ඔස්ට්‍රේලියාවේ PR ගන්න වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා කළ යුතු Target Sectors මෙන්න (SBS සිංහල/ වාර්තා)

STEM (Science, Technology, Engineering, Math) කුසලතා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රවල සේවය කරන අයදුම්කරුවන් ට මේ සඳහා අයදුම් කළ හැකිය.

Flag of Australia on world map

Source: Kagenm/Getty

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන හෙවත් නිපුණතා වීසා වැඩසටහන මේ වන විට විවෘත කර තිබේ.

STEM (Science, Technology, Engineering, Math) කුසලතා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රවල සේවය කරන අයදුම්කරුවන් ට මේ සඳහා අයදුම් කළ හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙවර skilled visa nomination වැඩසටහන විසින් පහත සඳහන් වෘත්තීය ක්ෂේත්‍ර වල රැකියා කරන අයදුම්කරුවන් ඉලක්ක කරනු ලබයි.

Health හෙවත් සෞඛ්‍ය අංශය

වික්ටෝරියානුවාසීන්ට සෞඛ්‍ය සේවා සපයන වෘත්තිකයන්ගෙන් මෙන්ම සෞඛ්‍ය සේවා ආශ්‍රිතව අධ්‍යාපන හා පර්යේෂණ හා සංවර්ධනය සඳහා සම්බන්ධ වෘත්තිකයන්ගෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය සමන්විත වේ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවය කිරීම ලෙස සැලකීම සඳහා හෙද වෘත්තීය වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේම රැකියාවක නිරත වීමට අවශ්‍ය නොවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

උදාහරණයක් ලෙස, රෝහල් සඳහා වූ මෘදුකාංග සමග රාජකාරී කරන software developer හෙවත් මෘදුකාංග ඉංජිනේරුවෙකු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයෙකු ලෙස සැලකේ.

Medical research හෙවත් වෛද්‍ය පර්යේෂණ අංශය

මෙම ක්ෂේත්‍රය සඳහා විශ්ව විද්‍යාලවල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල සිදුකරනු ලබන වෛද්‍ය පර්යේෂණ අදාළ වේ.

ඊට අමතරව ඖෂධ සංවර්ධනය, සායනික අත්හදා බැලීම්, සෞඛ්‍ය නිෂ්පාදන, වෛද්‍ය උපකරණ සහ ඩිජිටල් සෞඛ්‍යය යන අංශ ද මේ ක්ෂේත්‍රය යටතට අයත් වේ.
A healthcare worker is seen handling a AstraZeneca covid19 vaccination inside of vaccination centre
Source: AAP

Life sciences අංශය

වික්ටෝරියානු ප්‍රාන්තයේ Life sciences අංශය වෛද්‍ය තාක්ෂණය, ජෛව තාක්‍ෂණය සහ ඖෂධ කර්මාන්ත යන කොටස් වලින් යුක්ත වන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව ආහාර සැකසුම්, nutraceuticals හා cosmeceuticals අංශවල නියැලී සිටින සමාගම්ද වික්ටෝරියානු ප්‍රාන්තයේ Life sciences අංශය යටතට ගැනෙන බව සඳහන්.

උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාලයක සේවය කරන ජෛව තාක්‍ෂණය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙම අංශයේ රාජකාරී කරන අයෙකු ලෙස සැලකේ.

ඩිජිටල් අංශය

වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථික වර්ධනය, ඵලදායිතාව සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් අංශය තාක්ෂණය හා නව්‍යකරණයන් භාවිතා කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි..

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා ඩිජිටල් අංශය යටතේ සලකා බලනු ලබන්නේ cyber security කුසලතාවන් සපිරි අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණක් බව ඔවුනු පවසයි.

cyber security කුසලතාවන් නොමැති නමුත් වෙනත් target sector එකක් යටතේ දස්කම් දක්වමින් රැකියා කරන ඩිජිටල් අංශයේ කුසලතා හිමි අයදුම්කරුවන්ට ද 190 වීසා සඳහා අයදුම් කළ හැකිය. වෛද්‍ය පර්යේෂණවල රාජකාරී කරන මෘදුකාංග ඉංජිනේරුවෙක් ඒ සඳහා උදාහරණයකි.

ඊට අමතරව ඩිජිටල් අංශය යටතේ වෙනත් ඕනෑම රැකියාවක් කරමින් සිටින අයදුම්කරුවන්ගේ අයදුම්පත් 491 වීසා සඳහා සලකා බලන බවද ඔවුන් පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

Agri-food හෙවත් කෘෂි ආහාර අංශය

ආහාර වර්ධනය හා නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන ඉහළ නිපුණතා ඇති පුද්ගලයින් මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ කෘෂි ආහාර අංශය නවීකරණය කිරීම මෙම අංශයට ඇතුළත්වේ.

ඉහත රාජකාරී වලදී සිදුකරන පර්යේෂණ සහ සංවර්ධන හෝ උසස් නිෂ්පාදන වලට සම්බන්ධ අයදුම්කරුවන්ට මෙම අංශය හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination සඳහා අයදුම් කළ හැකිය.
File photo models of a Boeing passenger airliner are displayed during the 12th China International Aviation and Aerospace Exhibition Nov. 6, 2018.
Source: AAP Image/AP Photo/Kin Cheung

Advanced manufacturing අංශය

මෙම අංශයට ආරක්ෂක සහ aerospace හෙවත් ගුවන් අභ්‍යවකාශ වැනි කර්මාන්ත ඇතුළත් වේ.

Advanced manufacturing අංශයේ රාජකාරී කරන අයෙකු ලෙස සැලකීමට නම්, ඔබ නව නිපයුම් වැඩි දියුණු කිරීම සඳහා ඔබේ STEMM (Science, Technology, Engineering, Math) කුසලතා භාවිතා කළ යුතුය.

තාක්‍ෂණය භාවිතයෙන් ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා පර්යේෂණ හා සංවර්ධනය, ඒවා සැලසුම් කිරීම, supply chain management වැනි ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් වේ.

New energy, emissions reduction සහ circular economy

clean energy, පුනර්ජනනීය බලශක්තිය, ජෛව ශක්තිය, කාබන් විමෝචනය නැවත්වීම සහ බලශක්තිය ගබඩා කිරීම වැනි කර්මාන්ත මෙම අංශයට ඇතුළත් වේ.

තමන්ගේ STEMM කුසලතා උපයෝගී කරගනිමින් අපද්‍රව්‍ය අවම කිරීම, පරිසර දූෂණය අවම කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහයන්ට සහාය වන අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

Share
Published 8 July 2021 12:16pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends