කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ගත් අයට NSW ප්‍රාන්තයේ කොවිඩ් නීති ලිහිල් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

සියලුම වැඩිහිටියන් කොවිඩ් එන්නතේ මාත්‍රාවන් ද්විත්වයම ලබාගෙන ඇති නිවසකට උපරිම අමුත්තන් 5 දෙනෙකුට පැමිණිය හැකිය

Diners seen at a cafe in Bronte in Sydney, Sunday, 19 July, 2020.

Diners seen at a cafe in Bronte in Sydney, Sunday, 19 July, 2020. Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් නීති ලිහිල් කිරීමේ සැලසුම අද එළි දැක්විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කිරීමේදී මෙම නීති ලිහිල් කිරීම අදාළ වනුයේ කොවිඩ් එන්නතේ මාත්‍රාවන් ද්විත්වයම ලබාගත් පුද්ගලයින්ට සහ අවසරලත් හේතු මත එන්නතෙන් නිදහස් කළ පුද්ගලයින්ට පමණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද්විත්ව මාත්‍රා ලබාගැනීමේ 70% ඉලක්කය ඉක්මවා ගිය පසු එළඹෙන සඳුදා සිට මෙම කොවිඩ් නීති පහත අයුරින් ලිහිල් ඉහත පුද්ගල ඛාණ්ඩ සඳහා කරන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ප්‍රකාශ කළාය.


Highlights

  • වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ඇතුළතත් වර්ග මීටර 2කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ එළිමහනේත් අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • ප්‍රවේශ පත්‍ර නිකුත් කරන සහ අසුන්ගෙන නරඹන එළිමහන් උත්සව සඳහා උපරිම පුද්ගලයින් 500 ක් දක්වා සහභාගී විය හැකිය.
  • මංගල සහ අවමංගල උත්සව සඳහා උපරිම අමුත්තන් 50 දෙනෙකුට සහභාගී විය හැකිය.

ජනයා ඒකරාශී වීම

සියලුම වැඩිහිටියන් කොවිඩ් එන්නතේ මාත්‍රාවන් ද්විත්වයම ලබාගෙන ඇති නිවසකට උපරිම අමුත්තන් 5 දෙනෙකුට පැමිණිය හැකිය. (වයස අවුරුදු 12 ට අඩු ළමුන් ඇතුළත් නොවේ)

එළිමහනේ උපරිම 20 කට රැස්විය හැකිය.
News
Source: Getty Images/Attila Csaszar

වෙළෙඳසැල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන

වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ඇතුළතත් වර්ග මීටර 2කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ එළිමහනේත් පාරිභෝගිකයින්ට ඉඩ සලසා අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.

වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ සිල්ලර වෙළෙඳ සැල් ද විවෘත කළ හැකිය.
වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා නිය අලංකරණ ස්ථාන වැනි පුද්ගලික සේවා සපයන ස්ථාන විවෘත කළ හැකිය.

වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කළ හැකිය. මෙහිදී උපරිම 20 කට පන්ති පැවැත්විය හැකිය.

පිහිනුම් තටාක ඇතුළු ක්‍රීඩා ස්ථාන ද නැවත විවෘත කළ හැකිය.
SCG
Source: Getty Images

ක්‍රීඩාංගණ, සිනමා ශාලා සහ ප්‍රධාන එළිමහන් විනෝදාත්මක ස්ථාන

වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ ක්‍රීඩාංගණ, තුරඟ ක්‍රීඩාංගන, theme parks සහ සත්වෝද්‍යාන ඇතුළු ප්‍රධාන එළිමහන් විනෝදාත්මක ස්ථාන විවෘත කළ හැකිය. එහිදී සහභාගී විය හැකි උපරිම පිරිස 5,000 කි.

ප්‍රවේශ පත්‍ර නිකුත් කරන සහ අසුන්ගෙන නරඹන එළිමහන් උත්සව සඳහා උපරිම පුද්ගලයින් 500 ක් දක්වා සහභාගී විය හැකිය.
වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ සිනමා ශාලා, රංග ශාලා, සංගීත ශාලා, කෞතුකාගාර සහ කලාගාර ඇතුළු ගෘහස්ථ විනෝදාත්මක හා තොරතුරු සපයන ස්ථාන විවෘත කළ හැකිය. එහිදී සහභාගී විය හැකි උපරිම පිරිස අදාළ ආසන ධාරිතාවෙන් 75% කි.
Mixed marriages
Source: Pixabay

මංගල උත්සව, අවමංගල්‍ය උත්සව හා ආගමික ස්ථාන

මංගල උත්සව සඳහා උපරිම අමුත්තන් 50 දෙනෙකුට සහභාගී විය හැකිය. එමෙන්ම නර්තනය සඳහා අවසර දී ඇති අතර ආහාර පාන ගැනීම අසුන්ගෙන සිටියදී පමණි.

අවමංගල උත්සව සඳහා උපරිම අමුත්තන් 50 දෙනෙකුට සහභාගී විය හැකිය අතර ආහාර පාන ගැනීම අසුන්ගෙන සිටියදී පමණි.

වර්ග මීටර 4කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ දේවස්ථාන ඇතුළු ආගමික ස්ථාන විවෘත කළ හැකි නමුත් ඒවායේ ගායනා කිරීම් තහනම්ය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සංචාරය කිරීම

NSW ප්‍රාදේශීය කලාප වෙත සංචාරය කිරීම් ඇතුළු දේශීය සංචාරවලට අවසර තිබේ.

කැරවාන් උද්‍යාන සහ කඳවුරු භූමි විවෘත කළ හැකිය

Carpooling කිරීමට අවසර දෙනු ඇත.
වයස අවුරුදු 16 ට අඩු කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට සියළුම එළිමහන් ස්ථානවලට ප්‍රවේශ විය හැකි නමුත් ගෘහස්ථ ස්ථාන වලට ඇතුළු විය හැක්කේ ඔවුන්ගේ නිවසේ සාමාජිකයින් සමඟ පමණකි.

නිවසේ සිට රාජකාරී කිරීමට සේවකයාට හැකි නම් නිවසේ සිට රාජකාරී කිරීමට හාම්පුතුන් සහ සමාගම් තම සේවකයින්ට ඒ සඳහා දිගටම අවසර දිය යුතුය.
People wearing face masks line up for their COVID-19 vaccination at the NSW Health Walk-in AstraZeneca vaccination clinic in Glebe, Sydney, Sat, Aug 7, 2021.
People wearing face masks line up for their COVID-19 vaccination at the NSW Health Walk-in AstraZeneca vaccination clinic in Glebe, Sydney, Sat, Aug 7, 2021. Source: AAP Image/Bianca De Marchi

මුව ආවරණ පැළඳීම

පොදු ප්‍රවාහන සේවාවල, තම නිවස ඉදිරිපිට ඇති අවන්හල්වල සහ ආපන ශාලාවල , සිල්ලර හා ව්‍යාපාරික ස්ථානවල, ගුවන් යානා සහ ගුවන් තොටුපලවල ඇතුළුව සියලුම ගෘහස්ථ පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

එළිමහනේ සිටින විට මුව ආවරණ පැළඳිය යුත්තේ hospitality ක්ෂේත්‍රයේ සේවකයින් පමණි.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් ගෘහස්ථව ස්ථානවල මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.

Share
Published 9 September 2021 4:46pm
Updated 9 September 2021 4:48pm
By Madhura Seneviratne

Share this with family and friends