ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට ගොදුරුවන පුද්ගලයින් හට උපකාරක සේවා ලබාගත හැකි Helplines මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙම උපකාරක සේවා ලබාදෙන ආයතන ස්වේච්ඡා සේවා ආයතන නොව රජයට අයත් ආයතන බව සිඩ්නි නුවර ගෘහස්ත හිංසන Helpline උපදේශිකාවක් වන ජයන්තා අල්විස්හේවා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

What are the Domestic Violence Helpline services in Australia?

What are the Domestic Violence Helpline services in Australia? Source: AP

මේ ගෙවී යන මැයි මාසය ඔස්ට්‍රේලියාවේ ජාතික ගෘහස්ථ හා පවුල් හිංසනය වැළැක්වීමේ මාසය ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හෝ පවුල් හිංසනයට මුහුණ දෙන පුද්ගලයින්ට උපකාර ලබාගත හැකි Helpline සේවාවන් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • මෙවැනි Helpline එකකට කතා කළවිට ප්‍රථමයෙන්ම අදාළ තැනැත්තා කතා කිරීමට සුදුසු ආරක්ෂාකාරී පරිසරයක සිටිනවාද යන්න පිළිබඳ එම උපදේශකයින් තහවුරු කරගනී.
  • ගෘහස්ථ හිංසනය සඳහා උපකාරක සේවා ලබාගැනීමේ අරමුණින් Helpline සේවාවන්ට කතා කරන සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා එක සමාන නොවේ.
  • මෙම Helpline උපදේශිකාවන් යම් ආචාර ධර්ම පද්ධතියකට අනුව ඒවාට කතා කරන පුද්ගලයින් සමග කතා කළ යුතුවේ.

ගෘහස්ථ හිංසන Helpline සේවාවන් ක්‍රියාකරන අයුරු

ගෘහස්ථ හිංසනය නිසා යම් පුද්ගලයෙකු හට තම නිවසේ අනාරක්ෂිත බවක් දැනේනම් ඒ පිළිබඳ කා සමග හෝ කතා කිරීමට අවශ්‍ය නම් වසරේ දින 365 ම ඕනෑම වේලාවක විවෘත Domestic violence Crisis Line හෙවත් ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන පුද්ගලයින්ට උපකාර ලබාගත හැකි දුරකතන සේවාවක් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හෝ ටෙරිටරියකම ක්‍රියාත්මක වේ.

මෙම උපකාරක සේවා ලබාදෙන ආයතන ස්වේච්ඡා සේවා ආයතන නොව රජයට අයත් ආයතන බව සිඩ්නි නුවර ගෘහස්ත හිංසන Helpline උපදේශිකාවක් වන ජයන්තා අල්විස්හේවා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මෙවැනි Helpline එකකට කතා කළවිට ඔබට සහය ලබාදෙන්නේ පළපුරුදු සංවේදී කාන්තා උපදේශකවරියකි.
මෙවැනි Helpline එකකට කතා කළවිට ප්‍රථමයෙන්ම අදාළ තැනැත්තා කතා කිරීමට සුදුසු ආරක්ෂාකාරී පරිසරයක සිටිනවාද යන්න පිළිබඳ එම උපදේශකයින් තහවුරු කරගනී.

එසේ තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් අදාළ තැනැත්තා දුරකතන ඇමතුම ලබාගත් හේතුව පිළිබඳ විමසීම සිදුකිරීම ආරම්භ කරයි.

එසේ කිරීමට හේතුවක් ඇති බව ජයන්තා අල්විස්හේවා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

"ගෘහස්ථ හිංසනයට දිගු කාලයක් මුහුණ දෙන කාන්තාවක් අදාළ දුරකතන ඇමතුම ගන්නවානම් ඇය එදින කතා කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා." යනුවෙන් ඇය සඳහන් කළාය.

එම හේතු අතරට පහත හේතු ප්‍රධාන බව ජයන්තා අල්විස්හේවා මහත්මිය පැවසුවාය.

