අගෝස්තු 10 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොරෝනා නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට වික්ටෝරියානු හිම කලාප වෙත යන පුද්ගලයින් අදාළ කලාපයට ඇතුළුවීමට පැය 72 ට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක විය යුතුය.

What are the new Covid restrictions in Victoria from 10 August?

Melbourne'da tam kapanmanın devam edip etmeyeceği önümüzdeki günlerde açıklanacak vaka sayılarına bağlı. Source: Daniel Pockett/Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයට දැනට පනවා ඇති lockdown නීති අගෝස්තු 09 මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප සඳහා පනවා තිබෙන lockdown කිරීම අගෝස්තු 09 මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ සමග වික්ටෝරියානු ප්‍රාන්තයට කොරෝනා නීති බලපාන අයුරු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එයි.


Highlights

  • අගෝස්තු 10 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල වැසියන්ට ඕනෑම හේතුවක් මත නිවසින් බැහැරව යා හැකිය.
  • නමුත් අවසර ලත් හේතුවක් නොමැතිව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සංචරණය කළ නොහැකිය.
  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown කිරීම තවමත් එලෙසම ක්‍රියාත්මකය.

අගෝස්තු 10 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප සඳහා පැනවෙන නව කොරෝනා නීති

  • ඕනෑම හේතුවක් මත නිවසින් බැහැරව යා හැකිය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ඕනෑම දුර ප්‍රමාණයක සංචරණය කළ හැකිය.
  • අවසර ලත් හේතුවක් නොමැතිව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සංචරණය කළ නොහැකිය.
  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පැමිණි විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා නීතිවලට අනුගත විය යුතුය.
  • හිම බැලීමට සහ හිම ක්‍රීඩා කිරීමට වික්ටෝරියානු හිම කලාප වෙත යන පුද්ගලයින් අදාළ කලාපයට ඇතුළුවීමට පැය 72 ට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක විය යුතුය.
  • නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳිය යුතුය.
Victoria: COVID-19 restrictions
Victorian Premier Daniel Andrews Source: AAP

නිවසට අමුත්තන් පැමිණීම සහ එළිමහනේ එක් රැස්වීම

  • සමීප සහකරු හෝ සහකාරිය හැර ඔබේ නිවසට අමුත්තන් ගෙන්වා ගැනීමට අවසර නැත. මෙහිදී තනි පුද්ගල බුබුල අදාළ වේ.
  • එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 10 කි.

රැකියා කටයුතු

  • ඔබට නිවසේ සිටම ඔබේ රැකියා කටයුතු කිරීමට හැකිනම් ඔබ ඊට අනුගතව කටයුතු කළ යුතුය.
  • සේවා ස්ථාන වල මුළු සේවක සංඛ්‍යාවෙන් 25% ක් හෝ පුද්ගලයින් 10 ක් හෝ සේවයට ගෙන්වා ගත හැකිය.

අවන්හල්, ආපන ශාලා සහ රූපලාවන්‍යාගාර

  • අසුන්ගෙන ආහාර පාන ගැනීම සඳහා පමණක් අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • උපරිම පාරිභෝගිකයින් 100 ක සීමාව යටතේ වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත ඒවා විවෘත කළ හැකිවේ.
  • වර්ග මීටර් 100 ට වඩා කුඩා ස්ථාන වලට උපරිම පාරිභෝගිකයින් 25 ක් පමණ ගෙන්වා ගත හැකිය.
  • රූපලාවන්‍යාගාර සහ පච්චා කෙටීමේ ස්ථාන ද විවෘත කළ හැකි අතර සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ විට මුව ආවරණ ඉවත් කළ හැකිය.
People are seen dining at the Wolf Cafe & Eatery in Altona North after it was announced as a tier 1 site by the government, in Melbourne, Thursday, August 5, 2021.
Source: AP Image/Daniel Pockett

පාසල් සහ අධ්‍යාපන කටයුතු

  • සිසුන් භාවිතා කරන භූමි ප්‍රමාණයන් හැර, වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත සියලුම සිසුන් සඳහා පාසල් තුළ ඉගෙනීම් කටයුතු ආරම්භ කෙරේ.
  • වයස අවුරුදු 12 සහ ඊට වඩා වැඩි ළමුන් සඳහා ගෘහස්ථව සහ එළිමහනේ මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • උසස් අධ්‍යාපන කටයුතු සහ පුහුණු පාඨ මාලාවන් යළි විවෘත කෙරේ.

මංගල සහ අවමංගල උත්සව

  • විවාහ වන යුවල සහ සාක්ෂිකරුවන් නොමැතිව විවාහ මංගල උත්සවයක් සඳහා උපරිම පුද්ගලයින් 50 කට සහභාගී විය හැකිය.
  • අවමංගල කටයුතු සංවිධානය කරන පිරිස හැර උපරිම අමුත්තන් 50 කට අවමංගල උත්සවයකට සහභාගී විය හැකිය.
  • වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත ආගමික වතාවත් සඳහා එක් රැස්විය හැකි නමුත් ගෘහස්ථව උපරිම පුද්ගලයින් 100 කටත් එළිමහනේ උපරිම පුද්ගලයින් 300 කටත් සීමා කෙරේ.
  • COVID මාෂල්වරයෙකු පත් කළ යුතුය.

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු

  • පුහුණුව සහ තරඟ කිරීම් ඇතුළුව සියලුම වයස් ඛාණ්ඩ සඳහා ප්‍රජා ක්‍රීඩාවන් ඇරඹිය හැකිය.
  • වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත පුහුණුවීමට හෝ තරඟ කිරීමට අවශ්‍ය අවම සහභාගිවන්නන් සංඛ්‍යාවකට පමණක් සහභාගී වීමට අවසර ඇත.
  • ප්‍රේක්ෂකයින්ට පැමිණීමට අවසර නැත.
  • වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය මත එළිමහනේ උපරිම පුද්ගලයින් 300 කටත් ගෘහස්ථව උපරිම පුද්ගලයින් 100 කටත් විනෝදාස්වාද සපයන ප්‍රසංග පැවැත්විය හැකිය.
  • මෙම ප්‍රසංග සඳහා COVID මාෂල්වරයෙකු පත් කළ යුතු අතර පැමිණෙන සියලුම අමුත්තන් Service Victoria app එක හරහා  තම පැමිණීම සලකුණු කරනවාද යන්න අධීක්ෂණය කළ යුතුය.

නිවාස වෙන්දේසි

  • ගෘහස්ථව සහ එළිමහනේ උපරිම පුද්ගලයින් 100 කට නිවාස වෙන්දේසි සඳහා අවසර ලැබේ.
  • පුද්ගලික හමුවීමක් වෙන් කරවාගෙන නිවාස පරීක්‍ෂා කිරීම සඳහා උපරිම 10 දෙනෙකුට අවසර දෙනු ලැබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown කිරීම තවමත් එලෙසම ක්‍රියාත්මක වන අතර මෙහි යම් සංශෝධනයක් ඇත්නම් ඒ බව අපි වහාම ඔබ වෙත ගෙන එන්නෙමු.

Share
Published 9 August 2021 6:52pm
By Madhura Seneviratne

Share this with family and friends