වික්ටෝරියා skilled visa nomination සඳහා ROI යොමු කිරීමට හැකි අවසන් දිනය මෙන්න

Australian visa application form - Getty

Empregadores ameaçaram estudantes de deportação depois que eles pediram por salários devidos Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා skilled visa nomination සඳහා ROI යොමු කිරීමට හැකි අවසන් දිනය අප්‍රේල් 29 දා බව වාර්තා වේ. ඒ පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා වන Registration of Interest (ROI) යොමු කිරීමට ඇති අවසන් දිනය අප්‍රේල් 29 බව වාර්තා වේ.

මේ පිළිබඳ වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා තෝරා ගැනීමට, ඔබ ප්‍රථමයෙන් Registration of Interest හෙවත් ROI එකක් ඉදිරිපත් කළ යුතුය.
  • වික්ටෝරියා skilled visa nomination සඳහා ROI යොමු කිරීමට හැකි අවසන් දිනය අප්‍රේල් 29 වේ.
  • ROI එකක් යොමු කළ පසු ඔබට එය යාවත්කාලීන කළ නොහැකි බව වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Registration of Interest හෙවත් ROI

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa nomination සඳහා තෝරා ගැනීමට, ඔබ ප්‍රථමයෙන් Registration of Interest හෙවත් ROI එකක් ඉදිරිපත් කළ යුතුය.

ඔබ ඔබේ ROI හි සපයන තොරතුරු වික්ටෝරියානු skilled වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔබව තෝරා ගන්නේද යන්න තීරණය කිරීමට උපකාර කරයි.

ROI යනු වික්ටෝරියානු skilled වීසා නාමයෝජනා සඳහා වන අයදුම්පතක් නොවන බව වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඔබ 2020/21 මුල්‍ය වර්ෂය සඳහා ROI එකක් ඉදිරිපත් කළේ නම්, ඔබව 2021/22 වසර සඳහා සලකා බැලීමට නව ROI එකක් ඉදිරිපත් කළ යුතුය.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ROI ඉදිරිපත් කළ යුතු නිශ්චිත කාල රාමු නොමැත.

2021 ජූලි 07 සිට 2022 අප්‍රේල් 29 තෙක් 2021/22 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ඔබට වික්ටෝරියානු skilled වීසා නාමයෝජනා සඳහා ROI ඉදිරිපත් කළ හැකිය.

ඔබගේ ROI එක ඔබ විසින් ඉවත් කර ගන්නා තෙක් හෝ එය තෝරා ගන්නා තෙක් හෝ මුල්‍ය වර්ෂය අවසන් වන තුරු හෝ තෝරා ගැනීම සඳහා වික්ටෝරියානු ආගමන කටයුතු පද්ධතියේ පවතිනු ඇත.
Victoria announced the last day for Victorian ROI submission
Source: AAP

ROI තෝරාගැනීම

STEMM කුසලතා ඉලක්ක අංශයක් භාවිතා කරමින් දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන සහ රැකියා කරන ඉහළ දක්ෂතා ඇති අයදුම්කරුවන්ගේ ROI මෙහිදී තෝරා ගන්නා බව වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔබ මෙම අවශ්‍යතා සපුරාලන්නේ නැතිනම්, ඔබව තෝරා ගැනීම සඳහා සලකා බලනු නොලබන අතර ROI එකක් ඉදිරිපත් නොකළ යුතුය.

අයදුම්කරුවන් තෝරා ගැනීමට වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පහත ක්‍රියාවන් සිදු කරයි.

  • තේරීම් සංචිතයෙන් සියලුම නුසුදුසු ROI ඉවත් කිරීම
  • සියලුම සුදුසුකම් ලත් ROI කියවීම. සුවිශේෂී දක්ෂතා විදහා දක්වන ROI තෝරා ගනු ලැබේ
  • EOI ලකුණු සංඛ්‍යාව අනුව එක් එක් ඉලක්ක අංශය තුළ ඉතිරිව ඇති සියලුම සුදුසුකම් ලත් ROI ශ්‍රේණිගත කර ඒ අනුව තෝරා ගැනීම.

ඉහළ ලකුණු සහිත ROI

  • ඉහළ ලකුණු සහිත ROI පහත සඳහන් අවස්ථා වලදී තෝරා නොගත හැකි බවද
  • අඩු ලකුණු සහිත ROI ඔවුන්ගේ අංශයට සුවිශේෂී දක්ෂතා සහ දායකත්වය පෙන්නුම් කරන විට හෝ
  • ඉහළ ලකුණු සහිත ROI ඉලක්ක අංශයක ක්‍රියා නොකිරීමට තීරණය කර තිබීම.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ROI යාවත්කාලීන කිරීම හා වෙනස් කිරීම

ROI එකක් යොමු කළ පසු ඔබට එය යාවත්කාලීන කළ නොහැකි බව වික්ටෝරියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ තත්වයන් වෙනස් වී ඇත්නම් හෝ ඔබ ඔබේ ROI හි වැරදි තොරතුරු ලබා දී ඇත්නම්, ඔබ Live in Melbourne පෝටලය භාවිතයෙන් ඔබේ යොමුකළ ROI එක ඉවත් කර නව ROI එකක් ඉදිරිපත් කළ යුතුය.
ඔබට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කළ හැක්කේ සක්‍රිය ROI එකක් පමණි.

ඔබට එක් එක් වීසා ඛාණ්ඩය සඳහා වෙන වෙනම ROI ඉදිරිපත් කළ නොහැක.

ඔබට අයදුම් කරන වීසා උප ඛාණ්ඩය වෙනස් කිරීමට අවශ්‍ය නම් දැනට පවතින ROI එක ඉවත් කර නව ROI එකක් ඉදිරිපත් කළ යුතුය.



Share