩාත් අවශ්‍ය කුසලතා සිසුන්ට ඉගැන්වීමේ අරමුණින් IBM සමාගම මෑතකදී සිය කර්මාන්ත හා අධ්‍යාපන අංශයේ හවුල්කාරිත්වය පුළුල් කර තිබේ.

Amazon

Amazon සමාගම ලැයිස්තුවේ 9 වන ස්ථානයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ සේවකයින් 3,500 ක් පමණ Amazon සමාගම යටතේ සේවය කරන බව සඳහන්.

ඉතා පහළ මට්ටමේ තනතුරු වල සිට data scientists, robotics සහ product development වැනි ඉතා ඉහළ මට්ටමේ තනතුරු ඊට ඇතුළත් වේ.

Alphabet

Google හි මව් සමාගම වන Alphabet සමාගම ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව ඇත.

ඉතා නම්‍යශීලී සේවා පරිසරයක් ඇති මෙහි ඔස්ට්‍රේලියානුවාසීන් 2,000 ක් රැකියා කරයි.

පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම සමාගමේ සියලුම සේවකයින්ට සේවා ස්ථානයට නොපැමිණ වසරක් යනතෙක් තම රැකියා කිරීමට හැකි බව  Google සමාගම නිවේදනය කළ අතර එම කාලය සැප්තැම්බර් මාසය දක්වා දීර්ග කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ හොඳම ආයතන 25

  1. EY
  2. Singtel
  3. Macquarie Group
  4. ResMed
  5. Commonwealth Bank
  6. Bosch
  7. Woolworths Group
  8. IBM
  9. Amazon
  10. Alphabet
  11. UBS
  12. Salesforce
  13. NAB
  14. Westpac Group
  15. ABB
  16. Allianz
  17. Atlassian
  18. QBE Insurance
  19. Origin Energy
  20. Wesfarmers
  21. Bayer
  22. McKinsey & Company
  23. Omnicom
  24. Deloitte
  25. Medtronic

Share
Published 7 May 2021 11:48am
By Madhura Seneviratne

Share this with family and friends