ඔස්ට්‍රේලියාවේ ඔබට නොදන්නා SMS එනවාද? නවතම Scam එකට හසුවීමට පෙර මේ ලිපිය කියවන්න (SBS සිංහල/ වාර්තා)

පසුගිය සතිය වන විට ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධ පැමිණිලි 9,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩොලර් 10,000 කට ආසන්න මුදලක් ඔස්ට්‍රේලියානුවන්ගෙන් සොරකම් කර ඇති බවත් සඳහන්.

Scam Alert

Source: Getty Images/Adranik Hakobyan

ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන නවතම scam එකක් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වේ.

මෙය Flubot scam ලෙස හැඳින්වේ.

Flubot scam යනු කුමක්ද, එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.


Highlights

  • SMS හෙවත් කෙටි පණිවිඩයක් අයුරින් මෙම Flubot scam එක ජංගම දුරකථනවලට ලැබේ.
  • යුරෝපයෙන් ආරම්භ වූ මෙය ඔස්ට්‍රේලියාවෙන් මුල් වරට වාර්තා වුයේ 2021 අගෝස්තු 04 වනදාය.
  • මේ හරහා ජංගම දුරකතනයේ ඇති දුරකතන අංක, අනෙක් Passwords, බැංකු ගිණුම් තොරතුරු සොරකම් කිරීමට හැකියාව තිබේ.

Flubot scam යනු කුමක්ද?

ජංගම දුරකථනවලට SMS හෙවත් කෙටි පණිවිඩයක් අයුරින් මෙම Flubot scam එක ලැබෙන බව වාර්තා වේ.

එම කෙටි පණිවිඩයේ link එකක් තිබෙන බවත් ඒ link එක click කළ විට අදාළ ජංගම දුරකතනයේ පසුබිමින් Malware App එකක් නොදැනුවත්වම Install වන බවත් මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එම Malware App එක Install වීමෙන් පසුව එම ජංගම දුරකතනයේ ඇති දුරකතන අංක, අනෙක් Passwords, බැංකු ගිණුම් තොරතුරු සොරකම් කිරීමට හැකියාව තිබේ.

ඊට අමතරව එම ජංගම දුරකතනයේ save කර ඇති දුරකතන අංකවලට Flubot scam කෙටි පණිවිඩ එම දුරකතනය හරහාම යැවීමටද මෙයට හැකියාව ඇති බව යටගම මහතා සඳහන් කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


යුරෝපයෙන් ආරම්භ වූ මෙය ඔස්ට්‍රේලියාවෙන් මුල් වරට වාර්තා වුයේ 2021 අගෝස්තු 04 වනදා බව ද ඔහු හෙළි කළේය.

ඒ අනුව පසුගිය සතිය වන විට ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධ පැමිණිලි 9,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩොලර් 10,000 කට ආසන්න මුදලක් ඔස්ට්‍රේලියානුවන්ගෙන් සොරකම් කර ඇති බවත් සඳහන්.

මේ වන විට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි ප්‍රාන්ත lockdown කර ඇති නිසා බොහෝ දෙනෙකු Online භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹී සිටියි.
මේ හේතුවෙන්ම දැන් දැන් මෙම Flubot scam කෙටි පණිවිඩ බොහෝ දුරට ලැබෙන්නට පටන් ගෙන ඇත්තේ "ඔබට පාර්සලයක් පැමිණ තිබේ, එය ලබාගැනීමට මෙම link එක click කරන්න." වැනි අන්තර්ගතයන් සමග බව මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා පැවසීය.

මෙම  Flubot scam එක වැඩි වශයෙන් බලපෑමක් එල්ල කරන්නේ Android දුරකතනවලට බැවින් මෙවැනි අන්දමේ සැකසහිත කෙටි පණිවිඩවල links click නොකර සිටීමට වග බලාගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
Flubot scam
Flubot scam SMS Source: SBS Sinhala

Flubot scam එකට දැනටමත් ඔබ හසුවී ඇතිද කියා දැනගැනීමට නම්

Flubot scam එක හරහා Voicemail නම් Malware App එකක් ඔබේ ජංගම දුරකථනයේ Install වෙයි.

ඉහත සඳහන් කළ link එකක් අඩංගු කෙටි පණිවිඩයක් ඔබේ දුරකතනයට පැමිණි වහාම එම Malware App එක Install නොවන බවත් එය Install වන්නේ අදාළ link එක click කළහොත් පමණක් බවත් සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා පැවසීය.
ඔබේ ජංගම දුරකතනයේ Voicemail නමින් App එකක් ඇත්දැයි search කර බලාගැනීමෙන් දැනටමත් ඔබේ ජංගම දුරකතනයේ Voicemail නම් Malware App එක install වී ඇත්දැයි සොයාගැනීමට හැකි බවත් ඔහු පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙයින් සිදුවන හානි

මෙම Flubot scam හරහා අදාළ Malware App එක install වූ පසුව පහත සඳහන් හානිකර දේවල් ඔබේ ජංගම දුරකතනය හරහා සිදුවන බව මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

  • ඔබේ ජංගම දුරකථනයේ Facebook, බැංකු ගිණුම් වැනි සෑම App එකකටම type කරන Username සහ Password සොරකම් කිරීම.
  • Identity theft එකකට නතුවීම.
  • ඔබේ ජංගම දුරකථනයෙන් ඔබ යවන ආකාරයට Flubot scam පණිවිඩ ඔබ save කර ඇති දුරකතන අංක ඇතුළු දහස් ගණනක් අංක වෙත යැවීම.
  • එහිදී තවත් කෙනෙකු scam කිරීමකට ලක් කළ බවට ඔබට චෝදනා එල්ලවීම.
Missed call or voicemail message scams affecting millions of Australians.
Source: AAP

මෙම Malware App එක ඉවත් කරගන්නේ කෙසේද?

මෙම Malware App එක සාමාන්‍ය App එකක් Uninstall කරන ආකාරයෙන් ජංගම දුරකතනයෙන් ඉවත් කළ නොහැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා සමග SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

මෙම Malware App එක ඉවත් කිරීමේදී යම් යම් කොටස් ඉතිරිකොට තබා ඉවත්වන බව ද ඔහු සඳහන් කළේය.

එනිසා මෙම Malware App එක පළපුරුදු IT වෘත්තිකයෙකු විසින් ඉවත් කළ යුතු වේ.
නැතිනම්, ලෝකයේ හොඳ සන්නාම නාමයකින් යුතු Mobile Antivirus Software එකක් install කර එය හරහා ඔබේ ජංගම දුරකතනය clean කිරීමත් සිදුකළ හැකි බව යටගම මහතා ප්‍රකාශ කළේය.

නමුත් ඊටත් වඩා විශ්වාසදායී ක්‍රමය නම් ජංගම දුරකතනය Factory Reset කිරීම බවත් නම්ජුත් එහිදී ඔබේ දත්ත සියල්ල මැකී යන බවත් ඔහු හෙළි කළේය.

Share
Published 7 September 2021 12:25pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends