මෙල්බර්න්, සිඩ්නි ජනගහනය අඩු වෙයි, ප්‍රාදේශීය කලාපවලට වැඩිපුර සංක්‍රමණ (SBS සිංහල/ වාර්තා)

ජනගහනය අඩුවීම දරුණුවටම බලපා ඇත්තේ මෙල්බර්න් නුවරට වන අතර එය 60,500 ක පහළ යාමකි.

People walk in front of the Sydney Opera House during windy weather in Sydney, Saturday, July 13, 2019. (AAP Image/Steven Saphore) NO ARCHIVING

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ජනගහනය පහත බැස ඇති බවත් ප්‍රාදේශීය කලාපවල ජනගහනය ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත මේ පිළිබඳ අනාවරණය කරයි.


Highlights

  • ජනගහනය අඩුවීම දරුණුවටම බලපා ඇත්තේ මෙල්බර්න් නුවරට වන අතර එය 60,500 ක පහළ යාමකි.
  • බ්‍රිස්බේන් නුවර ජනගහනය 21,900 වැඩිවී ඇති අතර ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩිපුරම ඉහළ ගිය නගරය ලෙස එය දැක්වේ.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ජනගහන වර්ධනය 70,900 කින් එනම් 0.9% කින් ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අඩු වැඩි වීම

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ජනගහනය 26,000 කින් පමණ පහත බැස ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස 0.1% ක් ලෙසත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

ශුද්ධ විදෙස් සංක්‍රමණ, රට තුළ දේශීය සංක්‍රමණ සහ ස්වභාවිකව ජනගහනය ඉහළ යාම යන සාධක තුන මත එය ගණනය කර ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

එහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ශුද්ධ විදෙස් සංක්‍රමණ 84,700 කින් අඩුවී ඇති බවත් දේශීය සංක්‍රමණ 49,200 කින් අඩුවී ඇති බවත් ස්වභාවිකව ජනගහනය ඉහළ යාම 107,900 කින් සිදුවී ඇති බවත් සඳහන්.

ජනගහනය අඩුවීම දරුණුවටම බලපා ඇත්තේ මෙල්බර්න් නුවරට වන අතර එය 60,500 ක පහළ යාමකි.

මේ අතර බ්‍රිස්බේන් නුවර ජනගහනය 21,900 වැඩිවී ඇති අතර ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩිපුරම ඉහළ ගිය නගරය ලෙස එය දැක්වේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ජනගහන වර්ධනය 70,900 කින් එනම් 0.9% කින් ඉහළ ගොස් තිබේ.
Australian Bureau of Statistics
Australian Bureau of Statistics Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නේවාසික ජනගහනයේ වෙනස් වීම

ජනගහනය ස්වභාවික වැඩිවීම සිඩ්නි නුවර ඉහළම අගයක් ගෙන ඇති අතර ඊට පසුව මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ පර්ත් යන නගර එම ලැයිස්තුවේ පවතී.

මේ අතර ශුද්ධ රට අභ්‍යන්තර සංක්‍රමණ පහළ යාම සිඩ්නි සහ මෙල්බර්න් හි ඉතා විශාල වූ අතර ශුද්ධ රට අභ්‍යන්තර සංක්‍රමණ ඉහළ නැගීම විශාලතම වූයේ බ්‍රිස්බේන් සහ පර්ත් නුවරවල බවද පැවසීය.සියලුම ප්‍රධාන නගර ශුද්ධ විදේශීය සංක්‍රමණවල පහත බැසීමක් අත්විඳින අතර එම අගය ඉහළම අගයක් ගත්තේ මෙල්බර්න් නුවර වන අතර බ්‍රිස්බේන්, සිඩ්නි සහ පර්ත් නගර ලයිස්තුවේ ඊළඟට පිළිවෙලින් සිටී.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ඇස්තමේන්තුගත නේවාසික ජනගහනයේ වෙනස් වීම පහත පරිදි වේ.
Population change in Major Australian Cities
Population change in Major Australian Cities Source: ABS

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Greater Sydney කලාපයේ පුද්ගලයන් 5,200 කින් (-0.1%) අඩු වී ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 26,800 (1.0%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Riverstone - Marsden Park (පුද්ගලයින් 7,400 ක වැඩිවීමක්
  • Cobbitty - Leppington (පුද්ගලයින් 5,400 ක වැඩිවීමක්)
  • Rouse Hill - Beaumont Hills (පුද්ගලයින් 4,300 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Riverstone - Marsden Park (18%)
  • Austral - Greendale (15%)
  • Cobbitty - Leppington (14%)

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තය

Greater Melbourne කලාපයේ පුද්ගලයන් 60,500 කින් (-1.2%) අඩු වී ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 15,700 (1.0%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Cranbourne East (පුද්ගලයින් 5,000 ක වැඩිවීමක්
  • Mickleham - Yuroke (පුද්ගලයින් 4,100 ක වැඩිවීමක්)
  • Rockbank - Mount Cottrell (පුද්ගලයින් 3,900 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Rockbank - Mount Cottrell (34%)
  • Mickleham - Yuroke (28%)
  • Wollert (18%)

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Greater Brisbane කලාපයේ පුද්ගලයන් 21,900 කින් (0.9%) ඉහළ ගොස් ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 24,100 (0.9%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Pimpama (පුද්ගලයින් 2,800 ක වැඩිවීමක්
  • Caloundra (පුද්ගලයින් 2,200 ක වැඩිවීමක්)
  • Ripley (පුද්ගලයින් 1,900 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Ripley (19%)
  • Pallara - Willawong (19%)
  • Pimpama (13%)
People living in the Australian capitals decreased and Regional Australia grew
Source: AAP

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Greater Adelaide කලාපයේ පුද්ගලයන් 1,900 කින් (0.1%) ඉහළ ගොස් ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 1,200 (0.3%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Munno Para West - Angle Vale (පුද්ගලයින් 1,100 ක වැඩිවීමක්)
  • Mount Barker (පුද්ගලයින් 880 ක වැඩිවීමක්)
  • Gawler (පුද්ගලයින් 440 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Munno Para West - Angle Vale (7.0%)
  • Virginia - Waterloo Corner (6.2%)
  • Mount Barker (4.3%)

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Greater Perth කලාපයේ පුද්ගලයන් 16,200 කින් (0.8%) ඉහළ ගොස් ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 1,900 (0.3%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Ellenbrook (පුද්ගලයින් 1,700 ක වැඩිවීමක්)
  • Baldivis (පුද්ගලයින් 1,500 ක වැඩිවීමක්)
  • Forrestdale - Harrisdale - Piara Waters (පුද්ගලයින් 1,500 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Casuarina - Wandi (8.4%)
  • Alkimos - Eglinton (8.2%)
  • North Coogee (6.7%)

ටස්මේනියා ප්‍රාන්තය

Greater Hobart කලාපයේ පුද්ගලයන් 330 කින් (-0.1%) පහළ ගොස් ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටස පුද්ගලයින් 1,100 (0.4%) කින් වැඩි වී තිබේ.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Rokeby (පුද්ගලයින් 310 ක වැඩිවීමක්)
  • Brighton - Pontville (පුද්ගලයින් 250 ක වැඩිවීමක්)
  • Howrah - Tranmere (පුද්ගලයින් 200 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Rokeby (4.5%)
  • Brighton - Pontville (4.1%)
  • Longford (3.6%)
People living in the Australian capitals decreased and Regional Australia grew
Source: AAP Image/Bianca De Marchi

Northern Territory

Greater Darwin කලාපයේ පුද්ගලයන් 330 කින් (-0.2%) පහළ ගොස් ඇති අතර ප්‍රාන්තයේ ඉතිරි කොටසෙහි වෙනසක් නොමැත.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති Northern Territory ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Palmerston (පුද්ගලයින් 670 ක වැඩිවීමක්)
  • Lyons (පුද්ගලයින් 200 ක වැඩිවීමක්)
  • Humpty Doo (පුද්ගලයින් 90 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති Northern Territory ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Palmerston (10%)
  • Lyons (3.0%)
  • Virginia (1.6%)

Australian Capital Territory

Australian Capital Territory හි වෙසෙන පුද්ගලයන් 400 කින් (0.1%) ඉහළ ගොස් ඇත.

විශාලතම ජනගහන වර්ධනයක් ඇති Australian Capital Territory ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.

  • Denman Prospect (පුද්ගලයින් 780 ක වැඩිවීමක්)
  • Lyons (පුද්ගලයින් 200 ක වැඩිවීමක්)
  • Taylor (පුද්ගලයින් 670 ක වැඩිවීමක්)
  • Throsby (පුද්ගලයින් 510 ක වැඩිවීමක්)
වැඩිම ජනගහන වර්ධන වේගයක් ඇති Australian Capital Territory ප්‍රදේශ ලෙස පහත ඒවා නම් කෙරේ.

  • Throsby (38%)
  • Greenway (11%)
  • Coombs (10%)


Share
Published 5 May 2022 2:24pm
By Madhura Seneviratne

Share this with family and friends