ඔස්ට්‍රේලියාවේ සේවකයින් සතියකට පැය 7.3 ක් වැටුප් රහිතව රැකියා කරන බව හෙළිවේ (SBS සිංහල/ වාර්තා)

කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියානු සේවකයින් නිල වශයෙන් 26% ක වාර්තා නොකළ අතිකාල සේවා පැය ගණනක් රාජකාරී කර ඇත.

Australian Workers are doing an average of 7.3 hours of unpaid work per week now

Australian Workers are doing an average of 7.3 hours of unpaid work per week now Source: AAP

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබත් සේවා ස්ථානයට නොයා නිවසේ සිටම රාජකාරී කරන අයෙක්ද?

එසේනම්, දිවා ආහාර විවේකය සහ තේ විවේකය පවා නොගෙන දවසේ නියමිත සේවා පැය ගණනටත් වඩා රාජකාරී කිරීමට ඔබට සිදුවී තිබේද?


Highlights

  • කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියානු සේවකයින් නිල වශයෙන් 26% ක වාර්තා නොකළ අතිකාල සේවා පැය ගණනක් රාජකාරී කර ඇත.
  • ඔස්ට්‍රේලියාවේ සේවකයින් වර්තමානය වන විට සතියකට සාමාන්‍යයෙන් පැය 7.3 ක් වැටුප් රහිතව රැකියා කරමින් සිටියි.
  • කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාවේ එම අගය පැවතියේ සතියකට පැය 5.8 ක් ලෙසය.

මෙම ගැටලුවට මුහුණ දී ඇති එකම පුද්ගලයා ඔබ නොවන බව දැනගන්න.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව COVID-19 වසංගතය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියානු සේවකයින් නිල වශයෙන් 26% ක වාර්තා නොකළ අතිකාල සේවා පැය ගණනක් රාජකාරී කර ඇති බව වාර්තා වේ.
Business people working in open plan office with hot desks, but this close proximity will no longer take place between staff.
Source: AAP

වැටුප් රහිත අතිකාල සේවයේ යෙදීම

ඔස්ට්‍රේලියාවේ සේවකයින් වර්තමානය වන විට සතියකට සාමාන්‍යයෙන් පැය 7.3 ක් වැටුප් රහිතව රැකියා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය පවසයි.

එය ආසන්න වශයෙන් එක් සම්පුර්ණ වැඩ කරන දිනයකට සමානය.

ADP පර්යේෂණය ආයතනය පවසන පරිදි කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාවේ එම අගය පැවතියේ සතියකට පැය 5.8 ක් ලෙසය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


බොහෝ සේවකයින් බොහෝ කලකට පෙර රැකියාවේ කොටසක් ලෙස මධ්‍යම රාත්‍රියේදී වීඩියෝ සම්මන්ත්‍රණ සහ විද්‍යුත් තැපැල් පණිවිඩ පරීක්ෂා කර ඒවාට පිළිතුරු යැවීම් කළ නමුත් එවැනි අතිකාල සේවා සඳහා අදාළ සේවකයින්ට අමතර වැටුප් ගෙවිය යුතු බවට Fair Work වාර්ෂික වැටුප් නීතියේ සඳහන් වන බව ADP APAC හි පාරිභෝගික සේවාවන්හි උප සභාපති Kylie Baullo පැවසුවාය.
මෙම නීතිය වටා හෝ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම යන්නෙන් අදහස් කෙරෙන දේ පිළිබඳව අවබෝධයක් නොමැතිකම යන කරුණු දෙකම මෙහිදී පෙනෙන්නට ඇති බව ඇය පැවසුවාය.

වර්තමානයේ සේවකයින් වැටුප් රහිතව වැඩිපුර වැඩ කරන අතිකාල පැය වලින් ඇඟවෙන්නේ බොහෝ ව්‍යාපාර මෙම නව නීතිය උල්ලංඝනය කරන බවද ඇය අවධාරණය කළාය.
Temporary migrants are vulnerable to wage theft.
Source: Getty

නිසි පරිදි වැටුප් නොගෙවීම

නිසි පරිදි වැටුප් නොගෙවීම ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු ගැටලුවක් ලෙස පවතී.

සංචාරක දීමනා සහ විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් නොලැබූ සහ අඩු වැටුප් ලැබූ සේවකයින් 1,647 කට ඩොලර් මිලියන 12 ක් ගෙවීමට පසුගිය වසරේදී IBM සමාගමට බල කෙරුණු බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය පවසයි.
පැයකට ඩොලර් 36 බැගින් වසරකට ඩොලර් 12,600 ක් පමණ ඔස්ට්‍රේලියාවේ නොගෙවන සාමාන්‍ය අතිකාල පැය ගණන නියෝජනය කරයි.

එම මුදල මාස 6 ක නිවාස කුලිය ගෙවීමට හෝ මාස 18 කට නිවසේ ආහාර පාන භාණ්ඩ ගැනීමට හෝ වසරක කාලයක childcare ගාස්තු හෝ ලෙස දැක්විය හැකිය.
A woman a a job interview
Source: Getty Images

ගෝලීය සාමාන්‍ය අගයට වඩා ඔස්ට්‍රේලියානු අගය අඩුයි

ඔස්ට්‍රේලියාවේ සේවකයින් 2,000 ක් ඇතුළුව රටවල් 17 ක සේවකයින් 32,500 කට ආසන්න සංඛ්‍යාවක් මෙම අධ්‍යනය සඳහා ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී ඔස්ට්‍රේලියාවේ සතියකට වැටුප් රහිතව රැකියාව කරන සේවක පැය ගණන, සතියකට පැය 9.2 ක් වූ ගෝලීය සාමාන්‍යයට වඩා අඩු ය.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 57% ක් පමණක් මූල්‍ය හෝ රැකියා ආරක්‍ෂාව හේතුවෙන් තම රැකියාව ලෙස වෙනස් දේවල් කරමින් සිටි බව සඳහන්.

එය ඉන්දියාව (86%), චීනය (77%) සහ සිංගප්පූරුව (75%) වැනි රටවල සමග සසඳන විට ඉතා අඩු ප්‍රතිශතයකි.
නිවසේදී සහ කාර්යාලයේදී යනුවෙන් ස්ථාන දෙකේම රැකියා කිරීමට කාලය බෙදා ගන්නා Hybrid හෙවත් දෙමුහුන් සේවකයින් බොහෝ විට තම හාම්පුතුන්ට හෝ සේවා ස්ථානවලට වැටුප් රහිතව සැලකිය යුතු සේවා පැය ගණනක් රැකියා කරයි.

Flexible working arrangements හෙවත් නම්‍යශීලී රාජකාරී සැලැස්මේ අමතර වරප්‍රසාද සමබර කිරීම ලෙස මෙය බොහෝ දෙනෙකුට පෙනෙන්නට ඇත.

කොවිඩ් වසංගතයට පෙර සිටි 26% හා සසඳන විට එවැනි වැඩ පිළිවෙලකින් තමන්ට වඩාත් ශක්තියක් දැනෙන බව සේවකයින්ගෙන් 67% ක් සම්පුර්ණයෙන්ම මෙම අධ්‍යනයේදී පවසා තිබේ.

Share
Published 10 September 2021 7:53pm
By Madhura Seneviratne

Share this with family and friends