  • එය එම කාන්තාවට කතා කිරීමට ලැබුණු එකම අවස්ථාව වීමට හැකිය.
  • එම අවස්ථාවේ නිවසේ කවුරුවත් නොමැති විය හැකිය.
  • පෙර දින සිදුවූ සිදුවීමක් නිසා සිත කරදරයෙන් සිටිනවා විය හැකිය.
  • හිංසනය ඉවසුවා ඇති යනුවෙන් තීරණයක් ගත්තා විය හැකිය.
Discrimination
Source: Getty images

සෑම කෙනෙකුගේම අවශ්‍යතා එක සමාන නොවේ

ගෘහස්ථ හිංසනය සඳහා උපකාරක සේවා ලබාගැනීමේ අරමුණින් Helpline සේවාවන්ට කතා කරන සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා එක සමාන නොවන බව සිඩ්නි නුවර ගෘහස්ත හිංසන Helpline උපදේශිකාවක් වන ජයන්තා අල්විස්හේවා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ඇතැම් අයට ගෘහස්ථ හිංසනය යනු කුමක්ද කියා දැනගැනීමට අවශ්‍ය වීමට හකි අතර තවත් අයෙකු හට උපදේශනය පමණක් අවශ්‍ය විය හැකිය.

ඇතැම් අයට නිවස හැර ගියහොත් නැවතීමට ආරක්‍ෂිත ස්ථානයක් සොයාගත හැකි ආකාරය පිළිබඳ දැනගැනීමටත් අවශ්‍ය වේ.
මේ සම්බන්ධව ඇති නීතිමය උපදෙස් ලබාගැනීම තවත් අයෙකු හට අවශ්‍ය විය හැකිය.

එවැනි වෙලාවක එම අවශ්‍යතාව සපුරාදීම මෙවැනි Helpline එකක ප්‍රධානතම කාර්ය වේ.

නීති උපදෙස් පතා Helpline එකකට කතා කරන පුද්ගලයින්ට නීතිමය උපදෙස් දීමට Helpline වල සේවය කරන උපදෙශිකාවන්ට නොහැකි නිසා ඔවුන්ව එම නීති උපදෙස් ලබාගත හැකි ආයතන වලට සම්බන්ධ කරන බව ජයන්තා අල්විස්හේවා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අතර හදිසි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දීම සඳහා පෙර සූදානම් වීමකට Safety Plan එකක් නිර්මාණය කිරීමට සහය වීමද Helpline එකක කාර්යයක් වෙයි.

ගෘහස්ථ හිංසනය සම්බන්ධ උපදෙස් පමණක් ලබාගැනීමට අවශ්‍ය යට 1800 Respect අමතා ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව උපදේශනය ලබාගත හැකිය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


රහස්‍යභාවය රැකීම

ගෘහස්ත හිංසන Helpline සෑම එකක්ම ඒවාට කතා කරන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ඉතා ඉහළින්ම රකින බව සිඩ්නි නුවර ගෘහස්ත හිංසන Helpline උපදේශිකාවක් වන ජයන්තා අල්විස්හේවා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මෙම Helpline උපදේශිකාවන් යම් ආචාර ධර්ම පද්ධතියකට අනුව ඒවාට කතා කරන පුද්ගලයින් සමග කතා කළ යුතුවේ.

යම් අයෙකුගේ පුද්ගලික තොරතුරු අවශ්‍ය වන්නේ ඒ පුද්ගලයා Refugee එකකට යනවිටදී  හෝ තාවකාලික නවාතැනකට යනවිටදී  හෝ ගමන් පහසුකම් වැනි දෙයක් සූදානම් කිරීමට අවශ්‍ය විටදී බව අල්විස්හේවා මහත්මිය සඳහන් කළාය.

එම පුද්ගලයා පිළිබඳ යම් සටහනක් තබා ගැනීමට අවශ්‍ය නම් කිසිදු ආකාරයකට එය තුන්වැනි පාර්ශවයකට ලබා නොදෙන බව ද ඇය සඳහන් කළාය.

නමුත් අදාළ වින්දිතයාට සහන සැලසීම සඳහා වෙනත් ආයතනයකට එම තොරතුරු අවශ්‍ය නම් එම ආයතනවල අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව අදාළ තොරතුරු ලබාදෙන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාව පුරා සහ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල ඇති ගෘහස්ත හිංසන Helpline පහත වෙබ්යොමු හරහා ලබාගත හැකිය.


Share
Published 13 May 2021 2:19pm
By Madhura Seneviratne

Share this with family and friends