Accounting, IT, Hospitality ඇතුළු ක්ෂේත්‍ර සමග බටහිර ඔස්ට්‍රේලියාවේ නව රැකියා ලැයිස්තු මෙන්න (SBS සිංහල වාර්තා)

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 190 වීසා ඛාණ්ඩය සඳහා 1,100 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 340 ක කෝටාවක් ද මෙවර පිරිනමා ඇත.

The latest update on Australia's partner visas

Western Australia Occupation list updated for 2021/22 Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනේ හෙවත් නිපුණතා වීසා වැඩසටහනේ නව occupation lists හෙවත් රැකියා ලැයිස්තු ඊයේ (05/07) නිවේදනය කළේය.

ඒ සමග එම වැඩසටහනට අදාළ 190 හා 491 වීසා අයදුම් කිරීම සඳහා සැපිරිය යුතු නව අවශ්‍යතා ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය නිවේදනය කර ඇත.


Highlights

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන ප්‍රධාන ධාරාවන් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
  • එමෙන්ම මෙවර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු 3 ක් ක්‍රියාත්මක වේ.
  • මෙම ලැයිස්තු වලට ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් බොහොමයක් ඇතුළත් කර තිබීම කැපී පෙනෙයි.

2021/22 බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  1. Skilled Work Regional (Provisional) visa (subclass 491)
  2. Skilled Nominated visa (subclass 190)
ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 190 වීසා ඛාණ්ඩය සඳහා 1,100 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 340 ක කෝටාවක් ද මෙවර පිරිනමා ඇත.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන පහත සඳහන් ප්‍රධාන ධාරාවන් (Stream) දෙක යටතේ ක්‍රියාත්මක වේ.

  1. The general stream
  2. The graduate stream
එමෙන්ම ඒවා සඳහා පහත පරිදි රැකියා ලැයිස්තු 3 ක් ඉදිරිපත් කර තිබේ.

  1. Western Australian Skilled Migration Occupation List​ - Schedule 1
  2. Western Australian Skilled Migration Occupation List​ - Schedule 2
  3. Graduate Occupation List
The latest updated of Australian Visa Processing time
Source: Getty Images

අයදුම් කිරීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ එක් එක් රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තීයක් හරහා අයදුම් කිරීමේදී පහත අවශ්‍යතා සැපිරිය යුතු වේ.

Western Australian Skilled Migration Occupation List - Schedule 1

  • 190 හෝ 491 වීසා සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සැපිරිය යුතු වේ.
  • ඔස්ට්‍රේලියාව තුළ වාසය කරමින් සිටිය යුතුය.
  • අදාළ වෘත්තිය සඳහා නිර්දේශිත ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතුය.
  • අදාළ වෘත්තියේ ඔස්ට්‍රේලියාව තුළ අවම වශයෙන් වසරක හෝ රැකියා පළපුරුද්දක් සනාථ කළ යුතුය. (විදෙස් රටක නම් එය වසර 3 කි)
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැකියා ලයිස්තුවේ ඔබ අයදුම් කිරීමට අපේක්ෂිත වෘත්තියේ හෝ ඊට සමීප වෘත්තියක හෝ පූර්ණ කාලීන රැකියාවක් සඳහා අවම වශයෙන් මාස 12 ක රැකියා ගිවිසුමක් තිබිය යුතුය. (contract of employment in your nominated (or closely related) occupation for full time employment in Western Australia)
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත වාසය කරන අයදුම්කරුවෙකු නම් වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් තරමේ තැන්පත් මුදල් පෙන්විය යුතුය.

 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 Western Australian Skilled Migration Occupation List - Schedule 2

  • 190 හෝ 491 වීසා සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සැපිරිය යුතු වේ.
  • ඔස්ට්‍රේලියාව තුළ වාසය කරමින් සිටිය යුතුය.
  • අදාළ වෘත්තිය සඳහා නිර්දේශිත ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතුය.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැකියා ලයිස්තුවේ ඔබ අයදුම් කිරීමට අපේක්ෂිත වෘත්තියේ හෝ ඊට සමීප වෘත්තියක හෝ පූර්ණ කාලීන රැකියාවක් සඳහා අවම වශයෙන් මාස 12 ක රැකියා ගිවිසුමක් තිබිය යුතුය. (contract of employment in your nominated (or closely related) occupation for full time employment in Western Australia)
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත වාසය කරන අයදුම්කරුවෙකු නම් වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් තරමේ තැන්පත් මුදල් පෙන්විය යුතුය.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය මඟින් සම්පාදනය කරන ලද ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Graduate Occupation List

  • 190 හෝ 491 වීසා සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සැපිරිය යුතු වේ.
  • ඔස්ට්‍රේලියාව තුළ වාසය කරමින් සිටිය යුතුය.
  • අදාළ වෘත්තිය සඳහා නිර්දේශිත ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතුය.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිළිගත් හා වලංගු උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයකින් උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය.
  • එම සුදුසුකම ලබාගැනීමට බටහිර ඔස්ට්‍රේලියාවේ වසර දෙකක් පූර්ණ කාලීනව අධ්‍යාපනය හදාරා තිබිය යුතුය.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැකියා ලයිස්තුවේ ඔබ අයදුම් කිරීමට අපේක්ෂිත වෘත්තියේ හෝ ඊට සමීප වෘත්තියක අවම වශයෙන්  මාස 6 ක හෝ රැකියා පළපුරුද්දක් සනාථ කළ යුතුය.
  • එසේ නැතිනම් අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ මාස 6 ක රැකියා ගිවිසුමක් තිබිය යුතුය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු

මෙවර පහත සඳහන් අයුරින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු 3 ක් ක්‍රියාත්මක වේ.

  1. Western Australian Skilled Migration Occupation List - Schedule 1
  2. Western Australian Skilled Migration Occupation List - Schedule 2
  3. Graduate Occupation List
මෙම ලැයිස්තු වලට ඉහළ ඉල්ලුමක් ඇති Accountant, Software Engineer, Developer Programmer, Early Childhood Teacher, Social Worker, Chef, Cook, Carpenter, Painter, Welder, Baker වැනි රැකියා ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

Share
Published 6 July 2021 11:00am
Updated 6 July 2021 11:33am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends